දීපිකා පදුකෝන් සහ කත‍්‍රීනා කයිෆ් බෙහෙවින්ම හැඩකාරියන් වගේම ඉහළම සාර්ථකත්වයක් ලබාගෙන හිටියත්, මේ දෙන්නා එකිනෙකා එක්ක තරහකාරයෝ වගෙයි හැසිරෙන්නේ. දීපිකා, රන්වීර් සිං එක්ක විවාහ වෙන්න කලින් රන්බීර් කපූර් එක්ක ආදර සබඳතාවයක් පැවැත්වූ බව සිනමා කර්මාන්තයේ කිසිවෙක්ට රහසක් නොවූ අතර කත‍්‍රීනා රන්බීර් එක්ක ආදර සබඳතාවයක් පටන් ගත්ත නිසා දීපිකාට පැත්තකට වෙන්න වුණා. ඒ හේතුව නිසා දීපිකා මානසික අවපීඩන තත්වයකට පවා පත්වෙලා තියෙනවා. මේ වනවිට රන්බීර් කත‍්‍රීනා එක්ක තිබුණු ප්‍රේම සබඳතාවයත් නතර කරලා. මේ වෙද්දී ඔහු තමන්ගේ පෙම්වතිය විදියට ඇසුරු කරන්නේ ආලියා භාත්ව. දැනට දීපිකා කත‍්‍රීනා එක්ක මිතුරු වී ඇති බව පෙන්වීමට උත්සාහ කළත් මේ දෙන්නා අදටත් තරහකාරියන් විදියට කටයුතු කරන බව බොලිවුඩයේ හැමෝටම නොරහසක්.
ප්රියංකා චොප්රා සහ කරීනා කපූර් අතරත් අළු යට තියෙන ගිනි වගේ මිත‍්‍රත්වයක් තමයි තියෙන්නේ. මේ දෙන්නම එතරාස් කියන හින්දි සිනමාපටයේ එකට රංගනයෙන් දායක වුණා. එහි කළ රංගනය වෙනුවෙන් බොහෝ දෙනෙක් ප‍්‍රියංකාව ඇගයීමකට ලක් කළා. කරීනා ඒකටත් එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම කරීනා දැන් සයිෆ් අලි ඛාන් එක්ක විවාහ වෙලා හිටියත් කාලයකට කලින් කරීනාගේ
ප්‍රේමවන්තයා වුණේ ෂාහිද් කපූර්. ෂාහීද් කරීනත් එක්ක තිබුණු සම්බන්ධය නතර කරලා තමන්ගේ පෙම්වතිය කරගත්තේ ප‍්‍රියංකා චොප්රාවයි. මේ වනවිට ෂාහීද් වෙනත් කෙනෙක් එක්ක විවාහ වී හොඳ පවුල් ජීවිතයක් ගත කරන අතර ප‍්‍රියංකත් විවාහ වෙලා ඉන්න කෙනෙක්නේ. ඒත් කරීනා සහ ප‍්‍රියංකා මිතුරියන් බව පෙන්වන්න හැදුවත් තවමත් කරීනා, ප‍්‍රියංකා එක්ක ඉන්නේ කේන්තියෙන් කියන එක බොලිවුඩ් සිනමා කර්මාන්තයේ නියැලෙන හැමෝම වගේ දන්න දෙයක්.
ඓශ්වර්යා රායි සහ රානි මුඛර්ජිගේ ගැටුමට මුල අභිෂේක් බච්චන්. බන්ටි ඖර් බබ්ලි කියන සිනමාපටය අතරතුර රානි සහ අභිෂේක් අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බව බොහෝ දෙනෙක් පවසන අතර ඓශ්වර්යා රායි බච්චන් රානි මුඛර්ජිත් එක්ක සිනමාපටවල රංගනය අභිෂේක්ට තහනම් කරලා තියෙනවා. බච්චන් පවුලත් එක්ක රානි මුඛර්ජි හොඳ සබඳතාවයක් පවත්වාගෙන ගියත් අභිෂේක් සහ ඓශ්වර්යාගේ විවාහ මංගල්‍යට පවා ආරාධනා කළේ නැහැ.
කත්රිනා කයිෆ් සහ ප‍්‍රියංකා චොප්රා අතර බොහොම කාලයක පටන් සීතල යුද්ධයක් පවතිනවා. සම්මාන උළෙලක් සඳහා සංවිධායකවරුන් මොවුන් දෙදෙනාම සහභාගී කර ගැනීමට උත්සාහ කළ අතර ප‍්‍රියංකා මුලින්ම කත‍්‍රිනා සහභාගී වන නිසා ඒ සම්මාන උළෙලේ ආරාධිතයින් විදියට සහභාගිවෙන එක ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සේ කත‍්‍රිනාද ප‍්‍රකාශයක් කරමින් ප‍්‍රියංකා සහභාගී වන නිසා තමන් සහභාගී නොවන බව ප‍්‍රකාශයක් කරලා තියෙනවා. මේ සිදුවීමෙන් පසුව කවදාවත් මොවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ.
බිපාෂා බාසු සහ කරීනා කපූර් අජ්නබී කියන සිනමාපටයේ එකට වැඩ කළා. බිපාෂා ඒ වනවිට සිනමා කර්මාන්තයට නවකයෙක් වූ අතර ඇයගේ වැඩ කටයුතු බොහොම හොඳ මට්ටමක තිබිලා තියෙනවා. මේ සිනමාපටය අතරතුර කරීනා සහ බිපාෂා අතර ලොකු රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. බිපාෂාට කරීනා පහර දීලත් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නත් කවදාවත් නැවත එකට ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ.
ඵෙශ්වර්යා රායි බච්චන්ට වැඩිය සෝනම් කපූර් ගොඩක් බාල වුණත්, ඒකෙන් සෝනම් ඓශ්වර්යාට ආන්ටි කියලා කතා කරන්න ඕන කියලා ඒකෙන් කියැවෙන්නේ නැහැනේ. සෝනම් ඇයට ආන්ටි කියලා විතරක් නිකම් හිටියේ නැහැ ඓශ්වර්යාට ලැබී තිබුණු වෙළඳ නාම කිහිපයකුත් ඓශ්වර්යගෙන් ගැලවිලා සෝනම්ට ලැබෙනවා. එයින් මේ දෙන්නා අතර සතුරුකම කොච්චර වැඩිවුණාද කියනව නම්, කෑන්ස් සිනමා උළෙලේදී ඓශ්වර්යා සෝනම් එක්ක රෙඩ් කාපට් එක මතින් යන එකත් ප‍්‍රතික්ෂේප කරනවා. සෝනම්, ඓශ්වර්යාට ආන්ටි ලෙසින් ඇමතීමෙන් අපහාසයක් වුණු නිසා එහෙම වුණාලු.
දීපිකා පදුකෝන් සහ බිපාෂා බාසූ අතර සතුරුකමට හේතුවුණු එකම කෙනා රන්බීර් කපූර්. බච්නා ඒ හසීනෝ කියන හින්දි සිනමාපටය රෑගත කරන කාලය අතරතුර බිපාෂාත් එක්ක රන්බීර් පෙම් පලහිලව්වක් පටන් ගන්නේ දීපිකත් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරතුරමයි. දීපිකා ඒ ගැන දැනගෙන ඒ දෙන්නගෙන්ම ඈත් වෙනවා.
අනුෂ්කා ශර්මා සහ දීපිකා පදුකෝන් අතරත් සීතල යුද්ධයක් පවතිනවා. මේ දෙන්නම මිත‍්‍රත්වයක් තියෙන බව පෙන්වන්න හැදුවත්, බෑන්ඩ් බාජා බාරත් හින්දි සිනමාපටය අතරතුර රන්වීර් සිං එක්ක අනුෂ්කගේ ඒ කාලේ පෙම් පලහිලව්වක් තිබුණා. අනුෂ්කගෙන් වෙන්වෙලා තමයි රන්වීර් සිං දීපිකාගේ ජීවිතයට ළංවෙලා ඇයත් එක්ක විවාහ වුණේ. කෙසේ වෙතත් අනුෂ්කත් ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි එක්ක විවාහ වෙලා සතුටුදායක විවාහ ජීවිතයක් ගත කරන අතර දීපිකා සහ රන්වීරුත් සතුටුදායක විවාහ ජීවිතයක් ගත කරනවා.
රේඛා සහ ජයා බච්චන් අතර ඉන්නේ අමිතාබ් බච්චන්. වෘත්තීමය සතුරුකමට වැඩිය පුද්ගලික සතුරුකම ප‍්‍රධාන වෙලා තියෙනවා. ජයා බච්චන් හිතන්නේ රේඛා තමන්ගේ නිවස කඩා ඉහිරවන්න උත්සාහ කළ බවයි. ඒ වගේම රේඛා හිතනවා ජයා බච්චන් තමන්ගේ ආදරය තමාගෙන් උදුර ගන්නවා කියලා. ඔවුන් දෙන්නාගේ මේ සතුරුකම බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පැරණිම සහ ඉතාම දිගුකාලීන සීතල යුද්ධයක් වන අතර කාලයකට ඉහතදී මේ දෙන්නා එකම උත්සවයක කවදාවත් දකින්න නොලැබුණු අතර මේ වනවිට උත්සව සඳහා සහභාගී වුවත් එය සීතල යුද්ධයක් බවට පත්ව ඇති අතර තවමත් මුළුමනින්ම ගින්න නිවී නොමැත.