මේ ඉන්දියාවේ සීතල දේශගුණයක් තියෙන කශ්මීර්වල සිදුවීමක්. කශ්මීර් කියන්නේ මිහිපිට තියෙන දිව්‍යලෝකය කියලයි කියන්නේ. මේ ප‍්‍රදේශය පුරා නිල්වන් තුරුලතාවන්ගෙන් හැඩ වෙලා තියෙන්නේ. පළාතෙම සීතලට ඇඟේ හිරි ගඩු නංවමින් තමයි සීතල සුළං රැළි හමාගෙන යන්නේ. මේ කියන රමණීය පරිසරයේ පිහිටි ගමක තියෙන නිවසක ආලින්දයේ කඩවසම් තරුණයෙක් මේසයක් අසල තියෙන පුටුවක වාඩිවෙලා ඉන්නවා. ඔහු ගාවම ඔහුට තුරුලු වෙලා හැඩකාර තරුණියකුත් වාඩිවෙලා ඉන්නවා. ඔහුගෙ නම ශිව් කුමාර් ධර්. ඔහුගේ හැඩකාර බිරිඳගේ නම ශාන්ති ධර්.
ශිව් - කිසිත් නෑ කියන්නේ මට කිසිවක්ම නෑ කියන එකයි. ඒත් ඔයා ඉන්න නිසා මට හැමදේම තියෙනවා.
ශාන්තී - කවුද මගේ හැමදෙයක්ම වෙන්නේ?
ශිව් අර බලන්න ගින්නක්. ගමේ කාගේ හරි ගෙයක් ගිනි ගන්නවා. අර බලන්න ජනේලෙන්.
කාගේ ගේද ඒ ගිනි ගන්නේ?
ශිව් - මොනවා ගමේ ඔකොම ගෙවල් ගිනි ගන්නවා.
ශාන්තී - ශිව් කවුද අපේ ගෙදරටත් ගල් ගහනවා.
ශිව් - කවුද?
ශිව් එහෙම කෑ ගැහුවත් ශිව්ගේ ගෙදරටත් පැට්‍රෝල් බෝම්බයක් පිරිසක් විසින් ගහනවා. ඒ ගේත් ගමේ තියෙන අනිත් ගේවල් වගේම ගිනි ගන්නවා. ඒ අතරේ පහුවෙනිදා වනවිට ඒ පළාතේ ජීවිත් වුණ හැමෝම එක තැනකට එක් රැස් වෙලා. එතන සරණාගත කඳවුරක්. එතන තියෙන රූපවාහීනි යන්ත‍්‍රයක මේ වෙලාවේ ප‍්‍රවෘත්ති විකාශය වෙනවා.
කශ්මීර්වල දැඩි කළබලකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. දාස් ගාණක් මිනිස්සු මහපාරට බැස්සා. මිලිටරි එකෙන් පණ්ඩිත්වරුන්ගේ ගෙවල්වලට ගිනි තිව්වා කියලයි ඔවුන් පාරට බැහැලා උද්ඝෝෂණය කළේ.
කශ්මීර්වල පාළු තැනක තියෙන ගහක පෝස්ටරයක් අලවලා තියෙනවා. ඒකේ ගිනි අවියක ඡායාරූපයකුත් තියෙනවා. දිග ලෝගුවලින් සැරසුණු පුද්ගලයන් කීපදෙනෙක් වටවෙලා මේ දැන්වීම කියවමිනුයි ඉන්නේ.
මිනිහෙක් - මේ තියෙන්නේ කශ්මීර්වල ජනප‍්‍රියම පණ්ඩිත්වරුන්ගේ නාම ලේඛනය.
02 මිනිහා - මාසයක් ඇතුළත පණ්ඩිත්වරු කශ්මීර්වලින් පිට නොවුණොතින් වෙඩි තියනවා කියලයි මේකේ තියෙන්නේ.
ටික දවසක් ගතවෙනවා. දාස් ගාණක් මිනිස්සු සරණාගත කඳවුරුවලයි මේ වෙලාවේ කල් ගෙවන්නේ. ඒ අතරේ පාර්ලිමේන්තුවේ දෙපැත්ත බෙදීලා පක්ෂ විපක්ෂවල අය කෑමොර දීගන්නවා.
මිනිස්සු පෝලිම් ගස්සවලා යුද හමුදාවෙන් සරණාගතයන්ගේ තොරතුරු ලැයිස්තු ගත කරනවා. මේස අසල පුටුවලා ඒ රාජකාරී කරන පුද්ගලයන් ඉස්සරහට ශිව් සහ ශාන්ති එනවා.
ශාන්තී - කශ්මීර්වල අපිට ගොඩාක් ලස්සන ගෙයක් තිබුණා.
නිලධාරී - ඔය නිර්භීතකම් ඔයා කශ්මීර්වලදි පෙන්නන්නනෙ තිබුණේ. එහෙන් පැනලනේ අවේ ඔයගොල්ලෝ.
ලක්ෂ 04ක් ඉන්දියානු ජනතාව සරණාගතයන් බවට පත්වෙනවා. මැති ඇමතිවරු ඇවිල්ලා දෙළුම් ගෙඩිය ගාණේ සරණාගත කඳවුරුවල ඉන්න ජනතාවට බෙදනවා. ඒකත් මාධ්‍යවලට පෙන්නලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගන්න. මිනිස්සු පොරකමින් දෙළුම් ගෙඩිය ගාණේ ගන්න ආකාරය දිහා ශිව්ට තුරුලු වෙලා දුර ඉඳන් ශාන්තී බලාගෙන ඉන්නවා. දේශපාලකයන්ගේ බලපෑම මත හින්දු සහ මුස්ලිම් අය එකිනෙකාව මරාගන්න පටන්ගන්නවා.
ශිකාරා කියන්නේ ඒ ගැන කියැවෙන 2020 පෙබරවාරි 07 වැනිදා තිරගතවෙන හින්දි සිනමාපටයයි. ශිකාරා කියන්නේ ගොදුර කියන අර්ථයටයි. මේ ශිකාරා කියන හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය කරලා තියෙන්නෙත් එක්කෙනෙක් විසිනුයි. ඔහු ඔබ දන්න කියන කෙනෙක්. ඔහු තමයි මෙන්න මේ හින්දි සිනමාපට අපිට රහ බලන්න දුන්නේ.
Parinda, 1942: A Love Story, Eklavya: The Royal Guard,Munna Bhai M.B.B.S.,Lage Raho Munna Bhai, 3 Idiots, PK,Sanju, Ek Ladki Ko Dekha Toh Aisa Laga
1952 සැප්තැම්බර් 05 වැනිදා ඉන්දියාවේ ජම්මු කශ්මීර් ප‍්‍රාන්තයේ ශ්‍රී නගර්වල ඉපදුණු මේ පුද්ගලයා රචකයෙක්, නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක්, ගී පද රචකයෙක් වගේම නළුවෙක් විදිහටත් හින්දි සිනමාවේ තමන්ගේ අණසක පතුරැවාගෙන ඉන්න කෙනෙක්. රේනු සලූජා එක්ක විවාහ වෙලා හිටිය ඔහු ඇයගෙන් දික්කසාද වෙලා 1996දී අනුපමා චොප්රා එක්ක විවාහ වෙනවා.
සිනමා සම්මාන උළෙල බොහොමයකින් තමන්ගගේ නමට සම්මානයන් වෙන් කරගන්න සමත් වූ ඔහු වෙනින් කිසිවෙක් නෙවෙයි විධු විනෝද් චොප්රා. ඔහු තමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා නිෂ්පාදකයා සහ තිර රචකායාත්. තිර රචනය සඳහා ඔහුට රාහුල් පණ්ඩිතා සහ අභිජිත් ජෝශිත් සහය දීලා තියෙනවා. ශිකාරා හින්දි සිනමාපටයේ පසු තලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ඒ. ආර්. රහ්මාන් විසින් වන අතර දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිත දෙක හැඩ කරන සුන්දරිය හා කඩවසම් තරුණයා ගැනයි.
ශිව් කුමාර්ගේ චරිතයට පණ දෙන ඔහු ගැන මුලින්ම ඔබට කියලා ඉන්නම්. 1983 පෙබරවාරි 03 වැනිදා නෝර්වේවල ඔස්ලෝවල ඉපදිලා තියෙන ඔහු නෝර්වේ ජාතිකයෙක් වන අතර වෘත්තියෙන් නළුවෙක් සහ නර්තන ශිල්පියෙක් ද වෙනවා. 2006 වසරේ පටන් ඔහු වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. ඔහු නමින් ආදීල් ඛාන්. ආදීල් තමයි ශිව්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ශිව්ගේ බිරිඳ ශාන්තිගේ චරිතය හැඩ කරන ඇය ගැනයි. ඇය ඉපදුණේ පකිස්තානයේ පන්ජාබයට අයත් ප‍්‍රදේශයක් වන ඉස්ලාමාබාද්වලයි. 2011 වසරේ පටන් ඇය නිළියක් විදිහට වෘත්තියේ නියැලෙනවා. මෙන්න මේ නිර්මාණවලින් ඇය ඇයගේ දක්ෂතා පෙන්නලා තියෙනවා.
Eman in Khuda Aur Muhabbat (2011), Naina Syed in Laa (2014), Umm-e-Hani in Shayad, (2017) Maryam in Maryam Periera (2018). Dunno Y2... Life Is a Moment (2015) Abdullah: The Final Witness (2016)
2010 Yariyan,2011Khuda Aur Mohabbat, 2014Laa Naina Syed Farooq, 2016–2017 Khuda Aur Mohabbat 2, 2017Mushrik
ඇය පාකිස්තානයේ නිළියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසින් ද ප‍්‍රසිද්ධ කෙනෙක්. 1987 සැප්තැම්බර් 11 වැනිදා ඉපදිලා තියෙන ඇය අඩි 05යි අඟල් 7 උසයි. කළු පාට කෙස් කළඹකට හිමිකම් කියන ඇයගේ දෙනෙත් කළු පැහැතියි. කන්‍යා ලග්නය ඇයගේ ලග්නය වෙනවා. ඇය නමින් සාදියා ඛාන්. ඇය තමයි ශාන්තිගේ චරිතයට පණ පොවන්නේ.
මේ සිනමපටයේ තියෙන ගී පදවලට සප්ත ස්වරය මිශ‍්‍ර කරලා ඒවා හැඩ කරලා තියෙන්නේ වින්දේශ් ශනදිල්යා සහ අභය සොපොරි. ඉර්ශාද් කම්ලිගේ පන්හිඳෙන් ලියැවී තියෙන ගී පදයන්ට පණ දෙන්න තමන්ගේ හඬ මුසු කර තියෙන්නේ පපොන් සහ ශ‍්‍රද්ධා මිශ‍්‍රා.
► Text — Chandana