රජත් - මිනීමරලා ඔබ ජනතාවගෙන් සමාවත් ඉල්ලනවද?
ප‍්‍රියංකා - ඇත්තටම නැහැ. (හිනාවෙ) මම සමාව ඉල්ලන්නේ නැහැ. මොකද මට ඒ වෙනුවෙන් සමාව ලැබිලනේ තියෙන්නේ. 08 වැනි එකට නැහැ,
රජත් - ඒත් ඔබට ආදරේ කරන හැමෝම ඔබව දැකලා තිබුණේ ඔබ ඉතාම ආදරණීය දඟකාර සංවේදී කෙළිලොල් ප‍්‍රියංකා විදියටයි. ඒ ෆිල්ම් එකේ ඔයා වයසක අම්මා කෙනෙකුගේ චරිතයත් කළා නේද?
ප‍්‍රියංකා - අවුරුදු 20 කෙලෙක්ගේ චරිතය ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත් අවුරැදු 65ක වයසක චරිතයක් වුණත් එහි තියෙන රංගනය ඔබ දකින්න ඇති කියලා මම හිතනවා සර්.
රජත් - ඒ ෆිල්ම් එකට අනුව ඔබ හත් දෙනෙක් එක්කම විවාහවෙලා ඔවුන්ව ඝාතනය කරනවා. සාත් ඛූන් මාෆ් ෆිල්ම් එක කාගේ කතාවක් අනුව හැදුව එකක්ද?
ප‍්‍රියංකා - හැම කාන්තාවකටම අපහසුයි නේද? තමන්ගේ හස්බන්ඩ් (සැමියා) අපේ ඉවසීම දැක දැක අපි අකමැතිම දේවල් කරනවා නම් ඉවසීම නැතිවෙන වෙලාවකුත් එනවනෙ නේද? ඉතින් ඒ ෆිල්ම් එකේ සුසෑනා එයාගේම ක‍්‍රමයක් හොයා ගත්තා
රජත් - ඔබ කියන්නේ කාන්තාවකට විවාහ 07ක් වුණත් කර ගන්න පුළුවන්. ඒක එච්චරටම අපහසු දෙයක් නෙවෙයි කියලද?
ප‍්‍රියංකා - වැරදි වැඩක්. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. ඔබ විවාහ 12ක් කර ගත්තත් කවුද කියන්නෙ ඒක වැරදියි කියලා. සමාජය මොනවා කියයිද? ඔබට ආදරේ කරන්න බැරිද? එයාලට බයේ?
ඒ ෆිල්ම් එක ඩ‍්‍රාමා ටයිප් නෙවෙයි. විනෝදකාමී එකකුත් නෙවෙයි. දෝස්තානා වගේ කොමඩි එකක්වත් ඩොන් වගේ ඇකෂ්න් එකක්වත් නෙවෙයි. ඒ ෆිල්ම් එකේ සුසෑනා ගොඩාක් තනිකමින් ආදරය සොයමින් හුදෙකලාවේ ජීවත්වෙන තරැණියක්. එයාගේ ජීවිතයට එන හැම පිරිමියාම ඇයව රිදවනවා විතරයි. මරන්නේ නැතුව වෙන මොනවා කරන්නද?
රජත් - මේ ඔබ ගැනද ඔබ කියන්නේ? තනිකමින් හුදකලාවේ ජීවත්වෙනවා. කවුරු හරි හොයමින් ඉන්නවා.
ප‍්‍රියංකා - මම ගැන මම වැඩිපුර කියන්නේ නැහැ. ඇත්තටම මම තනියම නෙවෙයි ඉන්නේ. හැම කෙල්ලම කාව හරි හොයමින් ඉන්න එක සාමාන්‍ය දෙයක්නේ නේද?
රජත් - ඔබට ඔබගේම ජීවිතයේදීත් සාත් ඛූන් මාෆ් ෆිල්ම් එකේදී වගේ කාව හරි ඇත්තටම මරලා දාන්න හිතිලා තියෙනවද?
ප‍්‍රියංකා - මම හිතන්නේ හැම කාන්තාවක්ම සහ හැම පිරිමියෙක්ම කවදා හරි කොයි වෙලාවකදී හරි අනිවාර්ෙයන්ම හිතනවා. ඒ ෆිල්ම් එකේ දෙබසකුත් තියෙනවා. ලෝකයේ හැම බිරිඳක්ම කවදා හරි හිතලා තියෙනවා, මම මගේ සැමියව සදහටම නිහඬ කරන්නේ කොහොමද කියලා. ඒ සිතුවිල්ල හැම මනුස්සයෙක් තුළින්ම එනවා. සමහර අය ඒක ඉටුකරන්න යම් යම් දේවල් කරනවා. සමහරු කරන්නේ නැහැ.
එක කවියක් තියෙනවා කාගේ ගෙලද කැපුවේ, මොකටද කැපුවේ? ඒක කඩුව දන්නෙ කොහොමද කියලා.ඒක තමයි මමත් කියන්නේ.
රජත් - ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍ර එකේ වැඩ කරද්දී ඔබටත් කාගේ හරි බෙල්ල කපන්න හිතිලා තියෙන ඩිරෙක්ටර් (අධ්‍යක්ෂ්වරයෙක්) කෙනෙක් හම්බවෙලා තියෙනවද?
ප‍්‍රියංකා - ඔව්. කෙල්ලෙක් වුණු නිසා ඒක කිහිප වතාවක්ම වෙලා තියෙනවා. ඒත් ඒවා මම කියන්නේ නැහැ. මම ඒ දේවල් අමතක කරනවා. ඒත් එහෙම කිහිප දෙනෙක් ගැනනම් හිතිලා තියෙනවා. විශේෂයෙන්ම ඒකට හේතුව වෙන්න ඇත්තේ මම ෆිල්ම්වලට ආවේ කිසිම ෆැමිලිබැක්ග‍්‍රවුන්ඩ් එකකින් (පවුල් පසුබිමකින්) නෙවෙයි. ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකේ මගේ ගෝඩ් ෆාදර් කෙනෙක් නැහැ. තනි කෙල්ලෙක් වුණාම ගොඩාක් අය හිතන්වා ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒ වගේ දේවල් කියන්න, ඔබ දන්නවනේ මම කාගෙවත් සෙවණැල්ලක් යට ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඒත් මගේ මාපියන් මාව හොඳට හදලා තියෙනවා හොඳ උපදෙස් දීලා.
රජත් - ඔබට කවදාවත් ඒ වගේ දේවල් නිසා ෆිල්ම් අතහරින්න එහෙම සිද්දවෙලා නැද්ද?
ප‍්‍රියංකා - මම අතහැරලා තියෙනවා ෆිල්ම්. ඒ වගේම ඊට පස්සේ ඒ වගේ ඩිරෙක්ටර්ස්ලා එක්ක මම වැඩ කළෙත් නැහැ. මට මගේ ආත්මගරුත්වය හැමදේකටම වඩා වටිනවා.
රජත් - ඔබ ෆිල්ම් එකක් අත්හැරියා කිව්වා. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද?
ප‍්‍රියංකා - එයා නැහැදුනු විදියට කතා කළා. මම ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකට ආව කාලයේ ඒක සිද්ධ වුණේ. ඒ ඩිරෙක්ටර් මගේ ඇඳුම් නිර්මාණය කරන අය සමඟ කිව්වා මහ ජරා කතා ටිකක්. සමහරවිට ඔහු මම ළඟ ඉන්නවා කියලා දැනගෙන හිටියද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නරක කතා ටික ඇහුනම මට එපා වුණා. දවස් දෙකක් ෂූටිං කරලා තිබුණේ. ඊළඟ දවසෙම මම ගෙදර ගියා. අලුතෙන්ම ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකට ආව නිසා එච්චර සල්ලි තිබුණෙත් නැහැ. ඒත් මම මගේ අම්මට කිව්වා ගිවිසුම් ගහන වෙලාවෙ ගත්ත සල්ලි ආපහු යවන්න, දවස් දෙකේ ෂූටිං වලට සිද්ධවෙලා තියෙන වියදම කීය වුණත් ඒකත් ගෙවලා දාන්න. මම ඒ ෆිල්ම් එක කරන්නේ නැහැ කියලා. මේ වැඩසටහන බලනවා නම් ඔහු දැනගනීවී මම ඔහු ගැනයි කතා කරන්නේ කියලා. මම ඔහුත් සමග ඊට පස්සේ කවදාවත් වැඩ කරලා නැහැ.
(නඩුව ඊළඟ සතියට කල් තැෙබ්)