2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

තිත්ත ඇත්ත අනේ බොලා රහබලපල්ලා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ඒක රැල්ලක් නෙවෙයි කැරැල්ලක්... මයේ අම්මියෝ හැම රැල්ලක් ගැනම අපේ සුදාලා කීවේ ඔහොම. අන්තිමට රැල්ල කෙසේ වෙතත් වැඩේ කරන්න බල්ලෙක්වත් ඉතුරු වුණේ නෑ. දුක්ගන්න කාරි නෑ. එහෙම තමයි Trend කියන ඒවල හැටි. ඔන්න මචෝ Y Trend වලින් අද සිරා කතාවක් කියන්න යන්නේ. අහන් ඉන්න බැරිනම් කනේ ඇඟිලි ගහගන්න. බලන් ඉන්න බැරිනම් අහක බලාගන්න. අද කතාව Trend එකක් ගැන නෙවෙයි Trend වල ඇත්ත නැත්ත ගැන.

ආසන්න උදාහරණය පෙන්නලාම දෙසාබාන්නම්. මතකද අර විදී චිත්‍ර කලාව. Wall Art සීන් කෝන් එක. දැන් ලංකාව එලම චිත්‍රාගාරයක් මචෝ හැමතැනම චිත්‍ර. වීක්එන්ඩ් එකේ රස්තියාදු පාරක් දැම්මාම අපට තේරුම් ගියේ. පටන් ගත්ත චිත්‍ර කොච්චරක් නම් ඉවර කරලා නැද්ද කියලා. රැල්ල කැරැල්ලක් වෙන එක කෙසේ වෙතත් අද සමහර තැන්වල චිත්‍ර ටික ඇඳලා ඉවර කරන්න බල්ලෙක්වත් නෑ. දුක තමයි සමනලියේ.

අපි නිකන් බැහැලා හොයලා බැලුවා සීන් කෝන් එක Y Trend එකට ලියන්න හිතාගෙනම. ලැජ්ජයි ඈ... කොල්ලෝ කෙල්ලොන්ගේ පටන් ගත්ත කික් එක ටික දවසක් යද්දී නැතිවෙලා ගිහිල්ලා. එක Wall Art තිබ්බ පොට් එකක ඉස්සරහා කඩේ අන්කල් කෙනෙක් කිව්වේ මේ සීන් එක. මුලින් සූ ගාලා සෙනඟ හිටියාලූ. වැඩිපුර උන් නිකන්ලූ හිටියේ. සෙට් එකක් බැහැලා වැඩකළාලු. ටික දවසකින් නිකං හිටපු උන් එක එක නතර වුනාලු. අන්තිමට වැඩකරන උණුත් ටික ටික මඟහැරලා. අන්තිමට දවස් දෙකතුනකට ඉස්සෙල්ලා දෙතුන් තුන්දෙනෙක් ඇවිල්ලා කැරකිලා ගිහිල්ලා. ආයේ ආයේ ඉතින් බල්ලෙක්වත් ආවේ නෑලූ. අප්පට සිරි මෙතන තව චිත්‍ර තුනක් තියෙනවා බ්‍රෝ ඉවර කරන්න. තාප්පේ බාගයක් නිරුත්තර වෙලා වගේ බං.
ඔන්න මචන් දෙහිවලදී ගුවන් පාලමෙත් සීන් කෝන් එක අතරමඟ නතරවෙලා. තහනම් කරලාද දන්නේ නෑ. යන එනකොට දැක්කේ චාටර් ඈ.... තව ස්ටේෂන් කිහිපයකම බාගෙට ඇඳපුවා අපි දැක්කා. අලේ මන්දා අපි මොනවා කියන්නද කියලා. සුපිරි ඉවර කරපු වැඩ ගැන අගය කරන්නේ නැතිව කොට උඩ යන බඩු ගැන විවේචනය කරනවා කියලා සුදාලා හිතයි. ඒ වුණාට මේ කතාව නොකියා බෑ බං. මුලදී ටීවී චැනල් දේශපාලුවෝ උඩදාගෙන මේ සීන් එක පස්සේ ගියා මතකද? උන් ඔක්කොම කරේ Marketing සීන් එකක්. කොහෝ හරි කොල්ලො කෙල්ලෝ සෙට් එකක් බොක්කෙන් පටන් ගත්ත වැඩක් Trend කරලා උන් ලකුණු දා ගත්තා. සංදර්ශන පෙන්නුවා. අපි විසිල් ගැහැව්වා. එතකොට දැන් මෙයාලා කෝ...? දැන් මේ ඉවර නොකරපු චිත්‍ර ගැන කවුද වගකියන්නේ...?

පොඩ්ඩක් මතක් කරමුද පහුගිය කාලේ මේ චිත්‍ර ඇඳිල්ල ගැන අපේ මාධ්‍යයෙන් කිව්ව කතා. මේ එහෙම ලොකුම තැනකින් කිව්ව කතාවක් පොඩ්ඩක් බලන්න කෝ.... මේ දිනවල රටේ හැමතැනකම තාප්ප, බිත්ති වර්ණවත් සිතුවමින් හැඩවෙනවා. මේ නිසා කුණුකසළ ඉවත්වෙලා. නගරවලට පිරිසිදු වෙලා. අලුත් එළියක් වැටෙන්නට පටන්ගෙන. තාප්ප වර්ණවත් කිරීම ආණ්ඩුවේ නිල කටයුත්තක් නොවෙයි. තරුණ කණ්ඩායමක්, දෙකක් ස්වේච්ඡාවෙන් එක තැනක දෙකක පටන් ගත්තු වැඩක්. මේ තරුණ අය වෙන් වෙන්ව තම තමන්ගේ ප්‍රදේශ ලස්සන කරන්න චිත්‍ර ඇන්ඳත්, ඔවුන් හැමෝම අඳින්නේ එක චිත්‍රයක්. ඒ චිත්‍රයෙන් ලස්සන වන්නේ අපේ රට. මේ තමා අපේ රටම ලස්සන කරන ඒ සාමූහිකය. සුබ අනාගතයක් ගැන චිත්‍රවලින් ඉඟිකරනවා.
කොහොම ඒක සැර වැඩියිද මන්දා... හැබැයි ඔහොම එයා කියලා තිබ්බා. හැම හොඳ රැල්ලකම ස්වභාවය තමයි මේ හිමිහිට පටන් ගන්න දේ කොහේ හරි ඉන්න ගෝතයො ටිකක් පැනලා ස්පීඩ් කරනවා. රැල්ලක් නෙවෙයි කැරැල්ලක් කියනවා. අවශ්‍ය ලකුණු ටික දාගත්තම මැදින් පැනපු ගෝතපාලුවෝ ටික යන්න යනවා. පස්සේ සිරාවට වැඩේ කරපු උන්ට ඒක කරගෙන යන්න බැරිතරම් වැඩේ ලොකුවෙලා ස්පීඩ් වෙලා. අන්තිමට ටික දවසක් බලලා උනුත් සීන් එක අතහැරලා දානවා. අවසානයේ කැඳත් නෑ සැවුලත් නෑ බ්‍රෝ. මේ ස්වභාවය කොටින්ම කියනවා නම් මේ අපේ උන්ගේ හැටි... සිරාවට කියන්නේ, සමාජයේ යම් වෙනසක් කරන්න ඕනෑනම් රත්තරනේ ඒක හෙමිහිට පියවරෙන් පියවර වෙන්න ඕනා. මේ වගේ ගොන් විදිහට කරන්න යන්න එපා වස්තුවේ.

මචෝ චිත්‍ර සීන් එක එකම උදාහරණය නෙවෙයි. කාලයක් අපි වවලා රට නගන්න ගියා. ගෙවතු වගාව හැමෝම පටන් ගත්තා. රජයෙන් කට්ටිය ඇට දුන්නා. පට්ට Trend එකක් තිබ්බා.. මතකද? එතකොට දැන් ඒ ඇට පැලවෙලා ගෙඩි කන අය කීයෙන් කී දෙනෙක් ඉන්නවාද? තව සීන් එකක් අපේ කමට අපේ කෑම කන්න කාලයක් කට්ටිය හැදුවා... කෝ මොකක්ද වුණේ? තව කොච්චර දේවල් තියනවාද... පොඩ්ඩක් මතක්කරලා බලන්නකෝ... ඒවා හරියට සිද්ධවුණා නම් අද රට කොතැනද මචෝ. තේරුම්ගනින්... ගොඩක් හොඳ සංකල්ප මිනිසුන්ට පුරුදු කරන්න එකපාරට බෑ. ඒක හිමීට කරන්න ඕනෑ දෙයක්. අපේ ආරේ උන් හැමදාම අනාගත්තෙත් එකපාර හැමදේම කොරන්න ගිහිල්ලා කියලා සුදාලට හිතෙන්නේ නැද්ද?
චිත්‍ර රුල්ල ගැන කතාවට ආයේ අපි යමු සහෝ. මේ රැල්ල මෑත ඉතිහාසයේ ඇතිවුණු ඉතාම සාධනීය Trend එකක්. අපි මේ ගැන පහුගිය අවුරැද්දේ අන්තිම Y Trend එකෙන් කතා කළා... මේක නිවැරදිව මෙහෙයවන්න ඕනා කියලත් මතක් කළා. ආකල්පමය වෙනසකට මේ රැල්ල හරහා මඟ පාදාගන්න ආකාරය කතා කළා. නමුත් එදා තත්ත්වය ඛේදනීයයි සුන්දරා. ටොෆි කොළයක් බිම දාන්නේ නැති අහළ පහළ මිනිස්සුට කරදර වෙන විදිහට සින්දුවක් අහන්නේ නැති රටක් ගැන අපි මහ ලොකුවට කතා කරනවා නේද? අන්න ඒවා ක්‍රමවත්ව කෙරෙන ආකල්පමය පරිවර්තන. රටක් විදිහට අපිට ඕනා අන්න එහෙම වෙනසක් මචෝ.

මගේ පැංචෝට කියන්න අපි Y Trend වලින් එක එක ආතල් ගැන ඕනාතරම් කියලා ඇති... මෙහෙම සීන් ගැන අපි සාමන්‍යයෙන් කතා කරන්නේ නෑ. ආතල් කැඩුණා නම් සමාවෙන්න ඕනා යාළු. තිත්ත වුණත් ඇත්තත් පොඩ්ඩක් හරි රහ බලපල්ලා ඇඟට ගුණයි. අම්මපා කියන්නේ සත්තයි වස්තු... සත්තයි....

 

► Text - Nisal   /  Pic – Internet