සර්ව භයංකාර Y Trend වර වර ඒෂ්වා.. පුහ්..! ඔන්න මයි පැංචලා පැංචිලා තැති ගන්න කාරි නෑ. විලි ලැජ්ජා වෙන්නත් කාරිනෑ. පහු ගිය අවුරුද්දේ කොල්ලෝ කුරැට්ටෝ වගයක් පිදුරංගල ගිහිල්ලා ඇසැබි පොටෝවක් ගහලා වෙච්ච සංගෙදිය මතකැයි. ඕං අවුරුද්දකට විතර පස්සේ අපි මේ කොලොප්පම ගැන අපූරු විස්තරක් හොයා ගත්තා. ඉතින් ඒ කතාව බොලල්ලාට තේරණ විදිහට මෙහෙම කියන්ඤං.
ගතානුගතිකත්වය පෙන්නීම ලෝක වේගෙන් ව්‍යාප්ත වන Travel Trend එකක් බ්‍රෝ. ලංකාවට මේක අලුත් දෙයක්. ඒ වුණාට ලෝකේ පුරා තරුණ සංචාරකයන් අතර මේක හරි වේගෙන් ව්‍යාප්ත වෙන Trend එකක් මචෝ. ආතල්ම සීන් එක කියන්නේ මේ වෙනුවෙන් My Naked Trip කියලා Web, Blog පවා හැදිලා තියෙනවා. ඒ වගේ සංවිධාන තියෙනවා. සුදාලාට කියන්න මේ සීන්කෝන් එකට මෙයාලා මාර අර්ත නිරෑපණ දෙනවා. අපි මුලින්ම කිව්වට ගතානුගතිකත්වයට එරෙහිව කරන දෙයක් කියලා සමහරු එහෙම කියන්නේ නෑ. ස්වභාවධර්මයට සමීප වීම, නිදහස වගේ දේවල් තමා ලින් එකේ ඉන්න කට්ටිය කියන්නේ.
ඔස්ට්‍රේලියාවේ මහචාර්යවරයක් කියලා තියෙන්නේ උස් කඳුමුදුන්වලට නැග්ගම සුන්දර නිදහස් තැන්වලට ගියාම දැනෙන නිදහස එක්කයි මේක කරන්න හිතේනේ. ඒක තාරුණ්‍යයේ සමහරැන්ට ඇතිවෙන මානසික තත්ත්වයක්ලු. මචෝ ඒකෙත් පොඩි ඇත්තක් තියනවා වගේ. ඒ වගේම මේ සීන් එක ගැන කළ අධ්‍යයනයකදී මෙහෙමත් කියලා තියෙනවා.
ලෝකේ සමහර රටවල අනිත් රටවල්වලට වඩා ගතානුගතික සංස්කෘතියක් තියෙන නිසා ඒවට යන සංචාරකයන්ගේ මේ හැසිරීම ස්වදේශිකයන්ගේ ගතානුගතික සංස්කෘතියට සහ නීති එක්ක ගැටිලා ඉස්සරහට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්ලු. ඉතින් ෆොන්තෝ ඔය වෙලා තියෙන්නේ අපේ සිරිලංකන් එකත් අපූරුවට.
ලංකාවට එන සංචාරකයෝ ගොඩක් මේ විදිහට ක්ෂණිකව නිරුවත් වෙලා ෆොටෝ අරන් Instagram දාලා තියෙනවා. ප්‍රසිද්ධ වෙරළවල්වල, කඳු මුදුන්වල ඒ අපි බොහෝම ගරු කරන තැන්වල. ඒක පට්ට Trend එකක්. ගොඩක් වෙලාවට මේ සීන් එක අපේ ඇස්වලට නිරාවරණය වෙන්නේ නෑ. මොකද සුදෝ සුද්දෝ දන්නවා ලංකාවේ උන් සීන් එකට කැමති නෑ කියලා. උන් ගේම ගහන්නේ හොරෙන්. අනිත් එක අපි උන්ගේ Social Media Account වල නෑනී. මේ පිස්සුව නිසා අමාරුවේ වැටුණු සංචාරකයෝ ඉන්නවා. හැබැයි අපි සමාන්‍ය සංචාරකයන්ට අවවාද කරනවා විතරයි පැංචෝ. නඩු දාන්නේ නෑනී. නමුත් ආසියාවේ අපේ රටවල් කිහිපයක් මේ සීන් එකට දරුණුවට විරුද්ධයි. එහෙ පට්ට කේස්.
2015 දී මැලේසියාවේ භූමිකම්පාවක් ආවා. ඒක සිද්ධ වුණේ කිනබලු කියන ප්‍රසිද්ධ කන්දට ගිය සංචාරකයො පිරිසක් ඇඳුම් නැතුව ෆොටෝ ගහපු නිසා කියලා ස්වදේශිකයෝ කියනවලු. කොහොමද ඒක? ඒ වගේම තමයි කාම්බෝජයේ ඇන්කොර් කියන උද්‍යානයත් මේ නේකඩ් ටුවරිස්ට්ලා අතර ජනප්‍රිය තැනක්ලු. නමුත් එහේ අයටත් මේ සීන් එක දිරවන්නේ නෑ. එහෙ තියෙන පන්සලක් ළග ඔය වගේ ෆොටෝ ගහපු කීපදෙනකුට දඩ කන්න වෙලා. අත්හිටවූ සිරදඬුවම් එහෙමත් දීලා. තායිලන්තය, හොංකොං තව ගොඩක් තැන්වලදි මේ වගේ නඩු වැටිලා තියෙනවා. නමුත් ලෝකේ පුරා පැතිරෙන මේ නිදහසේ රැල්ල නවතින පාටක් නෑ සුන්දරා.
මේ සීන් කෝන් එක හොඳටම තේරැම් ගන්න නම් නිරුවත් සංචාරකයෝ සඳහාම වෙන්වුණු Tourism ගැන පොඩ්ඩක් දැනගන්නම වෙනවා. මේ තැන තැන පොටෝ ගන්න Trend වගේ නෙවෙයි මචෝ ඒක වෙනම ව්‍යාපාරයක්. පට්ට ආදායමක් ලබන්න පුළුවන් සීන් එකක්. ලංකාවේ නම් නැහැ කියලා තමා කියන්නේ. ඒත් ඔන්න අපිට සහතික නම් දෙන්න බෑ සත්තරං. මොකද ගතානුගතික සංස්කෘතියක් තියන සුන්දර රටවල් මේ නිදහස්කාමී ස්වභාවධර්මවාදී සංචාරකයන්ගේ ඉලක්කයක්. ඔන්න සුදාලා කැමති නම් හොයලා බලන්න ලංකාවේත් මේවා තියනවා ද කියලා.
ඔන්න පහුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන්ගෙන් සියයට 8 ක් නිරුවතින් ඉන්න පුළුවන් සංචාරක ගමනාන්ත හොයාගෙන ගිහිල්ලා තියෙනවා. සීයට සීයක වර්ධනයක්ලු. කොහොමද ඒක? Natural Holidays කියලත් මේ සීන් කෝන් එකට කියනවා. එතකොට ග්‍රීක දූපත් කිහිපයක් ඒ වගේම කැරිබියන් දූපත් කිහිපයක්, ස්පාඤ්ඤයේ ප්‍රසිද්ධ වෙරළක් මේ සීන් එකට අතිශය ජනප්‍රියයි. ඒ වගේම ලෝකේ පුරා මේ සංචාරක ව්‍යාපාර වෙනුවෙන් විලා, Hotel එහෙම සෑහෙන්න තියෙනවා. ඒත් මේ Trend අද කොච්චර ව්‍යාප්ත වෙලාද කියනවා නම් වසරක කලින් මේ තැන් වෙන් කරවාගන්න වෙලා. මේක බිකිනි සංස්කෘතියේම වර්ධනීය අවස්ථාවක් කියලත් සමහරැ කියනවා මචෝ.
දැන් එතකොට ලංකාවේ මෙහෙම යන්න කැමති අය නැද්ද? ඔන්න සුදෝ නම් ගම්නම් කියන්න බෑ. ලොකු ව්‍යාපාරිකයෝ, දේශපාලකයෝ වගේම ප්‍රසිද්ධ කලාකරැවොත් මේ Trend එක ඇතුළේ ඉන්නවලු. හැබැයි යන යන තැන නිරුවත් ෆොටෝ ගහන පිස්සු නම් අපේ ගොඩක් දෙනෙක්ට නෑ. හැබැයි කාලයක් ගියාම ඒවත් එන්න බැරි නෑ මචෝ. ඔන්න අපි අනාවැකියක් කියනවා ඊළඟ අවුරුදු තුන හතර ඇතුළත ලංකාවේ Tourism වලින් නිරැවත් කේස් එක ලොකුවට ඇදෙනවා. මොකද සුද්දා එන්න එන්න සීන් එකට ඇඩික්ට් වෙනවනේ.
ඕං මයේ කොල්ලෝ කුරුට්ටන්ට කතාව අහවර වෙද්දී මේ ටික කියන්න ඕනෑ. අපි සංස්කෘතිය සභ්‍යත්වය තියන රටක් නොවෑ. නිරුවත අපිට අරුමයක්යෑ. අපේ කැටයම් බිතුසිතුවම්වල ඔයි ඕනෑ තරම් තියෙන්නේ. එව්වා කලාව. ඒත් නිරර්ථක මරි මෝඩ වැඩවලට බොලල්ලා හවුල් වෙනවා එහෙම නෙවෙයි. හිරි ඔත්තප්ප කියන්නේ ලෝක පාලක ධර්ම කියලා මතක තියා ගනිල්ලා.
► Text - Nisal / Pic – Internet