නොවෙනස්ව ගලා යන ගඟ බලන්
ගංදෑල ලිහිණියෙක්
නන්නාඳුනන
කියයි කවියක්
මට
විතරක්ම ඇසෙන්නට
ඉපල් තුරු අග්ගිස්සේ
එකම එක සුබ නිමිත්තක්
ඉතිරි වී ඇත
නොපිපුණත් පුෂ්පයක්
පොහොට්ටුවක්
ඉපදෙන
නුඹට මට වරම් නැති
සංසාර ගමනකට
සුබ නැකත්
නුඹ සොයයි
ආගන්තුක ලිහිණියේ
ජීවිතේ වැහි දවස්
හරි බරයි
සුළඟ අරගෙන නොගිය
සුසුම් මත්තට වැටෙන
හෙමින් සැරේ තටු විහිදා
අසරණම ලිහිණියෙක්
ජීවිතේ තටු සොයන
saara