2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

නර්තනයයි කැපිලි ගොඩයි...

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

ජග්ගි, සිමි සහ නිම්මො කියන්නේ එකම කොලේජ් එකක් ඉගෙනගන්න කට්ටියක්. මේ හැමෝම නර්නතයේ යෙදෙන්න ගොඩාක් ප‍්‍රිය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ කට්ටිය නර්තන තරගාවලියකටත් ඉදිරිපත් වෙනවා. එයින් ජග්ගිට ඕන කරන්නේ පන්ජාබයේ නර්තන විශේෂයක් වෙන බන්ගරා කියන නැටුම් සම්ප‍්‍රදාය ලෝකයා හමුවට ගෙනියන්නයි. අන්ත‍ර්ජාතික තරගාවලියක් ජය ගන්න ඔය කිව්ව තුන දෙනා කරට කර සටන් වදිනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඉගෙනගන්නා කොලේජ් එකේ සිද්ධ වෙන එදිරිවාදිකම් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. මේ කතාව තියෙන හින්දි සිනමාපටයේ නම තමයි  බන්ගරා පා ලී. මේ කියන සිනමාපටය තිරගත වෙන්න තිබුණේ නොවැම්බර් මාසයේ වුණත් සිනමාපටයේ වැඩ නිමකරගන්න අපොහොසත් වුණු නිසා මේ බන්ගරා පා ලී කියන හින්දි සිනමාපටය තිරගතවෙන්නේ 2020 ජනවාරි 03 වැනිදා. 

ස්නේහා තවුරානී අධ්‍යක්ෂණය කර තියෙන බන්ගරා පා ලී කියන හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ රොනී ස්කෲවාලා. ධීරජ් රත්තාන් විසින් තිර රචනය කර තියෙන මේ සිනමාපටය කොමඩි ගනයට වැටෙනවා කියලා තමයි කියන්නේ. ධීරජ් රත්තාන්ගේ කතාවක් වෙන මේ සිනමාපටයේ තියෙන සුන්දර ගීත ජෑම් 8 සහ රිෂී රිෂ් විසින් සංගීතවත් කර තියෙන අතර මේ සිනමාපටයේ පසුබිම් සංගීතවත් කර තියෙන්නේ කේතන් සෝධා විසිනුයි. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ජග්ගී සිං, සිමී සහ නිම්මෝගේ චරිතයන්ට පණ පොවන කට්ටිය කවුද කියලයි. මුලින්ම සිමී ගැන කියලා ඉන්නම්කෝ.

1993 ඔක්තෝම්බර් 12 වැනිදා ලන්ඩන්වල ඉයලින් කියන ප‍්‍රදේශයේදී තමයි ඇය ඉපදිලා තියෙන්නේ. දැනට ඔහු ඉන්දියාවේ කර්නාටකවල බැන්ගලෝර්වල තමයි ජීවත් වෙන්නේ. වෘත්තියෙන් ඇය නිළියක්.
ඇය ලන්ඩන්වල ඉපදී ඉන්පස්සේ ගෝවේ නගරයට පදිංචියට අවිල්ලා 08 වැනි පන්තිය දක්වා ගෝවේවල මනෝවිකාස් ඉන්ග්ලිෂ් මීඩියම් හයි ස්කූල් එකෙන් ඉගෙනගෙන ඊට පස්සේ බැංගලෝර්වල බාල්ද්වින් ගිර්ල්ස් හයි ස්කූල් එකෙන් ඉගෙනගෙන ඉන් අනතුරුව බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් ෆැෂන් ඩිසයිනින් ගැන ඉගෙනගන්නවා. 2016 දී ඇය රන් ඇන්ටනී කියන සිනමපටයේ සියදිවි හානි කරගන්නා බෝම්බකාරියකගේ චරිතයක් නිරූපණය කරන්න එකතු වෙනවා. ඒක කණ්ණඩා සිනමාපටයක්. ඉන් අනතුරුව 2017 දී තෙළිඟු සිනමාපටයක් වන ආකාතායි අනාඝා සිනමාපටයේත් 2018 දී ක‍්‍රිෂ්නාර්ජුනා යුධාම් සිනමාපටයේ රියාගේ චරිතයටත් පණ පොවන ඇය 2019 දී ඒ. බී. සී. ඩී. අමෙරිකන්  බෝර්න් කන්ෆියුස්ඩ් දේසී කියන සිනමාපටයේ නේහාගෙ චරිතයටත් බන්ගරා පා ලී කියන මේ කියන සිනමාපටයේ සිමී හින්දී කියන චරිතයටත් පණ පොවනවා. ඇය නමින් රුක්ෂාර් ධිල්ලොන්.

 

දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමපටයේ ජග්ගී සිංගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. 1989 ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බායි නගරයේ ඉපදී තියෙන ඔහු ද ඉන්ටිටියුට් ඔෆ් චාර්ටඩ් අකවුන්ටන්ට්ස් ඔෆ් ඉන්ඩියා ආයතනයෙන් ගිණුම්කරණය ගැන වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙන අතර 2016 වසරේ පටන් ඔහු නළුවෙක් විදියට වෘත්තියේ නිරත වෙනවා.

ඔහු 2011 වසරේ තිරගත වුණු මයි ෆ්‍රෙන්ඩ් පින්ටෝ සහ 2014 වසරේ තිරගත වුණු ගුන්ඩේ කියන සිනමාපටවල සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. 2016 දී තිරගත වුණු සන්ෂයින් මියුසික් ටුවර්ස් සහ ට‍්‍රැවල්ස් කියන ඔහු රංගනයෙන් එකතු වුණ සිනමාපටය අසාර්ථක එකක් වුණා. ඉන් අනතුරුව 2018 දී 2018 තිරගත වුණු ස්පොර්ට්ස් ඩ‍්‍රාමා ගෝල්ඩ් කියන නාට්‍යයේ හොකී ක‍්‍රිඩකයෙක්ගේ චරිතයකට ඔහු පණ පොවන අතර එය සාරථක එකක් වෙනවා.
හින්දී සිනමාවේ නළුවෙක් වන විකී කෞශාල්ගේ සොහොයුරා වෙන ඔහු සටන් අධ්‍යක්ෂ ශාම් කෞශාල්ගේ පුතා වන සනී කෞශාල්. ඔහු තමයි මේ සිනමාපටයේ ජග්ගී සිංගේ චරිතයට පණ පොවන්නේ.

දැන් ඔබට කියන්න හදන්නේ නිම්මෝගේ චරිතයට පණ පොවන හැඩකාරිය ගැනයි. 1989 අප්‍රේල් 25 වැනිදා ඉපදිලා තියෙන ඇය 2013 වසරේ පටන් වෘත්තියෙන් නිළියක්, අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක් සහ වේදිකාවේ දක්ෂාතා පෙන්වන කෙනෙක් කියා තමයි සඳහන් වෙන්නේ. 2015 දී ස්ටුපිඩ් කියුපිඩ් හි ඉෂාන්විගේ චරිතයත් තවත් බොහෝ ටෙලි නාට්‍යවල සහ කෙටි සිනමාපටවල මෙන්ම ඩොකියුමන්ට්‍රිවලත් විවිධ චරිතයනුත් නිරූපණය කර තියෙනවා. සචින් පිල්ගාවුන්කර් සහ සුප‍්‍රියා පිල්ගවුන්කර්ගේ දියණිය ශ‍්‍රියා පිලගවුන්කාර් තමයි නිම්මෝගේ චරිතයට පණ පොවන්නේ.

ඔය කිව්ව තුන් දෙනාට අමතරව රවින්දර් පවර්, නයිලා ‍ෙග්‍ර්වල්, රධිකා බන්ගියා, බල‍්‍රාජ් සිං ඛෙහ‍්‍රා, හිමන්ශු ශගර්මා, මාර්ක් බෙනින්ග්ටන්, සුනිතා රාස්දාන් කියන අයත් විවිධ චරිතයන් හැඩ කරන්න මේ සිනමාපටයට එකතු වෙලා ඉන්නවා.
බන්ගරා පා ලී කියන මේ හින්දී සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන්හි ගේය පද ලියා තියෙන්නේ ශ්ලෝකේ ලාල්, සිද්ධාන්ත් කෞශාල්, මැන්ඩි ගිල් සහ අබාස් විසිනුයි.

 

► Translation — Chandana