මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය වෙනුවෙන් රුපියල් ලක්ෂ හැත්තෑ පහක මුදලක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා එම රෝහලේ දී පැවැත්වුණා.
කීර්ති පැස්කුවල් කලාකරුවා මීට වසර කිහිපයකට උඩදී ප්‍රාර්ථනා නමින් ආරම්භ කළ අරමුදල මගින් පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වයෙන් එකතු කරගත් මෙම මුදල ඔහුගේ උපන් දිනය දා බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් පිරිනැමූ වූ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ගීත ගායනා කිරීමේ හැකියාව ඇති රෝගීන්ගේ ද එකතුවෙන් කීර්ති පැස්කුවල් මේ දිනයේදී සොඳුරු ගීතමය සැඳෑවක් නිර්මාණය කළ හැටිත් හරි අපූරුයි.
Pic l Sumudu Hewapathirana