ආයුබෝවන්ඩ මචෝ.. අද මුලින්ම කොරෝනා එන්න කලින් කාලේ ගැන මතක් කරගෙනම වැඩේට Enter වෙමු. මේ STORYයට ගැලපෙන්නේ එහෙම line එකක්.
ඔන්න ඒ කාලේ කවුරුහරි පාරේ යනවා මාස්ක් එකක් දාගෙන. මාර සීන් එක මෑන්ස් දිහා අපේ අය බලන්නේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. ළඟට යන්නත් පොඩ්ඩක් බයයි. බස් එකක යනවා නම් ළඟින් වාඩි වෙන්නෙත් නෑ. හැබැයි සුදෝ දැන් කොහොමද? මාස්ක් එකක් නැතිව පාරේ එකෙක් යනවා නම් මෑන්ස් අපිට පේන්නේ අමුතු සතෙක් වගේ. පොරගේ ළඟට යන්නේ නෑ. හිතෙන් ඌට බණිනවා මොන කාලකන්නියෙක් ද මේ කියලා. හා බොරුද මා සුදා? එහෙම පොරක් බස් එකක යනකොට ඔයා කැමති ද මෑන්ස් ළඟින් වාඩි වෙන්න? නෑනේ.
මචෝ මේක මළගෙදරක් වුණත් ආතල් එකක් ගන්න ට්‍රයි කරන ලෝකයක්. ඒ නිසා කොරෝනා කාලේ ලෝකයා ගන්න ආතල් ගැන හීනියට සර්ච් පාරක් දැම්මට අවුලක් නෑ වගේ. ඒ නිසා මෙදා අපි ගලපන්න හදන්නේ අලුතින් ඇවිල්ලා තියන ෆේස් මාස්ක් Fashion ගැන Y Trend එකක්. එහෙනම් ඔන්න රැවුල ගිනිගන්න අස්සේ සුරුට්ටු පත්තු කරන්න එනවා කියලා බරබරේ දාන්න ඔට්ටු නෑ සුදෝ.
මාස්ක් Fashion එකක් වුණේ කොතනින් ද කියන එක හරියට කියන්න අමාරුයි. කතා දෙක තුනක් තියනවා. මතකද කොරෝනා ලෝකෙට ඔරවන්න පටන්ගත්ත මුල්ම දවස්වල මාස්ක් දාන එක ගැන මාර විවාදයක් තිබ්බේ. කොහොම වුණත් ඒ කලේ තිබ්බේ ළා නිල් පාටයි සුදුපාටයි මාස්ක් විතරයි මචෝ. එතකොට අපි කතා කරන මාස්ක් Fashion සීන් එක පටන් අරගෙන තිබුණේ නෑ. එහෙනම් ඔන්න නිධාන කතාව.
මේ කතාවේ විදිහට ෆේස් මාස්ක් එක ලෝකෙ පළවෙනි වතාවට ෆැෂන් එකක් කරගත්තේ ස්ලෝවැකියානු ජනාධිපතිනිය සුසෑනා කැපුටෝවා. යටගිය දවස ඒ කියන්නේ හරියටම මාර්තු මාසේ වගේ හරිය. ස්ලෝවැකියාවේ ඓතිහාසික කැබිනට් මණ්ඩල ැස්වීමක් තිබ්බා. මේ රැස්වීම ඉතිහාසය ගතවුණේ කැපුටෝවා ජනපතිනියගේ මාක්ස් එක නිසා. කැපුටෝවා රැස්වීමට ආවේ දම් පැහැයට හුරු මෙරූන් පැහැති ගවුමක් ඇඳගෙන, ඒ පාටින්ම නිර්මාණය කරපු ෆේස් මාස්ක් එකක් දාගෙන.
සර්ජිකල් ෆේස් මාස්ක් විතරක් තිබ්බ මේ කාලේ කාටත් මේක අමුතු ජිල්මාට් එකක් වගේ පෙනුණා මචෝ. සීන් එක සැරටම පත්තු වුණා. Social Mediaවල කැපුටෝවාගේ මාක්ස් ෆොටෝ නැගලා ගියා. අමුතු අමුතු පෝස්ට් හැදුණා. හොඳ කිව්වා. බැන්නා. අන්තර්ජාලේ විදිහට මේක තමා Face Mask Fashion උපත ගැන තියන ප්‍රධාන නිධාන කතාව.
පස්සෙන් පහු ඉතින් මේ අලුත් විලාසිතාවට ජනප්‍රිය අය අතර වගේම සාමාන්‍ය අය අතරත් ඇබ්බැහියක් වුණා මචෝ. අපි අද පාරට බෑස්සම Fashion Mask දාගත්තු අය හොයාගන්න බැරි කමක් නෑ ඉතින්. මේ සීන් එක නැගලා යන්න බලපාපු සිද්ධි ගොඩක් තියනවා. ඔය කොරෝනා මුල් කාලේ ඇමෙරිකාවෙ ජෙනිෆර් ලෝපේස් එයාගේ සහකරු එක්ක කහ පාට ඇදුම් ඇඳගෙන කහපාට මාස්ක් දාගෙන් ෂොපිං ගිහින් ඉන්න ඡායාරෑප ට්විට් කරලා තිබුණා. ඒකත් නැගලා ගියා.
දැන් අතීත කතා පැත්තකින් තියමු මචෝ. මාස්ක් Fashion ගැන වර්තමාන කතාව අපි බලමු. අපේ රටේ නම් කොළඹ සහ ජනාකීර්ණ නගරවල තරුණ අය අතර Face Mask විලාසිතා දැකගන්න පුළුවන්. ඒක පොඩි පොෂ් සීන් එකක් එක්ක තමා අපේ සිරි ලංකාවේ Trend වෙන්නේ. මාස්ක් එක අයිනෙන් ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් Name එහෙම ගහලා තියෙනවා. ඔය එක එක හීරෝලාව Print කරලා තියනවා. මේක පොඩි කියුට් ස්මාට් සීන් එකක් විදිහට තමා අපේ Youth Generation බාර අරගෙන තියෙන්නේ.
ඊට අමතරව සුදෝ සිරිලංකාවේ පොෂ් ඇන්ටි ලෙවල් එකේ කස්ටියත් Mask Fashion සීන් කෝන් එකේ ඉන්නවා. ඇඳුමේ පාටට මැච් කරලා මාස්ක් දාන කැපුටෝවාවලා දැන් මෙහේ හැමතැනම. ලොකු රෙදි සුපිරි වෙළෙඳසැල්වල වගේ ගොඩක් නගරවල මේ අයට මාක්ස් ගන්න තියනවා ඕනෑ ඕනෑ විදිහට. ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවල මෙයාලගේ සුපිරි Fase Mask Fashion දැකගන්න පුළුවන්.
වෙඩින් එකේ මනමාලිගේ මාක්ස් දැමිල්ලත් දැන් Trend එකක් වෙලා. මංගල උත්සවවල මනාල මනාලියන් සඳහා ඇඳුම් නිර්මාණය කරන ඇඳුමට ගැලපෙන මාස්ක් එකක් නිර්මාණය කරනවා ගොඩක් වෙලාවට. ඒ වැඩේ කරන්නේ මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන රෙදි මැටීරියල්වලින්ම. ඒ අස්සේ සමහරු මනාලයාගේ ඇඳුමේ ටයි එකේ බෝ එකේ වර්ණයෙන්ම ෆේස් මාස්ක් එක නිර්මාණය කරලා දා ගන්නවා.
ඒ විතරක් නෙවෙයි සුදෝ ලෝකේ වගේම ලංකාවේත් තිබ්බ ෆැෂන් ෂෝ ඇඳුම්වලට හරියන ෆේස් මාස්ක් නිර්මාණය දකින්න තියෙනවා. කොහොම වුණත් දැන් මේක ලෝකේ තියන විශාල Trend එකක්. අපේ රටේ කස්ටිය වැඩේ තාම හරියටම අල්ලගෙන නෑ. හැබයි මේ යන විදිහට තව ටික කාලයකින් සීන් එක අපේ අයත් දැරුණුවටම ඇඟට ගන්න ඉඩ තියනවා.
ලෝක මට්ටමේ නම් Face Mask විලාසිතාකරණය දැන් කර්මාන්තයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒක ගැන අන්තර්ජාල සර්ච් පාරක් දැම්මොත් ඔයාලට ගොඩාක් දේවල් හොයා ගන්න පුළුවන්. Face Mask Fashion category පවා දැන් ලෝකේ තියනවා. උදාහරණයක් විදිහට Denim Face Masks, Flannel Face Masks, Sweater Face Masks, Animal Print Face Masks වර්ග හඳුන්වන්න පුළුවන්. තව තියනවා. ලෝකේ දැන් ජනප්‍රිතම විලාසිතාව මාස්ක් කිව්වොත් ඉතින් වැරදි නෑ.
ඔන්න සුදෝ Mask Fashion ගැන කතාව ඔහොමයි. මේ ඔක්කොම Marketing වැඩ. අනික් අතකට මචෝ මිනිස්සුන්ගේ ආසාවල්. මාස්ක් එක සෞඛ්‍ය ආරක්ෂාවට තියෙන දෙයක් කියලා කාලෙකදි මිනිස්සුන්ට අමතක වෙන්න ඉඩ තියෙනවා සුන්දරා. ඔය බෙල්ල වටේ දාන ටයි බෝ එහෙමත් කාලෙක අවශ්‍යතාව මත එකතු වුණ දේවල්නේ. නමුත් දැන් ඒ හැම එකක්ම Only Fashion මචෝ. ඒක Normal දෙයක්. ඒක තමා ලෝකේ හැටි. හැබැයි Fashion කරාට කාරි නෑ මගේ සුදාල Mask එකම් Covid-19 වලින් බේරෙන්න තියෙන දෙයක් කියලා තව ටික කාලයක් හරි මතක තියාගමු.