මේ ඉරිදා ඔයත් එක්ක අපි යන්නේ නිස්කාන්සු සුවයෙන් ඉඳලා නාලා එන්න පුළුවන් තැනකට.
ඒ තැන තියෙන්නේ ඉංගිරිය ප්‍රදේශයේ. ඒ තමා නාච්චිමලේ. සීතල නිල් කැටේට දිලිසෙන වතුර ටික දැක්කම නාන්නෙ නැතුව හැරිලා එන්න කාටවත් හිතෙන්නෙ නෑ. බත් මුලක් එහෙම අරගෙන ගියොත් නාලා ගලක් උඩ දිගඇරගෙන කාලා එහෙම එන්න පුළුවන්. ඒත් නාච්චිමලේට ගියාම පරිසරයට ආදරය කරන කෙනකුගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්.
නාච්චිමලේ නාන්න ගිහිල්ලා කාලා, බීලා පරිසරයට එකතු කරපු බෝතල්, පොලිතින් විශාල ප්‍රමාණයක් ගං දෑල දෙපස දකින්න පුළුවන්. ඒ නිසා නාච්චිමලේට යන කාගෙන් වුණත් ඉල්ලන්නේ ඒ පරිසරය දැකලා විඳලා එන්න. ඒත් ඒ පරිසරයට හානි නොකරන්න.
► Text / Pic – Channa kassapa