2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පොල් කරූගේ රූ රැජිණ

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

අද අපි පොල් කරූගේ වැඩක් ගැන තමා Youtube Hit එකෙන් කතා කරන්න හිතුවේ. Youtube එකේ පොල් කරූ ගැන කවුද නොදන්නේ. පහුගිය දවසක පොල් කරූ කරපු රූ රැජින කියන වීඩියෝ එක Trending ඇවිල්ලා තිබ්බා. අපි කලින් මෙයාගේ වැඩ ගැන කතා කරලා තියෙනවා. මේ Video එක Trending List එකේ තිබුණ නිසා තමා අද අපි කතා කරන්න හිතුවේ. 

මේක මිනිත්තු 1යි තත්පර 27ක් වීඩියෝ එකක්. අපි නරඹන මොහොත වෙනකොට Views එක්ලක්ෂ දොළොස් දහසක් විතර තිබුණා. කරූගේ මෑත වීඩියෝ එකට ලැබුණු ප්‍රසාදය ඉහළයි. කතාව සරලව කියනවා නම්, කරූට සාත්තරයක් කියනවා Wife රූ රැජිනක් වෙනවා කියලා. ඊට පස්සේ කරූ වාහනයකට පනිනවා. එතකොට තමා මතක් වෙන්නේ බැඳලා නෑ කියලා.

ඉතින් අපි දන්න විදිහට කරූ තනිකඩ චරිතයක්. ඔහු facebook එකෙන් Hit නේ. පොල් කරූ ගැන කෙටියෙන් ආයේ මතක් කරනවා නම් පොල් කරූ Youtube Channel එක පටන් අරගෙන තියෙන්නේ 2017 වසරේ. Subscribe ලා එක්ලක්ෂ පනස් දහසක් වගේ දැනට ඉන්නවා. කොහොම වුණත් පොල් කරූ කියන්නේ අහිංසක ගැමියෙක්. ඔහුව මේ නිර්මාණවලට දායක කරගන්න අයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේම අපිට මතකයි කරෑගේ මුල්කාලේ වීඩියෝවලට වඩා නම් විශාල ඉදිරියක් දැන් තියෙනවා.

කරූගේ නිර්මාණයවලට ගොඩක් දෙනා ආදරය කරන්නේ ඔහුගේ වයසත් එක්ක. මේ වගේ වයසක චරිතයක් ජනප්‍රිය රැල්ල නියෝජනය කිරීම හරිම සුවිශේෂියි. ඒක ඕනෑම අයෙක්ට මේ රැල්ලේ දුවන්න පුළුවන් කියන්න අපූරු සාක්ෂියක්. ද්විත්ව චරිත නිරූපණය සාර්ථක කරගන්න කරූ උත්සාහ කරන බව අපිට මෑතක ඉඳන් පේන්න තියෙනවා. මේ නිර්මාණයෙන් නම් ඒ ගැන හරියටම කියන්න අමාරුයි.

අඩුපාඩු ගැන ඉතාම කෙටියෙන් තමා කියන්න තියෙන්නේ. කරෑගේ ගොඩක් නිර්මාණවලදී රංගනයට දෙබස්වලට විතරයි තැන දෙන්නේ. ඒකට ඔහුට දොස් කියන්න බෑ. ඒත් කැමරාකරණය සංස්කරණ තුළින් නිර්මාණක දෙයක් මතුවෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒක වර්ධනය කරගන්න පුළුවන්. නමුත් කරූගේ වීඩියෝ ප්‍රසිද්ධයි. කරූව නිවැරැදි මෙහෙයවීමකට අභ්‍යාසයකට එකතු කළොත් ඔහුගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න ඔහු වටා ඉන්න පිරිසට පුළුවන්. මොකද මේ ඔහුගේ සහජ හැකියාව. තව දෙයක් නිර්මාණයක කැමරාකරණය සංස්කරණ වගේ දේවල් කළොත් කරූ තවත් ඉස්සරහට යයි කියලා අපිට හිතෙනවා.

පරණ කතාවක් ආයේ අවසානයේදී මතක් කරනවා. පොල් කරූ කියන්නේ අහිංසක ගැමියෙක්. සමාජ මාධ්‍ය හරහා මතුවුණ වැඩිහිටි කලාකරුවෙක්. ඔහුගේ හැකියාව ඔප මට්ටම් කරලා ගත්තොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට කරූගෙන් වැඩක්ගන්න පුළුවන්. මේ වගේ අයට අත දෙන කාටත් අපේ ගෞරවය.

 

► Text - Nisal   /  Pic – Internet