අද මේ කියන්න හදන කතාව සිද්ධ වෙන්නේ යුරෝපීය රටක. හිසට තලප්පාවක් බැඳගත්ත පුද්ගලයෙක් ගැන තමයි අද කතාව කියන්න පටන් ගන්නේ. ඔහුගේ නම හර්ප‍්‍රීත් සිං ලම්බා හෙවත් හැපී.
හැපී - හැම සිනමාපටයකම හීරෝ කෙනෙක් ඉන්නවා. ඒත් මේ සිනමාපටයේ හීරෝ මමනම් නෙවෙයි.
ඒත් ඔහුත් හැපී වගේම කෙනෙක්. ඔහුගේ නම හර්ෂ්වර්ධන් භාට් හෙවත් හර්දී.
මේ කතාවේ ඔය කිව්ව දෙන්නට අමතරව තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා ගැනත් කියන්න තියෙනවා. ඇය සුන්දර හැඩකාර කෙල්ලෙක්. එයාගේ නම හීර්. එයා ජීවිතය දකින්නේ මෙන්න මෙහෙමයි.
හීර් - තාත්තා ගැන දිවුරලා මම කියන්නේ මම ලව් ස්ටෝරීස්වලට ආදරෙයි ගොඩාක්.
සුදුපැහැති තලප්පාවක් හිසට බැඳන් ඉන්න මුහුණ පුරා රැවුල් කොට වවාගත්ත රතු පාට ෂර්ට් එකක් ඇඳගත් තරුණ හැපී මෙන්න මෙහෙම කියනවා.
හැපී - හදවත කියන්නේ උමතු දෙයක්. එය තේරුම් ගැනීම කරන්න නොහැකි දෙයක්.
හැපී සහ හර්දී දෙන්නම ආදරය කරන්නේ හීර්ට. තුන් කොන් ආදර කතාවක් ගැන කියවෙන මේ කිව්ව කතාව තියෙන හැපී හර්දී ඇන්ඩ් හීර් කියන හින්දී සිනමාපටය නරඹලා තමයි ඔයාට මේ කතාව ගැන දැනගන්න වෙන්නේ. මේ සිනමාපටය 2020 ජනවාරි 31 වැනිදා තිරගතවෙන අතර හැපී හර්දී ඇන්ඩ් හීර් කියන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රකා විසින් වන අතර දීපශිකා දේශ්මුඛ් සහ සබීතා මනක්චන්ද් තමයි එය නිෂ්පාදනය කරන්නේ. මේ සිනමාපටයේ හිතට දැනෙන දෙබස් ලියා තියෙන්නේ සෝනියා කපූර්. කතාවට හිමිකම් කියන්නේ හිමේෂ් රෙශාම්මියායි. 2015 අප්‍රේල් 15 වැනිදා රූගත කිරීම් ඇරඹූ මේ සිනමාපටය ග්ලාස්ගෝව්, එඩින්බර්ග් ස්ටර්ලින්, ස්කොට්ලන්තයේ ග‍්‍රීනොක් වගේ යුරෝපිය නගරවල තමයි රෑගතකිරීම් කරලා තියෙන්නේ. මේ සිනමාපටයේ චරිතයන්ට පණ දෙන ඔවුන් ගැනයි දැන් ඔබට කියන්නේ.
මුලින්ම හර්ප‍්‍රීත් සිං ලම්බා හෙවත් හැපී සහ හර්ශ්වර්ධන් භාට් හෙවත් හර්දීගේ චරිතයන්ට පණ පොවන ඔහු ගැන කියලා ඉන්නම්. ඔහු ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඔබට ඔහුව මතකයට නැගෙනවද කියලා බලන්නකෝ.
2016 Teraa Surroor,2014 The Xposé,2013A New Love Ishtory, 2012 Khiladi 786 -Mansukh Desai, 2010Kajraare-Rajeev Behl / Rocky Desai , 2009 Radio-RJ Vivan Shah, 2008 Karzzzz-Monty Oberoi; 2007 Aap Kaa Surroor -Himesh Reshammiya / “HR”1973
ජූලි 23 වැනිදා ඉන්දියාවේ ඉපදුණු ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්, කොම්පොසර් කෙනෙක්, ගායකයෙක්, ගීය පද රචකයෙක්, සිනමාපට නිෂ්පාදකයෙක් වගේම නළුවෙක් විදිහටත් හින්දි සිනමා කර්මාන්තයේ වෘත්තිය ජීවිතයේ නියලෙන කෙනෙක්. 1994 වසරේ පටන් හින්දි සිනමාව හා සම්බන්ධව වෘත්තීය ජීවිතයේ නියැලෙන ඔහු 1995 දී කෝමල් රෙශාම්මියා එක්ක විවාහ වෙලා 2017 දී ඇයගෙන් දික්කසාද වෙනවා. ඊටපස්සේ ඔහු 2018 වසරේදී සෝනියා කපූර් හා විවාහ වෙනවා. ඔහු ගුජරාතයේ මියුසික් කම්පෝසර් කෙනෙක් වන විපින් රෙශාම්මියා සහ මධූ රෙශාම්මියාගේ පුතණුවන් වන අතර, ඔහු නමින් හිමේෂ් රෙශාම්මියා. ඔහු තමයි මේ සිනමාපටයේ හැපී සහ හර්දී කියන ද්විත්ව චරිතයන්ට පණ පොවන්නේ. මෙන්න මේ ජනප‍්‍රිය ගීතවලට හිමිකම් කියන්නෙත් ඔහුමයි.
“Aashiq Banaya Aapne”, “Tera Suroor”, “Zara Jhoom Jhoom”, “Jhalak Dikhlaja”, “Andaz Apna Apna”, “Afsana”, “Shakalaka Boom Boom”, “Meri Awaargi”, “Hookah Bar”, “Chalao Na Naino Se”, “Tandoori Nights”.

දැන් ඔබට කියන්න හදන්නේ හීර්ගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. මේ ලස්සන කෙල්ල පංජාබ් මියුසික් වීඩියෝ බොහොමයක් හැඩ කරන්න එකතු වුණ කෙනෙක්. ඒ වගේම ඇය මලයාලම් සිනමාපටවලත්, තෙළිඟු සිනමාපටවලත්, පංජාබ් සිනමාපටවලත්, ඒ වගේම කහීන් හේ මේරා ප්‍යාර් කියන හින්දි සිනමාපටයේත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. 2012 වසරේ පටන් ඇය සිනමා නිළියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහටත් වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. 1990 සැප්තැම්බර් 10 වැනිදා ඉන්දියාවේ උත්තරාඛන්ඩ්වල හල්ද්වානීවල ඉපදී තියෙන ඇය නමින් සෝනියා මාන්. ඇය තමයි මේ සිනමාපටයේ අහීර්ගේ චරිතයට පණ පොවන්නේ. හිමේෂ් සහ සෝනියාට අමතරව මේ සිනමාපටය හැඩ කරන්න නරේෂ් සූරී, මන්මීත් සිං, දීප් මන්දීප්, අෂ්වින් ධාර්, සේජල් ශාහ්, තෘප්ති ඛාම්කර්, ඩේවිඩ් ශාව්, නස්සාර් අබ්දුල්ලාත් එකතු වෙලා තියෙනවා. මේ හින්දි සිනමාපටයේ තියෙන ගීත හිමේෂ් රෙශාම්මිය විසින් කම්පෝස් කරලා තියෙන අතර ගීය පද රචනය කර තියෙන්නේ විශාල් මිශ‍්‍රා, කුමාර්, ශබ්බීර් අහ්මඩ්, හිමේෂ් රෙශාම්මියා සහ ආර්යන් තිවාරි විසිනුයි. ඒ ගීය පදයන්ට පණ දෙන්න තමන්ගේ මන බඳින හඬ මුසු කර තියෙන්නේ හිමේෂ් රෙශාම්මියා, අර්ජිත් සිං, ශ‍්‍රියා ගෝශාල්, ජුබින් නෞටියාල්, හර්ශ්දීප් කෞර්, අසීස් කෞර්, නව‍්‍රාජ් හෑන්ස්, අනුෂා මානී, රානූ මොන්ඩාල් සහ රිතුරාජ් මොහාන්ටී විසින් වන අතර පදික වේදිකාවෙන් බොලිවුඩයට පැමිණි රානූ මොන්ඩාල්ව පළමුවෙන්ම ස්ටුඩියෝ එකකට එක්ක ඇවිත් ගීතයක් ගායනා කර සමාජ මාධ්‍යට මුදා හැරලා ඇයගේම ගීතයකට හිමිකම් කියවලා දුන්නේත් මෙන්න මේ සිනමාපටය රංගනයෙන් සහ සංගීතයෙන් හැඩ කරන හිමේශ් රෙෂාම්මියා කියන එකත් සඳහන් කරන්නම ඕන.
► Text — Chandana Waravitage