Youtube Hit වලින් අපි අද තෝරගන්නේ ලංකාවේ කාන්තා පාර්ශ්වය අතර බොහෝම ජනප්‍රිය Youtube Chanel එකක්. ලාංකික ඉවුම් පිහුම් කලාවේ මහගෙදර කියන තේමාව ඔස්සේ අරගෙන එන මේ චැනලයේ නම අපේ අම්මා. දෙදහස් දහසය වර්ෂයේ අප්‍රේල් මාසයේ තමා චැනල් එක පටන් අරගෙන තියෙන්නේ. දැනට Subscribers ලා නව ලක්ෂ තිස් හතර දහසක් වගේ ඉන්නවා. ඒ නිසාම අපේ අපේ අම්මා ලංකාවේ Youtube ඇතුළේ දැවැන්ත චැනලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගොඩක්ම මේ චැනලය Cookery Show එකක් විදිහටයි කා අතරත් ප්‍රසිද්ධ.
චැනලය විසින් කරලා තියන හැඳින්වීම අනුව අපේ අම්මා ලෙස ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය (I) කළ විශ්‍රාමික ගුරුවරියක්. හැටඑක් හැවිරිදි ඇගේ අවුරුදු හතළිස් නවයක ජීවන අත්දැකීම ඇසුරෙන් තමයි මේ ඉදිරිපත් කිරීම් සිද්ධ වෙන්නේ. ලංකාවේ වගේම විදේශ ආහාර පාන ගැනත් මෙතැනදී උනන්දුවක් තිබෙනවා. නමුත් දේශීය වගේම ඖෂධීය ගුණයක් තියන ආහාර පිසීමට වැඩි උනන්දුවක් පෙන්වනවා. ඒ රෝගවලට විශේෂ ආහාර සැකසීම පිළිබඳ කියැවෙන වීඩියෝවලට වැඩි ප්‍රේක්ෂක අවධානයක් තිබෙන බව අපිට නිරීක්ෂණය වුණා. ඒ වගේම ගැමි ආහාර සහ වියැකී යන දේශීය ආහාර සංස්කෘතික ගැන අපූරු දේවල් මෙහි අන්තර්ගත බව කිවයුතුමයි.
අපේ අම්මා චැනලයේ ලංකාවේ මේ මාදිලිය Youtube Chanel අතරින් අංක එකේ ඉන්නවා කියලා ඉතාම පැහැදිලි. දෛනිකව Video Upload කිරීම මෙහිදී සිද්ධවෙනවා. නිරන්තරයෙන් Views සාමාන්‍ය එක් වීඩියෝ 10K - 50k අතර පවතින අතරම ලක්ෂයක් සහ ලක්ෂ දෙකක් Views ලැබුණු වීඩියෝ මේ අතර තිබෙනවා. මේක බොහොම විශේෂිත තත්ත්වයක්. ලංකාවේ එදිනෙදා Update වෙන Youtube Chanel වලට මේ වගේ විශාල ප්‍රතිචාරක් ලබා ගැනීම පහසු නෑ. කොහොම වුණත් රූපවාහිනී මාධ්‍යයේ ප්‍රකට කුකරි ෂෝ වුණත් මෙතරම් ආකර්ෂණයක් පෙන්නුම් කරපු අවස්ථා විරලයි.
ලෝකයේ මේ මාදිලියේ Youtube Chanel රාශියක් තියෙනවා. සාපේක්ෂව ලංකාවේ අඩුයි. ඒත් අපේ අම්මා චැනල් එක ජාත්‍යන්තර Youtube Chanel වල නොදෙවෙනි මට්ටමක තිබීම හරිම විශේෂ දෙයක්. ඒ වගේම ලාංකියන්ව මනාව පිළිඹිබු වන චැනල් එකක්. විශේෂයෙන්ම ඉදිරිපත් කිරීම්වල තිබෙන සරල පැහැදිලි බව අගය කළ යුතුයි. වීඩියෝකරණය Graphic භාවිතයත් සැකකිය යුතු මට්ටමක තිබෙනවා. ඒත් මෙම චැනලයට තවදුරටත් ඒ අංශ දෙක දියුණු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද ජනප්‍රියත්වය රැක ගැනීමට මේ වගේ Youtube චැනල්වල නිරන්තර යම් යම් වෙනස්කම් සිදුකර ගතයුතු වෙනවා.
► Text - Nisal / Pic – Internet