පිටිසරබද ගමක කබඩි ක‍්‍රීඩාවට දක්ෂ යුවතියක් ඉන්නවා. මේ දක්ෂ කෙල්ලට කබඩි ක‍්‍රීඩා කරද්දී බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනවා. ඔය අතරේ මෙන්න මේ කියන හැඩකාර කබඩි ක‍්‍රීඩිකාව තමන්ට හමුවෙන තමන්ට පණ වගේ ආදරය කරන කෙනෙක් එක්ක ආදරය කරලා විවාහ වෙනවා. දින සති මාස ගතවෙද්දී ඔවුන්ට පුතෙකුත් ලැබෙනවා. මේ කියන පුතාත් ටික ටික උස් මහත් වෙනවා. ඔය අතරේදි මොකක්ද සිදුවෙන්නේ කියලා දැන්ම කියන්න අපහසුයි. මොකද මේ කිව්ව කතාව තියෙන පන්ගා කියන හින්දී සිනමාපටය තිරගතවෙන්නේ 2020 ජනවාරී 24 වැනිදා.
පන්ගා හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ අශ්වින් අයියර් තිවාරී වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ විසිනුයි. පන්ගා හින්දී සිනමාපටය නිතේශ් තිවාරීගේ තිර රචනයක් වන අතර කතාව නිඛිල් මල්හෝත‍්‍රාගේ සහ අශ්වින් අයියර් තිවාරිගේ. පසුබිම් සංගීතය සන්චිත් බල්හාරා සහ අන්කිත් බල්හාරා විසින් සිදු කරලා තියෙන අතර ශන්කර් ඒශාන් ලෝයී කියන සංගීතවේදීන් ත‍්‍රිත්වය විසින් තමයි මේ සිනමාපටයෙ තියෙන ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන මේ හින්දී සිනමාපටයේ චරිතයන්ට පණ පොවන ඔබ අපි ආදරය කරන අය ගැනයි මේ කියන්න සූදානම.
පන්ගා හින්දී සිනමාපටයේ ප‍්‍රධාන චරිතය වන කබඩි ක‍්‍රීඩිකාවියගේ චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනමාපටවලින් ඔබ අපි දන්න ආදරය කරන හැඩකාරියයි.
2006 Gangster, Woh Lamhe (2006), Life in a... Metro (2007) Fashion (2008).,Raaz: The Mystery Continues (2009) Once Upon a Time in Mumbaai (2010), 2011 Tanu Weds Manu,2013 Krrish 3, Queen (2014) Tanu Weds Manu: Returns (2015), Manikarnika: The Queen of Jhansi (2019).,Shootout at Wadala (2013)
1987 මාර්තු 23 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ්හි භාම්බ්ලාවලදි ඉපදුණු ඇය 2006 වසරේ පටන් නිළියක් සහ සිනමාපට අධ්‍යක්ෂවරියක් විදහටත් වෘත්තියේ නියැලෙනවා. ඇය නැශනල් ෆිල්ම් අවෝර්ඩ් තුන් වරකුත් ෆිල්ම් ෆෙයාර් සම්මාන හතර වතාවකුත් තමන්ගේ නමට වෙන් කරගෙන තියෙන අතර ෆෝබ්ස් සඟරාවේ හය වතාවක් ජනප‍්‍රිය පුද්ගලයන් 100දෙනා අතරට තේරී තියෙනවා. ඇය නමින් කංගනා රනෝත්. ඇය තමයි මේ පන්ගා කියන හින්දී සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඇයගේ සැමියා විදිහට චරිතයට පණ පොවන්නේ කවුද කියලයි දැන් කියන්න හදන්නේ. 2011 වසරේ පටන් ගායකයෙක් සහ නළුවෙක් විදිහට සිනමා කර්මාන්තයේ වෘත්තීය ජීවිතයේ නියැලෙන අතර ඔහු ඉපදුණේ ජස්දීප් සිං ගිල් නමින්. ඔහු පන්ජාබ් සංගීතය සහ පන්ජාබ් සිනමාපටවල ජනප‍්‍රිය කෙනෙක්. ඔහු ඉපදිලා තියෙන්නේ පන්ජාබයේ ජන්දාලී ගම්මානය අහල පහල තියෙන ඛන්නා කියන පළාතේ. ඔහු අවුරුදු තුනක් ඔස්ටේ‍්‍රලියාවේ මෝටර් රථ හෝදන රැකියාවක තමයි මුලින්ම නිරතවෙලා තියෙන්නේ. ඔහු ජනප‍්‍රිය වෙලා තියෙන්නේ ජැස්සී ගිල් නමින් වන අතර මෙන්න මේ සිනමාපටවල ඔහු චරිතයන්ට පණ දීලා තියෙනවා.
Mr and Mrs 420, Dil Vil Pyar Vyar, Mundeyan Ton Bachke Rahin, Happy Phirr Bhag Jayegi 2018
කංගනා සහ ජැස්සීට අමතරව මෙන්න මේ අයත් පංගා හින්දි සිනමාපටය හැඩ කරන්න විවිධ චරිතයන්ට පණ දෙනවා. නීනා ගුප්තා, පන්කජ් ත‍්‍රිපාටී, රිචා චඩ්ඩා සහ මුකේශ් තිවාරී තමයි ඒ අය.
පන්ගා හින්දී සිනමාපටයේ තියෙන ගීතයන්හි ගේය පද රචනය කර තියෙන්නේ ජාවේද් අඛ්තර්.
2018 වසරේ රූගත කිරීම් ආරම්භ කළ පන්ගා හින්දී සිනමාපටය ඉන්දියාවේ පන්ජාබය, භෝපාල්, දිල්ලිය සහ කොල්කතාවල තමයි රූගත කිරීම් සිදු කර තියෙන්නේ.
මුම්බායි මිරර් පුවත් පත හා සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කන්ගනා මෙන්න මෙහම කියලා තියෙනවා.
‘‘අශ්වින් මාව හමුවෙලා සිනමාපටයේ කතාව පැහැදිලි කළාම මම සම්පූර්ණයෙන්ම හැඟීම්බර වුණා. මට මගේ පවුලේ අය දෙන සහාය මතක් වුණා. මගේ ඇස් තෙත් කරවන්න ඔහුට හැකිවුණා.
පළවෙනි වතාවට මට ජාතික මට්ටමේ කබඩි ක‍්‍රීඩාවක් වෙන්නත් පුළුවන් වුනා මේ සිනමාපටය හින්දා. මට අශ්වින් සහ ෆොක්ස් ස්ටාර් ටීම් එක භාර දුන්නු ඒ අභියෝගය මම සතුටෙන් භාරගත්තා,
ඒ වගේම මට කබඩි ක‍්‍රීඩිකාවක් විදිහට මාස දෙකක පුහුණුවකුත් ලැබුණා. මං ඒ චරිතයට සාධාරණයක් කරලද කියලා ඔබටම පන්ගා හින්දී සිනමාපටය නරඹලාම තීරණය කරන්න පුළුවන්.
► Text — Chandana