2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ගොන් ජෝක් නෑ Simple Travel

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

ලකයි සිකයි ගැන අපි මීට කාලෙකට කලින් YouTube Hit වලින් කතා කරලා තියෙනවා. YouTube ඇතුළේ හැම අතින්ම වැඩ දාන ඩබලක් කියලයි අපි එදා මෙයාලව හැඳින්වුවේ. ඉතින් අද අපි අද කතා කරන්නේ මේ දෙන්නා YouTube ඇතුළේ දාන තවත් අපූරු වැඩක් ගැනයි. 

Travel Thiyaduwa කියන්නෙ Lakai Sikai සාර්ථකව කරගෙන යන තවත් අලුත් YouTube Channel එකක්. Subscribe නම් තියෙන්නේ 25.1k වගේ ප්‍රමාණයක්. කොහොම වුණත් Travel චැනල් කිහිපයක්ම මේ වෙද්දී දේශීය වශයෙන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් ඒ අතරින් මේ Travel Thiyaduwa ට තියෙන්නේ වෙනස්ම හැඩයක්. අද අපි තෝරාගත්තේ Travel Thiyaduwa වේ තියෙන පසුගිය දවසක ලකයි සිකයි අම්බලන්ගොඩ ගිය ගමන ගැන තිබුණු වීඩියෝව. Views 22.2k වගේ ප්‍රමාණයක් තමා මේ වීඩියෝවට තිබුණේ. 

මේ Travel එක ඇතුළේ ගොඩක්ම මතුවෙන්නේ හාස්‍යය. අම්බලන්ගොඩ ගිහිල්ලා නාලා කාලා වෙස්මුහුණු කෞතුකාගාරය බලන්න ලකයි සිකයි යනවා. ගමන පුරාම විහිළු තහළු තමයි වැඩි. සාමාන්‍යයෙන් Travel Channel වල තියෙන සවිස්තරාත්මක බව Thiyaduwa වේ නැහැ. යම් යම් වැදගත් තොරතුරු කිහිපයක් ඔවුන් සංක්ෂිප්තව ඉදිරිපත් කරනවා. හැබැයි ලකයි සිකයි නෙවෙයි වැඩිපුර තොරතුරු කියන්නේ, ඔවුන්ට අතරමඟදී මුණගැහැණු චරිතයි. මේක ඇත්තටම වර්තමාන විනෝද චාරිකාවල ආකෘතියේ වැඩක්. රස්තියාදුවට Travel එකට කරපු වැඩක්. ඇඟට පතට බර අරගෙන කරපු වැඩක් කියලනම් පේන්නේ නැහැ.

අපි කතා කරන අම්බලන්ගොඩ Travel එකේ වීඩියෝව විනාඩි දොළහක් විතර වෙනවා. ඒ වගේ කාලයක් ඇතුළේ Travel Video එකක් කරනවා කියන්නේ ඇත්තටම අභියෝගයක්.  ඒ නිසා අපිට ලකයි සිකයි කරන වැඩේ ගැන අඩුපාඩු කියන්න අමාරුයි. ඒ කොහොම වුණත් ලකයි සිකයි ගොන් ජෝක් කියන Category එකට වැටෙන්නේ නැහැ. මේවායේ වෙනම බරක් තියෙනවා. සාමාන්‍ය පිටපතකින් සැලසුමක් ඇතිව ඔවුන් තමන්ගේ YouTube Channel එකේ කරන වීඩියෝවල තියෙන හාස්‍ය උත්පාදන හැකියාව, අව්‍යාජ බව Thiyaduwa ඔස්සේ නැවත නැවතත් ඔප්පු වෙනවා. 

මේ YouTube Channel එක පටන් අරගෙන තියෙන්නේ පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ. ඒ නිසා Views වගේම Subscribe ලබාගැනීම තවදුරටත් තියෙන්නේ මූලික අවස්ථාවේ. අලුත් අලුත් සංකල්ප මේ වැඩේට එකතු කරගත්තානම් හොඳයි කියලයි අපේ අදහස. කොහොම වුණත් තව පොඩි වෙනසක් එක්ක ඉදිරියට ගියොත් Trend Channel අතරත් දැවැන්තයෝ වෙන්න මේ දෙන්නට බැරි නැහැ. වීඩියෝකරණයත් මේ වැඩේදී උනන්දුවෙන් කළානම් තවත් අපූරුයි. කොහොම වුණත් දැනට හොඳ ආරම්භයක් කියන්න පුළුවන්. 

► Text - Nisal   /  Pic – Internet