උදිත්... මේ දිනවල කරන වැඩකටයුතු මොනවාද?
මේ දිනවල නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මම මගේ මානසික විද්‍යා සම්බන්ධව පාඩම් වැඩකටයුතුවලත් නිරත වෙනවා. එදිනෙදා ව්‍යායාම් කටයුතුත්, මාෂල් ආට් ක්ලාස් එකේ වැඩ කටයුතුත් ගෙදර වැඩකටයුතු එක්ක කාලය ගෙවිලා යනවා. කොහොමටත් මේ දවස්වල නම් වෙනදාට වඩා පොඩි විවේකයක් ලැබිලා තියෙනවා.
පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ ඉඳන්ම මට ඕන වුණේ හොඳට ඉගෙන ගන්නමයි. ඒවගේම හය වසර පන්තියේ ඉගෙන ගනිද්දී. “කවදා හරි නළුවෙක් වෙන්න ඕනේ... කියලා හිතුවා. ඇත්තටම ඒකට හේතුව වුණේ කවුද, මොකක්ද කියලා නම් මට තේරැණේ නැහැ. හැබැයි නළුවෙක් වෙන හීනය මට තිබුණා.
ඉගෙන ගත්තේ මොන පාසලේද?
මම පාසල දෙකක ඉගෙන ගත්තා. මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලයේනුත් පසුව සේනාධිකාරි ජාතික පාසලට ඇතුළත් වෙලා වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.
ළමා කාලේදී උදිත් මොන වගේ චරිතයක් ද?
ළමා කාලය හරි සුන්දරයි. පරිසරයත් එක්ක, ස්වභාව දහමත් එක්ක තමයි අපි ජීවත් වුණේ. නිතරම අපි ගනුදෙනු කළේ ස්වභාව දහමත් එක්කයි. ගස්වල ගෙඩි කෑවා. ඇති තරම් සෙල්ලම් කළා. ඒ කාලේ ආයේ මතක් කරද්දී ඇත්තටම දැනෙන්නේ පුදුම සතුටක්. අද දරුවන්ට ඒ ළමා කාලය ඒතරම්ම දැනෙන්නේ නැති තරම්.
පාසලේදීත් කලා කටයුතුවලට නැඹුරැකමක් තිබුණාද?
පාසලේදී කලා කටයුතුවලට නම් එහෙම ලොකු නැඹුරුවක් තිබුණේ නැහැ. මම පාසලේදී ක්‍රීඩා කටයුතු බොහෝමයක් කළා. ක්‍රීඩාවට තමයි මගේ වැඩි දක්ෂතා තිබුණේ. පාසලේදී වරක් ක්‍රීඩා නායකයා පවා වෙලා හිටියා. ඉතින් අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් නැඹුරු වුණු නිසාම තව බාහිර ක්‍රියාකාරකම්වලට නැඹුරුවෙනවාට තාත්තා එතරම් කැමති වුණේ නැහැ.
පාසලේ දක්ෂ ක්‍රීඩකයෙක් වුණු උදිත් කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම ගම්පල ඉඳන් රැකියාවකට කොළඹට ආවා. ඉතින් කොළඹ ඉද්දී මට පොඩි කාලේ ඉඳන්ම තිබුණු ආසාව තවත් වැඩි වුණා. මම මුලින්ම නිරෑපණ ශිල්පය පිළිබඳ ඉගෙන ගත්තා. ඊට පස්සේ රඟපෑමට අවශ්‍ය කරන හඬ පාලනය වගේ වැඩමුළුවලට සම්බන්ධ වෙලා කලාව පිළිබඳව අධ්‍යනය කරන්න පටන් ගත්තා. හැමදේම බොහෝම කැපවීමෙන් කළා. ඒ කැපවීම නිසාම ටික කාලයකින්ම කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
මුලින් උදිත් මිනිසුන් අතරට ගිය චරිතය මොකක්ද?
මට හිතෙන විදිහට ඒ “මල් දෙවැට ටෙලිනාට්‍යයේ තිවංක කියන චරිතයයි. ඒක මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර පිටපතක්. අධ්‍යක්ෂණය කළේ චන්දන ධර්මප්‍රියයි. නිෂ්පාදනය කළේ විරාජ් රත්නායකයි. “මල්දෙවැට ටෙලිනාට්‍යය කරද්දීත් මම තව නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලයි හිටියේ. නමුත් මාව ප්‍රේක්ෂකයන් අතරට ගියේ “මල්දෙවැට ටෙලිනාට්‍ය ඔස්සේ. ඒවගේම “තවදුරටත් ජීවිතේ කියන ටෙලිනාට්‍ය තුළිනුත් බොහෝ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට ලැබුණා.
උදිත්... කලාවට සම්බන්ධ වෙද්දීත් විවාහකයි?
ඔව්.. මම විවාහ වුණාට පස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයටත් කලාවටත් සම්බන්ධ වුණේ. මම විවාහ වුණේ මට අවුරුදු දහනවයේදීයි. දැන් අපිට දරැවන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ දුවලා දෙන්නයි, පුතායි. මගේ ලොකු දුව සංගීත විශාරදය හදාරනවා. නර්තනය කරනවා. පාසලේදී නාට්‍යකරණය හදාරනවා. දරුවනුත් කලාවට කැමතියි.
උදිත්ගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද?
හැමදාම තිබුණේ එකම බලාපොරොත්තුවයි. ඒ කාටවත් කරදරයක් නැතිව හොඳින් සතුටින් ජීවත් වීමයි. ඒක අදටත්, හෙටටත් මගේ තියෙන බලාපොරොත්තුව. මගේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන සියලු දේ කරන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ලොකු හීන දකින්නේ නැහැ. මගේ දරුවන්ට කලාවට සම්බන්ධ වෙන්නම කියලා කියන්නේ නැහැ. එයාලා එනවට මම කැමතියි. ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම මම හදලා දෙන්න උත්සහ කරනවා. මගේ තාත්තා, අම්මාවත් කලාවට සම්බන්ධ නොවී මම කලාවට එකතු වුණා. ඉතින් මගේ දරුවන්ට හැමදේටම මම ඉන්නවා. බලමු ඒ අය කැමති වුණොත් දවසක මේ කලාවට සම්බන්ධ වේවී.
► Text - Jayamali / Pic -Malaka