අද අපි කතා කරන්නේ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් කරන වෙනස් විදිහේ YouTube Channel එකක් ගැන. නම Hamilton පටන් අරගෙන තියෙන්නේ 2018 දෙසැම්බර්. දැනට Subscribersලා තිස් දහසක් වගේ ඉන්නවා. Dare Challenge කියන Concept එක හරහා තමා මේ අය වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නේ. YouTube Hit කතාබහට අද අපි තෝරගත්තේ මෙයාලා කරපු "තාම ගුටිකෑවේ නෑ මිත්‍රවරුනී - Impossible Dare Challenge - Epi 6” කියන Video එක.
මේ කොල්ලෝ සෙට් එක කරන Dare Challenge ගැන මුලින්ම පොඩි අවබෝධයක් ලබා ගන්න ඕනෑ. ලංකාවේ මේක එච්චර ජනප්‍රිය නොවුණට ලෝකේ ජනප්‍රිය YouTube Concept එකක්. ඒ වගේම ටික් භයානක වැඩක්. මෙතැනදී වෙන්නේ. Dare Challenge කියන්නේ අවදානම් සහගත දෙයක් උත්සාහ කිරීමට ඔබ යමෙකුට අභියෝගයක්. නිර්භීත බව ඔප්පු කිරීමට බලපෑම් කිරීමක්. අපි මිතුරන්ට පුළුවන් නම් කරපං කියලා කියන එකත් අයිති වෙන්නේ මේ Dare Challenge වලට. Hamilton කොල්ලෝ සෙට් එකේ Dare Challenge ගැන දැන් අපි බලමු.
මේ Episode එකේ තියෙන්නේ මහ පාරේ යන එන ගමන් කොල්ලෝ එක එකාට දෙන Challenge. Video එකට Views පනස් දහසක් විතර තියනවා. විනාඩි හතළිහක් විතර කාලය පුරා වීඩියෝ එක ධාවනය වෙනවා. පාරට බැහලා සෙට් එකකුත් එක්ක තමා වැඩේ කරන්නේ. සෙට් එකේ ඉන්න හැම කෙනාටම Dare Challenge එකක් ලැබෙනවා. ඒවා මහා පිස්සු වැඩ. අවදානමක් එහෙමත් තියනවා. මේ අමුතු ගතිය තමා Hamilton ලාට ආකර්ෂණය ලැබෙන්න හේතුව. කොහොම වුණත් මේ වැඩේ ගැන විවේචන නැත්තේම නෑ. ලෝක මට්ටමේ Dare Challenge හින්දා සිද්ධ වුණු අනතුරු ගැන කතා කිහිපයක්ම තියනවා.
අපි මේ වීඩියෝ එකේ Challenge ටිකක් කියන්නම්. එතකොට මේ වැඩේ හොඳට අවබෝධ වෙයි. එකක් තමා හෙල්මට් එක දාගෙන කෑගහගෙන දුවගෙන ගිහිල්ලා ලයිට් කණුවක ඔළුව හප්පාගන්න එක. මෙතැන ටවුමේ සෙනඟ ඉන්න බස් හෝල්ට් එකක්. හැබැයි අභියෝගයක් බාර ගන්න සෙට් එක බල කරනවා. එතකොට වැඩේ කරන්නම වෙනවා. ඒ වගේම අනික් ඒවත් බල කිරීම් පිට ජනතාව ගැවසෙන තැන්වල වෙන්නේ. ප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක තියන ක්‍රිකට් මැච් එකක් මැද්දට දුවගෙන ගිල්ලා විකට් කූරූ ගලවලා දුවන එක. ලංකාවේ ප්‍රසිද්ධ තැනක අලංකාරය සඳහා හදලා තියන පොකුණට පනින එක. වැද්දෙක් වගේ කොළ අතු එල්ලගෙන නට නටා කහ ඉර මාරු වෙන එක. මේ Episode එකේ තියන Dare Challenge කිහිපයක් තමා මේ.
Mobile එකකින් තමා වීඩියෝ කිරීම වෙන්නේ. වීඩියෝකරණයේ නම් ප්‍රමිතියක් නෑ. පිස්සුවෙන් වගේ තමා සම්පූර්ණ වැඩේම සිද්ධ වෙන්නේ. පස්සේ Edit එකෙත් ලොකු දෙයක් වෙලා නෑ. නමුත් ඒ කාරණා ගැන හොඳ අවධානයක් යොමු කළොත් Hamilton සෙට් එකට මීඩ වඩා ආකර්ශණයක් දිනා ගන්න පුළුවන්.
► Text - Nisal / Pic – Internet