2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සීතල මුර කපොල්ල අලගල්ල මහකන්ද

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

කාලෙකින් කන්දක් නගින්න බැරිවුණු හින්දා අපිට හිතුණා මේ සති අන්තයේ ඔයාලව කන්දක් නගින්න එක්ක යන්න. කොළඹ ඉඳන් නුවර පාරේ යද්දී පිළිමතලාව ඔරලෝසු කණුව කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්. ඔරලෝසු කණුව ළඟින් ඇතුළු පාර පොත්තපිටිය පාරයි. ඓතිහාසික දන්තුරේ සටන සිදුවූ දන්තුරේ පුරවරය පසුකර තමා පොත්තපිටියට යන්න තියෙන්නේ.

පොත්තපිටිය හන්දිය ළඟින් අලගල්ල කන්දට යන පාර වැටී තියෙනවා. කඳු නගින්න ආස කරන සංචාරකයන් වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් නඬ පිටින් මේ කන්ද තරණය කරන්න පැමිණෙනවා. ඈතට බලද්දී ළා රත්තරන් පාට හිරුඑළිය වැටිලා දිලිසෙන මේ මහා කන්ද උදෑසනදී මීදුම් සළු දවටාගෙන එන දර්ශනය ඇත්තටම හරිම චමත්කාරයි. කන්ද මුදුනට යන ගමන දෙපතුලට හුඟාක් වෙහෙසකර රිදුමක් දුන්නත් කන්ද මුදුනට නැග්ගාමනම් දෙන්නේ පුදුමාකාර සීතලක්. කන්ද මුදුනේ ඉඳන් බලද්දී අවට ගම්මාන වගේම කඳුපන්ති හරිම දර්ශනීය විදිහට ඇස ගැටෙනවා. අලගල්ල කන්දේ තියෙන ඓතිහාසික වටිනාකම තමා ඒ කාලේ යුද්ධ පවතිද්දී එය ආරක්ෂිත මුර කපොල්ලක් විදිහට භාවිත කිරීම. වතුර, සිසිල් පැන් වර්ග හා රසට උයපු බත් මුලක් බැඳගෙන තව පුංචි බඩගින්නකට හපන්න මොන මොනවාහරි අරන් ඔයාලත් වෙලාවක් තිබුණොත් අලගල්ල කන්ද නගින්න ගිහින් එන්න. 

 

► Text & Pic / Channa Kassapa