මෙවර අපේ සිංහල අලුත් අවුරුද්ද කෑම මේසය ටිකක් වෙනස් විදියේ කෑම මේසයක් කරමු. හැමදාම කැකුළු හාලේ කිරිබතක් හදපු අපි මෙවර අපේ කිරිබතත් ටිකක් වෙනස් විදිහට හදමු. මේක ටිකක් පැණි රස කිරිබතක් වේවී. ඒත්... ඉතින් පුංචි පැටව් ඉන්න ගෙයකට මේ කිරිබතනම් ඉස්තරම්. පබ්ලිස් මහත්තයාගේ රසබර කෑම වේලක් මෙවර සිංහල අලුත් අවුරුදු කෑම මේසයෙ තිබ්බොත්නම් හැමදාමත් කෑම මේසේ අවුරුදුම තමයි.
අවුරුදු කිරිබත
අවශ්‍ය දේවල්:-
අවශ්‍ය කරන දේවල්:-
කැකුළු හාල් ග්‍රෑම් 250යි.
කජු ග්‍රෑම් 50යි.
මී පැණි මේස හැඳි 02යි.
බටර් මේස හැඳි 1 ½යි.
එළඟි තෙල් මේස හැඳි 01යි.
වියළි මුද්දරස්පලම් ග්‍රෑම් 75යි.
පුහුල් දෝසි ග්‍රෑම් 50යි.
ඉඟුරු දෝසි ග්‍රෑම් 25 (ඔබ කැමැතිනම් පමණක් දමන්න.)
මිටිකිරි හැඳි කෝප්ප 01යි.
ලුණු ස්වල්පයක්.
සාදන ක්‍රමය:-
මුලින්ම පළතුරු වෙන වෙනම කුඩා කැබැලිවලට කපා ගන්න.
හාල් ටික හොඳින් සෝදා ගරා ළිපේ තබන්න. හොඳින් බෙරිවී තැම්බෙන ප්‍රමාණයට වතුර තබන්න.
හාල්වල වතුර හිදී ගෙන එනවිට පොඩියට කපාගත් කජු එක්කරන්න.
එයට මිටිකිරි හැඳි කොප්පය එක්කරන්න. (එයට ලුණු ස්වල්පයක් එක්කර දමන්න.)
එයට බටර්, එළඟි තෙල් එක්කරන්න.
ටික වෙලාවකින් කපාගත් පළතුරු එක්කරන්න.
මේ සියල්ල හොඳින් මිශ්‍රකර මඳ ගින්දරේ තබන්න.
කිරිබත හොඳින් පිසුණු පසු ළිපෙන් බා අවශ්‍ය හැඩයට කිරිබත කපාගන්න.
(මෙය සුජාතා සිටු දේවිය බුදු රජාණන් වහන්සේට පිළිගැන් වූ කිරිබතයි. මේ සිංහල අවුරැදු දින නිවෙසේ පිළියෙළ කර අවුරුද්දම වාසනාවන්ත කරගන්න.)
විශේෂ අවුරුදු බත
අවශ්‍ය දේවල්:-
සුදුහාල් ග්‍රෑම් 500.
බටර් මේස හැඳි 02.
සිහින්ව ලියාගත් කැරට් ග්‍රෑම් 50.
ලියාගත් ලීක්ස් ග්‍රෑම් 50.
කපාගත් සැල්දරි දඬු ග්‍රෑම් 50.
කපාගත් ගෝවා කොළ ග්‍රෑම් 50.
තලාගත් ඉඟුරු කැබැල්ලක්.
ලියාගත් ළූණු ගෙඩි දෙකක්.
අවශ්‍ය පමණට ලුණු.
කුකුල් මස් ග්‍රෑම් 200.
සාදන ක්‍රමය:-
එළවළු කුඩා කැබැලිවලට ලියාගන්න. ලියාගත් එළවළු වෙන වෙනම පසෙකින් තබාගන්න.
කුකුල් මස්ද කුඩා කැබැලිවලට කපා වෙනම තබාගන්න.
ඔබේ අවුරුදු මේසයෙ පසෙකින් විදුලි උදුනක් (රයිස් කුකර්) තබාගන්න. ඒ අසල කොත්තු ගැසීමට ගන්නා තැටියක්ද තබාගන්න.
බත කැටි ඉවත් කරගන්න.
තලාගත් සුදුළූණු, ඉඟුරුද ළංකරන්න.
තෙල් මේස හැන්දක් පමණ තැටියට දමා රත්කරන්න. එයට කහ සහ ලුණු මිශ්‍රකරගත් කුකුල් මස් එක්කරන්න.
තලාගත් සුදුළූණු, ඉඟුරු, ළූණු එක්කරන්න.
ටික වේලාවකින් කපාගත් එළවළුද එක්කරන්න.
අවසානයේදී බත්ටික එකතු කර කොත්තු ගසනා ආකාරයට හොඳින් කලවම් කරගන්න. (කොත්තුව හදනා ආකාරයට ගසාගන්න)
පොලොස් ඩෙවල්
අවශ්‍ය දේවල්:-
කුඩා ප්‍රමාණයේ පොලොස් ගැටයක්
කඩල කුඩු ග්‍රෑම් 200
බිත්තර 02.
සිහින්ව ලියාගත් කරපිංචා ඉති 02ක්.
මිරිස්කුඩු තේ හැඳි 03.
කහ කුඩු තේ හැඳි ½.
කරි කුඩු තේ හැඳි 1 ½.
දෙහි ගෙඩියක යුෂ.
කුඩාවට කපාගත් ළූණු ගෙඩි 02.
කූණිස්සන් ග්‍රෑම් 100.
තලාගත් සුදුළූණු මේස හැඳි 01යි.
සිහින්ව තලාගත් අමුඉඟුරු මේස හැඳි 01යි.
කහ තේ හැඳි ½.
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 300.
කෑලි මිරිස් මේස හැඳි 02යි.
කරඳමුංගු.
කරාබු නැටි.
ලියාගත් කරපිංචා ඉති දෙකක්.
බැදගැනීමට තෙල්.
සාදන ක්‍රමය:-
පොලොස් ගෙඩිය හොඳින් සුද්ද කර හොඳින් තම්බා ගන්න.
තම්බාගත් පොලොස් කැබලි හොඳින් පොඩි කරගන්න.
මෙම පොලොස්වලට කඩල කුඩු, ගසාගත් බිත්තර, සිහින්ව ලියාගත් බිත්තර, මිරිස් කුඩු, කහ කුඩු, කරි කුඩු සහ දෙහි යුෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා තෙලේ බැදගන්න. බැදගත් පොලොස් බෝල පසෙකින් තබාගන්න.
තාච්චියක් ළිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කර රත්වූ විට ඉඟුරු සුදුළූණු, කරපිංචා එක්කරගන්න. එයට ළූණු වතුර ඉවත් කරගත් කූණිස්සන් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
පසුව එයට කහකුඩු, කරදමුංගු, කරාඹුනැටි, කෑලිමිරිස් එක්කරගන්න.
මේ මිශ්‍රණය රන්වන් පාට වනතුරු බැදගන්න.
හත් මාළුව
අවශ්‍ය දේවල්:-
රටළූණු ග්‍රෑම් 100.
රතු නිවිති ග්‍රෑම් 100.
කොළපාට ලපටි මෑකරල් ග්‍රෑම් 100.
වට්ටක්කා ග්‍රෑම් 100.
කැරට් ග්‍රෑම් 100.
අළුකෙසෙල් ග්‍රෑම් 100.
කජු ග්‍රෑම් 100.
රම්පෙ කරපිංචා.
කුරුඳුපොතු කැබැල්ලක්.
කරාඹුනැටි තේ හැඳි ½.
අමු මිරිස් කරල් 5.
අවශ්‍ය පමණට ලුණු.
තෙල්.
බැදගත් උළුහාල්.
මිටිකිරි කෝප්ප 02.
මිරිස්කුඩු තේ හැඳි 03.
උම්බලකඩ ස්වල්පයක්.
සාදන ක්‍රමය:-
එළවළු හත වර්ණ හතකින් තෝරාගන්න.
අළුකෙසෙල් සුද්ද කර කැබැලි කපා ගැඹුරු තෙලේ ළා දුඹුරැ පැහැය වනතුරු බැදගන්න.
එළවළු කුඩා ප්‍රමාණයට කපාගන්න. පසෙකින් තියන්න.
අමු මිරිස් සිහින්ව ලියාගන්න.
බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් එක්කර එය රත්වූ පසුව කරපිංචා, රම්පේ, කුරැඳුපොතු, කරාබුනැටි, බැදගත් උළුහාල් එක්කරන්න.
එයට මිරිස්කුඩුද එක්කරන්න.
මිටිකිරි කොප්ප භාගයක් එක්කළ පසුව කජු සහ කැරට් එක්කරන්න.
ඒවා තැම්බීගෙන එද්දී වට්ටක්කා, රතුළූණු, මෑකරල්, අළුකෙසෙල් එක්කරන්න.
අවසානයේදී නිවිති එක්කර මඳගින්නේ පිසගන්න. කිසිවිටකදී එළවළු වැඩිපුර තම්බාගන්න එපා.
අවශ්‍ය පමණට ලුණු එක්කරන්න.
උම්බලකඩද එක්කර මඳගින්නේ පිසගන්න.
කජු මාළුව
අවශ්‍ය දේවල්:-
කජු ග්‍රෑම් 500.
උම්බලකඩ තේ හැඳි 02.
ළූණු ග්‍රෑම් 50.
අමුමිරිස් කරල් 3.
රම්පේ කැබැල්ලක්.
කුරුඳුපොතු කැබැල්ලක්.
කරපිංචා ඉති දෙකක්.
කරි කුඩු තේ හැඳි 03.
මිරිස් කුඩු තේ හැඳි 01.
කහකුඩු තේ හැඳි ½.
බැදගත් උළුහාල් තේ හැඳි ½.
පදමට ලුණු.
දියකිරි හෝ වතුර.
මිටිකිරි අඩු කෝප්ප 01.
සාදන ක්‍රමය:-
කජු පැයක් පමණ පෙගෙන්න හරින්න.
භාජනයකට කජු එකතුකර එයට මිටිකිරි හැර සියලුම දේ එක්කොට මඳගින්නේ පිසගන්න.
වතුර හිඳීගෙන එනවිටදී මිටිකිරි එක්කොට රස අනුව ලුණුද එක්කර මඳගින්නේ පිසගන්න.
දොළොස්මහේ සලාදය
අවශ්‍ය දේවල්:-
උගුරැස්ස ග්‍රෑම් 500.
පැළමඳ කිහිපයක්.
කජු පුහුලන්.
අන්නාසි කුඩා ගෙඩියක්.
බාගෙට ඉඳුණු අඹ ගෙඩි 02 (ඇඹුල් නැති)
සීනි ස්වල්පයක්.
මී කිරි.
ලුණු ස්වල්පයක්.
සාදන ක්‍රමය:-
උගුරැස්ස හැර අනෙකුත් සියලු පළතුරු එක ප්‍රමාණයේ කැබැලි කපාගන්න. සියල්ල එකට එකතු කර මිශ්‍ර කරගන්න.
උගුරැස්ස ගෙඩි පිටින් පළතුරැ මිශ්‍රණයට එක්කරගන්න.
කැමැති නම් පමණක් සීනි එක්කරගන්න.
අවශ්‍ය පමණට ලුණු ස්වල්පයක් එක්කරන්න.
අමුත්තන්ට පිළිගන්වද්දී මීකිරි සමඟ වුවද මෙම පළතුරැ සලාදය පිළිගන්වන්න.