රන්වීර් එහෙම නැත්නම් රොනී ප‍්‍රතාප් සිංගේ සහෝදරයගේ නම අයාන් ප‍්‍රතාප් සිං. බාල කෙනා නිර්භීත දක්ෂ රළු කෙනෙක්. ඔහු නිතරම පාහේ මිනිසුන්ට පහරදෙන හින්දා ඒකෙන් මිනිසුන්ව බේරාගන්නේ ඔහුගේ වැඩිමහල් අයියා. බොහෝ වෙලාවට ඔවුන් දෙන්නාගේ පියා වන පොලිස් නිලධාරියා ප‍්‍රදේශවාසීන්ට පහරදෙන එක ගැන තමන්ගේ පුතාට නිතරම බැණවදිනවා. ටික කාලයක් ගතවෙද්දී මේ දෙන්නගේ පියා ජීවිතක්ෂයට පත්වෙනවා. වංචාකාරයෙක් විදියට ඉන්න එක පුතෙක් පියාගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න පොලීසියේ රැකියාව බාරගන්නවා. ටික කාලයක් ගතවෙනකොට ඔන්න හැඩකාරියකුත් මේගොල්ල අතරට එනවා. ඇයගේ නම මීරා නන්දන්. ඇය තමයි රන්වීර්ගේ පෙම්වතිය වෙන්නේ. අයාන්ගේ පෙම්වතිය වෙන්නේ සීමා නන්දන්. මේ අක්කාවයි නංගිවයි ආරක්ෂා කරන්නේ රාජ් නන්දන්.
මේ කතාවනම් බලන්න හිතෙන කතාවක් නේද? ඒත් කතාවේ ඉතුරු ටික දැනගන්නනම් තව ටික දවසක් අපිට බලාගෙන ඉන්න සිදුවෙනවා. 2020 මාර්තු 06 වැනිදාට තමයි මේ කතාව රුගත් බාඝී 03 කියන හින්දී සිනමාපටය තිරගත වෙන්නේ. අහ්මද් ඛාන් අධ්‍යක්ෂණය කරලා තියෙන බාඝී 03 හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සජිද් නදියාද්වලා. 2012 ජනවාරි 12 වැනිදා එන් ලින්ගුස්වාමී අධ්‍යක්ෂණය කරන ලද මාධවන්, ආර්යා, සමීරා රෙඩ්ඩී සහ අමලා පාවුල් රංගනයෙන් හැඩ කළ වෙට්ටායි කියන දමිළ සිනමාපටයේ නව නිෂ්පාදනයක් විදියට තමයි බාඝී 03 හින්දී සිනමාපටය නිපදවෙන්නේ. ෆර්හාද් සාම්ජී සහ හුසේන් දලාල් මේ සිනමාපටයේ කතාව ලියා තියෙනවා. දැන් ඔබට කියන්න හදන්නේ මෙන්න මේ සිනමාපටයේ චරිත හැඩ කරන්න එකතුවෙලා ඉන්න කට්ටිය ගැනයි.
රන්වීර් එහෙම නැත්නම් රොනී ප‍්‍රතාප් සිංගේ චරිතය හැඩ කරන ඔහු ගැන මුලින්ම කියලා ඉන්නම්. මෙන්න මේ සිනමාපට ගැන සඳහන් කළ ගමන් ඔහුගේ නම මතකයට නැගෙන්න ඕන.
Heropanti (2014), Baaghi (2016), Baaghi 2 (2018), War (2019), Student of the Year 2 (2019)
1990 මාර්තු 02 වැනිදා ඉන්දියාවේ ඉපදුණු මේ හාදයා 2014 වසරේ පටන් හින්දී සිනමාපටවල රඟපාන්න පටන් ගත්තා. ඔහු වෙන කිසිවෙක් නෙවෙයි ජනප‍්‍රිය හින්දී සිනමා නළු ජැකී ශ්‍රොෆ් සහ අයේශා ශ්‍රොෆ්ගේ පුතා ටයිගර් ශ්‍රොෆ්.
ඔහු තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ඔහුගේ ප්‍රේ මවන්තිය ගැනයි. මීරා නන්දන්ගේ චරිතයට පණ පොවන ඒ හැඩකාරිය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපට ගැන කිව්වනම් ඇයව ඇයට ආදරය කරන අයට අමතක වෙන්න විදියක් නැහැ.
Teen Patti (2010), Luv Ka The End (2011), Aashiqui 2 (2013), Haider (2014), Ek Villain (2014), ABCD 2 (2015), Baaghi (2016), Stree (2018), Saaho (2019), Chhichhore (2019)
1987 මාර්තු 03 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ ඉපදුණු ඇය 2010 වසරේ පටන් හින්දී සිනමාවේ විවිධ චරිතවලට පණ දෙමින් තමන්ගේ නාමය හින්දී සිනමාව මත ලියා තියෙනවා. ඇය නිළියක් විතරක් නෙවෙයි ගායිකාවක් විදිහටත් ඉන්දීය හින්දී සිනමා කර්මාන්තයේ ප‍්‍රසිද්ධියට පත්ව තියෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී හොඳම සිනමා නිළියට හිමි සම්මානයත් තමන්ගේ නමට වෙන් කරගෙන තියෙන මේ නිළිය වෙනින් කිසිවෙක් නෙවෙයි හින්දී සිනමාවේ ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් වන ශක්ති කපූර්ගේ දියණිය ශ‍්‍රද්ධා කපූර් බව අපි නොකිව්වත් දැන් ඔබ දන්නවා නේද? ඇය මන්ගේෂ්කර් සහ බර්මන් පවුල් දෙකෙන් හින්දී සිනමාවට ලැබුණු දායාදයක් කියලයි හින්දී සිනමාවට ආදරය කරන රසිකයින්නම් කියන්නෙ.
මීරා නන්දන්ගේ චරිතය ශ‍්‍රද්ධා කපූර් හැඩ කරද්දී ඇයගේ සොයුරියගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලත් කියන්නම ඕනනේ. ඇය ඉන්දියානු සිනමා නිළියක් වගේම ටෙලිනාට්‍ය ශිල්පිනියක්. මහාරාෂ්ටීය පවුලක කෙනෙක් වන ඇය 2006 වසරේදී සිනමාවට සම්බන්ධ වෙනවා. ඒ 2005 වසරේදී රංගනය ගැන වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමෙන් අනතුරුවයි. ඇය නමින් අන්කිතා ලෝකන්දේ. ඇය තමයි මේ සිනමාපටයේ සීමා නන්දන්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ටයිගර්ගේ සහෝදරයාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලින් අපිට දැකගන්න ලැබුණු දක්ෂ හාදයෙක්.
Tujhe Meri Kasam (2003), Masti (2004), Bardaasht (2004), Kya Kool Hai Hum (2005), Bluffmaster! (2005), Malamaal Weekly (2006), Heyy Babyy (2007), Dhamaal (2007), Double Dhamaal (2011), Ek Villain (2014), Housefull (2010), Housefull 2 (2012), Grand Masti (2013), Housefull 3 (2016), Total Dhamaal (2019), Housefull 4 (2019), Marjaavaan (2019)
1979 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ ලාටූර්වලදී ඉපදුණු ඔහු සිනමාපට නළුවෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, නිෂ්පාදකයෙක් සහ ආර්කිටෙක් කෙනෙක්ද වෙනවා. 2003 වසරේ පටන් සිනමා කර්මාන්තයේ නියැලෙන ඔහු ජනප‍්‍රිය හින්දී සහ දමිළ සිනමාපට නිළියක් වන ජෙනල්ලියා ඩී සූසා දේෂ්මුක්ගේ ස්වාමිපුරුෂයා, රිටේශ් දේෂ්මුක්. ඔහු තමයි අයාන් ප‍්‍රතාප් සිංගේ චරිතයට පණ පොවන්නේ. රිටේශ් දේෂ්මුක් මේ සිනමාපටයේ ටයිගර්ගේ අයියා විදියට රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඔහු පොලිස් නිලධාරියෙක් විදිහටයි රංගනයෙන් දායක වෙන්නේ
ඔය කිව්ව හතර දෙනාට අමතරව රාජ් නන්දන්ගේ චරිතයට අශුතෝෂ් රානාත්, සතිෂ් කෞෂික්, අඛිලේන්ද්‍ර මිශ‍්‍රා, චුන්කි පාන්ඩේ, නෝරා ෆටේහී, අන්නූ කපූර් කියන නළු නිළියන් පිරිසත් මේ සිනමාපටය හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා. බාඝී 03 හින්දී සිනමාපටයේ පසුබිම් සප්ත ස්වරයෙන් හැඩ කර තියෙන්නේ සන්දීප් ශිරෝද්කර්.
බාඝී 3 සිනමාපටයේ ෂූටින්වලට ටයිගර් ජයපූර් යනවා. ඒ වෙලාවේ එක සිදුවීමක් රෑගත කරන අතරතුර ටයිගර් වැටෙනවා. ඒ වෙලාවේ ඔහුගේ ෆෑන්ස්ලා ඔහුට ආදරය කරන නිසා ටයිගර් කිය කියා කෑගහනවා. ඔහු එයත් සෝෂල් වීඩියෝවල ෂෙයාර් කරලා තියෙනවා. ඒක වෛරසයක් වගේ පැතිරෙනවා. මේ සිනමාපටය හිට් කරන්න විදේශීය රටවලිනුත් නිෂ්පාදකයන් ප‍්‍රවර්ධන කටයුතු සඳහා පුද්ගලයන්ව ඉන්දියාවට ගෙන්වලා තියෙන බව තමයි ආරංචිය. විදේශීය රටවලින් ටයිගර්ට සටන් සඳහා උපදෙස් දෙන්න පිරිස ගෙන්වා තියෙනවා. ටයිගර් විසින් සටන් කරන ආකාරය දැකලා ඔවුනුත් පුදුමයට පත්වෙලා බලන් ඉඳලා තියෙනවා කියලත් ආරංචියි. සර්බියාවෙත් මේ සිනමාපටය රූගත කිරීම් කර තියෙනවා.
► Text — Chandana Waravitage