හෂාන් අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න
මගේ නම හෂාන් ද සිල්වා. මගේ ගම කඩවත. හෂාන් ද සිල්වා කියන්නේ සංගීතයට ගොඩක් ආදරය කරන ඒ ආසාව නිසාම සංගීත ක්ෂේත්‍රයට ගොඩක් අමාරුවෙන් ආපු කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම සංගීතයට මම ගොඩක් ආස කළා. ඒත් ඒ වෙනුවෙන් යමක් කරගන්න වත්කමක් තිබුණේ නෑ.
හෂාන්ගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, අක්කලා දෙන්නයි විතරයි. මගේ තාත්තා මම වයස මාස දෙකේදීම අපිව දාලා ගියා. ඊටපස්සේ මගේ හැම දෙයක්ම හොයලා බලලා මගේ තාත්තා වුණේ මගේ මාමයි. ඇත්තටම මගේ මාමා මට දෙවියෙක් වගේ. මීට සති කිහිපයකට උඩදී මගේ මාමත් මට නැතිවුණා. ඒ නැතිවුණ පාළුව තාමත් මගේ හිතේ තියෙනවා. මාමා තමයි මගේ මේ ගමනට ලොකු හයියක් වුණේ.
පාසැලේදීත් හෂාන් සංගීතයට ඇළුම් කළාද?
ඔව්. මම ඉගෙනගත්තේ කඩවත රෝමානු කතෝලික විද්‍යලයේ. පුංචි කාලේ ඉඳන් මට ඕන වුණේ ජනප්‍රිය චරිතයක් වෙන්නයි. අදටත් ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා. ඉස්කෝලෙදිත් මම සංගීතය හැදෑරුවා. සංගීත කටයුතුවලට සහභාගී වුණා.
හෂාන්ගේ හීනයට ළඟා වෙන්න පුළුවන් වුණේ කොහොමද?
මම ගෙදර ඉඳිද්දි ගීත ලිව්වා. ඒ වගේ මම ලියපු මගේ මුල්ම ගීතය වුණේ කෙසේ කියන්නද මගේ ආදරේ කියන ගීතයයි. ඒක මගේ අතින්මයි ලියවුණේ. ඒ ගීතය ලියලා ඉවරවුණාට පස්සේ කොහොමහරි මම මේ ගීතය කරනවා කියලා මටම හිතුණා. සින්දුවක් ලියලා තිබ්බම ඒක නිර්මාණයක් බවට පරිවර්තනය වීම ලොකු අභියෝගයක්. ඒ වෙනුවේ විශාල දුකක් වින්දා. ඒ ආපු ගමනේදී මගේ අම්මයි, මාමයි ගොඩක් දුක් වින්දා. එයාලා විඳපු ඒ දුක මට විඳින්න නොදී මගේ හීනය කරා යන්නට ලොකු හයියක් වුණා. ඒ වගේම මගේ අක්කලා දෙන්නත්, මගේ මස්සිනාත් ලොකු හයියක් වුණා.
කෙසේ කියන්නද ගීතයට පස්සේ තවත් ගීත කිහිපයක් හෂාන් නිර්මාණය කළා නේද?
ඔව්. කෙසේ කියන්නද මගේ ආදරේ ගීතයට පස්සේ මම තනිවුණ හිත කියලා තවත් ගීතයක් නිර්මාණය කළා. මගේ මුල්ම ගීතයට ලැබුණු ප්‍රතිචාර නිසාම තමයි දෙවැනි ගීතයත් ඉතා ඉක්මනින් මගේ අතින් නිර්මාණය වුණේ. කෙසේ කියන්නද මගේ ආදරේ ගීතයට සමහරු මට බැන්නා මූට සින්දුවක් ලියන්නවත්, කියන්නවත් බැහැ කියලා. බොහෝ දෙනා මාව වට්ටන්න මට බැන්නා. මට මඩ ගැහුවා. මගේම ළඟින් හිටපු යාළුවො පවා මට මඩ ගැහුවා. මගේ ගීත මම යූටියුබ් හරහා තමයි ප්‍රචාරය කළේ. ඒකෙදිත් මට මඩ ප්‍රචාර ගොඩක් දැම්මා. හැබැයි ඒ එකකින්වත් මම වැටුණෙ නෑ. දෙවැනි සින්දුවත් කළා. ඊට මාස තුනකටත් පස්සේ සාපයක් වේවි ගීතයත් මම ගායනා කළා. ඒ ගීතය හරහා බොහෝ දෙනා මා ගැන හොයන්න පටන්ගත්තා.
මේ වනවිට හෂාන් යූටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා නේද?
ඔව්. මම හෂාන් බ්ලොක් නමින් යූටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා. පුංචි කාලේ ඉඳන් සමාජයේ යම්කිසි තැනක වරදක් සිදුවෙනවානම් ඒක පෙන්වලා දෙන්න ඕන කියන අදහස මගේ හිතේ තිබුණා. මට ඒ ගමන යන්න කවුරුවත් අත දුන්නෙ නම් නැහැ. මම විසින්ම ඒ දේ හොයාගත්තා. යූටියුබ් චැනල් එකෙන් මම මුලින්ම කෞෂිගේ වැඩසටහනක් තමයි කළේ. ඒකටත් බොහෝදෙනා මට බැන්නා. අපහාස කළා. හැබැයි බොහෝ දෙනා ඒ වැඩසටහන යූටියුබ් හරහා බලන්න පටන්ගත්තා. කෞෂිගේ වැඩසටහනෙන් පස්සේ ඉරුෂිගේ, කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ, මර්වින් සිල්වා ඇමැතිතුමාගේ, විශ්ව පෙරේරාගේ ඇතුළු කිහිපදෙනකුගේ වැඩසටහන් මේ වෙද්දි කරලා තියෙනවා.
ඔය වැඩසටහන් කරද්දි අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද?
මේ කිසිම වැඩසටහනකට ඔවුන්ව සම්බන්ධ කරගනිද්දි කිසිම කෙනෙක්ගෙන් මට උදවුවක් ලැබුණේ නෑ. ඔවුන්ව හඳුනන, මම හොඳින් හඳුනන කිහිපදෙනෙක්ගෙන් ඒ අයව මට සම්බන්ධ කරලා දෙන්න කියලා කිහිපවතාවක්ම ඉල්ලීම් කළාට ඒ කවුරුවත් මට උදව් කළේ නෑ. මාව ගණන් ගත්තෙ නෑ. ඒත් මම අධෛර්යමත් වුණේ නෑ. මමම ඒ අයට මැසේජ් යවලා තමයි ඒ අය මට ඔවුන්ගේ සහයෝගය ලබලා දුන්නේ. සමහරැ මුදල් ලබාගෙන තිබුණත් ඒ කිසිමකෙනෙක් මගෙන් එක රුපියලක්වත් නොගෙන මට උදවු කළා.
ඊළඟ ඉලක්කය මොකද්ද?
මගේ ඊළඟ ඉලක්කය මගේ අලුත්ම ගීතයයි. ඒක හඳුන්වන්නේ සත්තයි දෙවියන් පල්ලා කියලයි. ඒ වෙනුවෙන් මම විශාල මහන්සියක් ගන්නවා. මගේ මාමා ගැන මුළු ලංකාවටම කියන්න මට ඕනකමක් තියෙනවා. මේ ගීතය ඒකට හොඳම අවස්ථාවයි.
මගේ නම මැදින් නුඹේ නම කඩලා වෙන් කරපු
දෙදෙනෙක් නෙවෙයි එක්කෙනෙක් වූ දිනේ මතකද සුදූ
► Text -Dishani / Pic Internet