2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

Desktop Publishing Team 2017 Champions

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

විජය පුවත්පත් සමාගමේ සහෝදරත්වය අගයමින් වාර්ෂිකව පැවැත්වෙන ඩී.ආර්. විජයවර්ධන අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 18 වැනි වරටත් පැවැත්වූයේ ඉකුත් දිනෙක රාජගිරිය ජනක රණවක ක්‍රීඩාංගණයේදීය.
එහිදී එක් එක් අංශ නියෝජනය කරමින් කණ්ඩායම් රුසක් තරග වැදුණු අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ Desktop Publishing (D.T.P) කණ්ඩායම සහ හෝකන්දර බී කණ්ඩායමයි. උද්වේගවත් තරගයකින් පසු ඩී.ආර්. විජයවර්ධන අභියෝගතා කුසලානය Desktop Publishing කණ්ඩායම විසින් දිනාගත් අතර තරගාවලියේ වීරයා කුසලානය තිළිණ මධුරංගටත්, අවසන් තරගයේ වීරයා කුසලානය සානක ප්‍රනීත්ටත්, දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලානය ඊ.ඒ.ආර්.එස්. ප්‍රසන්නටත් හිමිවිය.

ශූරතාවය දිනූ D.T.P කණ්ඩායමටත් අනුශූරතාවය දිනූ හෝකන්දර බී කණ්ඩායමටත් දේශය - හදසර සහෝදරත්වයේ සුබ පැතුම්!

 Pic - Romesh Dhanushka Silva