එක්තරා නිෂ්පාදන ආයතනයක් මගින් කුලී පදනම මත කැමරා ආම්පන්න හා අදාළ සේවක මඬුල්ලක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීම් සඳහා ලබාදෙන අතර, එම ආයතනයේ දැඩි විශ්වාසය රඳා පවතින්නේ එහි සේවකයන් තුළ ඇති විනයානුකූලභාවය නිසා.
එම ආයතනයේ කිසිදු සේවකයෙකුට රාජකාරී වේලාවන් තුළ බුලත් හැපීම හා දුම්පානය සපුරා තහනම්ය.
එහෙත් එක්තරා රූපගත කිරීමකදී එම ආයතනයේ එක් සේවකයෙක් බුලත් හපමින් අවට බුලත් කෙළ ගසා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණා.
පහුවදාම අදාළ සේවකයා කාර්යාලයට ගෙන්වා සාමාන්‍යාධිකාරීතුමා හමුවුණා.
අපේ උපදෙස්වලට පටහැනිව බුලත් සපමින් වැඩ කරලා තියෙන බවට අපට පැමිණිල්ලක් ලැබී තිබෙන නිසා ඔබව දින 7ක් අනිවාර්ය නිවාඩු යවනවා, සාමාන්‍යාධිකාරී කිව්වලු.
අනේ සර් ඒ නිවාඩු පඩි සහිතද පඩි රහිතද කියලා මට දැනගන්න පුළුවන්ද?
කළමනාකරුට මළ පැන්නලු.
අයිසෙ මට කියනවා, තමුසෙ බුලත් විට හැපුවෙ හුණු සහිතද? හුණු රහිතද?
දැන් ඕනෑම නිර්මාණයක හෝ ආයතනයක වේවා, සැබෑ දක්ෂයාට තැනක් ලැබෙන්නේ කලාතුරකින. බොහෝ වෙලාවට හරියන්නෙ පන්දම් අල්ලන, කේලම් කියන අයටමය.
ටෙලි නිර්මාණවලත් ඒවා පොදු සාධක බව මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න කට්ටිය දන්නවා ඇති. මුලින්ම එන්නෙ පොඩි කෑල්ලක් රඟපාන්නටයි. ඉන් පස්සෙ ක්‍රම ක්‍රමයෙන් නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂකවරයා සූක්ෂම ලෙස දැලේ දාගන්නවා.
ඉන් පස්සෙ ඒ නිර්මාණයේ වැඩි බලතලයක් තිබෙන තිරකතා රචකයා අල්ලගන්නවා. අන්තිමේදි එහෙම කරලා සංස්කරණ මැදිරියටත් රිංගන ඔවුන්, අනිත් අයව කපලා තමන්ගෙ චරිතය ඉස්මතු කරගන්නට මාර ගේමක් දෙනවලු.
මේකත් ඇස් කණ්ණාඩි කුට්ටමක් ගැන ළඟදි අහපු ලස්සන කතාවක්. පිටරට වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් ඔවුන්ගේ විදෙස් මිතුරන් කීපදෙනෙක් ලංකාව පුරා සංචාරය කළාලු.
එක දවසක් රාත්‍රිය ගත කරලා තියෙන්නෙ දඹුල්ල පැත්තෙ ප්‍රසිද්ධ ලේඛකයෙකුගෙ ගෙදරලු. ඉතිහාසය ගැන බොහෝ නොදත් දේවල් කට්ටිය මේ වයස්ගත ලේඛකයාගෙන් අසා දැනගෙන තියෙනවා.
ඒත් මේ ලේඛකයාගේ ලියන මේසය උඩ කණ්ණාඩි කුට්ටම් තිබීම කාටත් ප්‍රහේලිකාවක් වුණාලු.
මොහුගෙන් අහන්න බැරි නිසා කුස්සියේ වැඩ කරමින් හිටි එයාගෙ බිරියගෙන් මේ ගැන නඩේ කෙනෙක් ඇහුවලු.
ආහ්... ඒකද... එකක් දුර බලන්න. අනික කියවන්න...
එතකොට අනික...
අර දෙක තියපු තැන අමතක වුණාම, ඒක හොයන්න තමයි තුන්වෙනි කුට්ටම තියෙන්නෙ.
අද කලා ක්ෂේත්‍රයේ බොහෝ අයට තිබෙන්නේ කැපීපෙනෙන්නට තියෙන උණ. දේශපාලන ක්ෂේත්‍රයේද වර්තමාන තත්ත්වය එසේය. කලාවට දේශපාලනයත්, දේශපාලනයට කලාවත් අද නැතුවම බැරි අංග වෙලා තිබෙනවා.
මේ කතාව නම් සිද්ධවෙලා තියෙන්නෙ මීට වසර 40කට පෙරය.
එදා වැනීසියේ වෙළෙන්ඳෝ වේදිකා නාට්‍ය මුල්වරට වේදිකාගත වූ දිනයේදී ටිකට් පත් දෙකක් මිලදී ගෙන එය නැරඹීමට පැමිණ සිටියේ කෘතහස්ත දේශපාලන නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා හා ඔහුගේ බිරිය.
ඔවුන් සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අතර වාඩි වී සිටිනවා දැක නාට්‍යයේ නිෂ්පාදකවරයා ඒ දෙදෙනාට මුල් පෙළේ ආසන දෙකක් වෙන්කර ඔවුන්ට එහි එන්න ආරාධනා කළා.
ඒත් ඔවුන් උන් අසුනෙන් නැඟිට්ටේ නැහැ.
කළුතර පැත්තෙ රූගත කරන ටෙලිනාට්‍යයක සිදුවූ අපූරු ඇබැද්දියක් මේක. එක දවසක් රූ කෑමට කට්ටියටම ඉඳිආප්ප අවශ්‍යවෙලා.
ටවුමෙ කඩයක් තියෙනවලු රතු, සුදු ඉඳිආප්ප ඕනම තරමක් ගන්න පුළුවන්. හැබැයි පැයකට කලින්වත් ගිහින් ඇණවුම් භාරදෙන්න ඕනෙලු. ඔන්න කඩේ තියෙන තැන එහෙම හරියට අහගෙන ඉඳිආප්ප ගේන්න ගියේ නිෂ්පාදන කණ්ඩායමේ ටිකක් වයසක පහේ සේවකයෙක්. ටවුමට කිලෝමීටර් 10ක් වත් යන්න ඕනෙ. කඩේ ඉස්සරහ වීදුරුවේ %ඉඳිආප්ප ඕඩර් භාරගනු ලැබේ කියලා පොඩි බෝඩ් ලෑල්ලක් දාලා තියෙනවා කියලා එයාට කියලා තිබුණලු.
ටවුමට ආවායින් පස්සෙ තමයි මෙයාට මතක්වෙලා තියෙන්නෙ කණ්ණාඩි කුට්ටම දර්ශන තලයේ දාලා ආපු විත්තිය.
රෑ බෝවීගෙන එන නිසා මෙයාට මෙලෝ අකුරක් කියවගන්න බෑ. ඔන්න කට්ටිය කියපු හරියෙ ඒ වගේ කඩයක් දැක්කලු. පොඩි බෝඩ් ලෑල්ලකුත් ඉස්සරහින් තිබුණලු.
මෙයා ඉක්මනට ගිහින් ඇහුවලු %රතු 100යි සුදු 100 යි ගන්න පුළුවන්ද කියලා.
විටද? විටද? කඩේ මනුස්සයා ඇහුවලු.මෙයා ආපහු බෝඩ් ලෑල්ල ළඟටම ඇවිත් අමාරුවෙන් ඒක කියෙව්වලු.
බුලත් විට විකිණීමට තිබේ කියලලු තිබුණෙ.
අද විශේෂයෙන් ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිරතවෙලා ඉන්න කට්ටියට අර්බුද එක පිට එනවා. විවිධ හේතු නිසා ඒ කර්මාන්තයේ කඩා වැටීමක් පෙන්නුම් කළත්, ටෙලිනාට්‍යවලට දවසින් දවස අලුතින් එකතුවෙන අයගෙන් නම් කිසිම අඩුවක් නැහැලු.
මෑතක ඉඳන් බෝවෙලා තියෙනවා අලුත්ම වසංගතයක්. ඒ තමයි ටෙලිනාට්‍යවලට රඟපාන්න එන බෝතල් නළුවො.
තිරකතා රචකයාට, අධ්‍යක්ෂකට බෝතල් දීලා තමන්ට හොඳ චරිත, කැපීපෙනෙන චරිත ඉල්ලා ගන්නවලු. මේ අයට ගෙවීමක් කරන්න ඕන නැති නිසා නිෂ්පාදකවරුත් මේ වසංගතය නොපෙනෙන ගාණට ඉන්නවා කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නෙ.