2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

යට කලිසම් ගලවපු බොලිවුඩ්ලා...

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

රන්වීර් සිං

දීපීකා පදුකෝන්ගේ ස්වාමිපුරුෂයා වන ජනප‍්‍රිය නළු රන්වීර් සිං කැමරාව ඉදිරියේ දෙවරක්ම නිරුවත්ව පෙනී හිටිය නළුවෙක්. ටික කලකට පෙර ඔහු විසින් නිරුවත් ඡායාරූප රූගත කිරීමක් සිදුකළ අතර, එයින් ඔහු ලොකු විහිළුවක් බවටත් පත්වුණා. ඒත් ඒ ඡායාරූප වෛරස් එකක් වගේ සමාජ මාධ්‍යන්හි පැතිරුණා. රන්වීර්ගේ ඡායාරෑප වලට වැඩිය ඔහු එහිදී දැක්වූ ප‍්‍රකාශනයට මිනිස්සු අපහසුතාවයට පත්කරලා තියෙනවා. ඊට අමතරව රන්වීර් සිං බේෆික්රේ සිනමාපටය සඳහාද නිරුවතින් පෙනී සිටි අතර ඒ පිළිබඳව රන්වීර්, එම දර්ශනයෙන් තමන්ට කිසිම අපහසුවක් නොදැනුණු බවත් තමන් මහා නිර්ලජ්ජිත කෙනෙක් බවත් කියලා තියෙනවා.

විද්‍යුත් ජාම්වාල්

බොලිවුඩ්වල ක‍්‍රියාදාම තරුවක් වන කොමාන්ඩෝ සිනමාපටයෙන් ඔබ අඳුනාගත් විද්‍යුත් ජාම්වාල්ද නිරුවත් ඡායාරෑප රෑගත කිරීමක් කරලා තියෙනවා. මෙම රූගත කිරීම ට්වීට් කරලා තියෙන අතර මෙම ඡායාරූප නිසා විද්‍යුත් ජාම්වාල්ට දැඩි විවේචනයන්ට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා.

සුශාන්ත් සිං රාජ්පුත්

දැනට මාස කිහිපයකට පෙර සියදිවි හානිකරගෙන මියගිය සුශාන්ත් සිං රාජ්පුත් ද නිරුවත් ඡායාරූප රූගත කිරීමක් කරලා තියෙනවා. ඔහු මේ රෑගත කිරීම කරලා තියෙන්නේ ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් වෙනුවෙනුයි.

අෂ්මිත් පටෙල්

බිග් බොස් එකෙන් ජනාදරයට පත්වූ ජනප‍්‍රිය නළුවෙක් වන අෂ්මිත් පටෙල්ද නිරුවත් ඡායාරූප රූගත කිරීමක් කළ අතර, එහිදී ඔහු යට ඇඳුම් පමණක් අතේ රුවාගෙන ඉන්න ආකාරයක් තමයි දකින්නට තියෙන්නේ.

අමීර් ඛාන්

මිස්ටර් පර්ෆෙක්ට් ලෙසින් හඳුන්වන අමීර් ඛාන්ගේ පී.කේ. සිනමාපටය බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්වුණු සිනමාපටයක්. මෙම සිනමාපටයේ අමීර් ඛාන් නිරුවත් ජවනිකාවකට එක්වෙමින් ඔහුගේ රසික රසිකාවියන් පුදුමයට පත් කළ අතර ඔහු දුම්රිය මාර්ගයක් දිගේ රේඩියෝ කැසට් එකක්ද තියාගෙන ඉන්න ඡායාරූපයක් තමයි ඒ සිනමාපටයේ ප‍්‍රචාරක පෝස්ටරය විදියට යොදා ගත්තෙත් කියන එක හින්දි සිනමාලෝලී ඔබට අමතක වෙන්න විදියක් නම් නැහැ. ඒ පෝස්ටරය ගැන විශාල කතාබහකට ලක්වුණු අතර අමීර්ට ඒ නිසා විශාල විවේචනයන්ටද මුහුණදීමට සිදුවුණා.

රන්බීර් කපූර්

රන්බීර් කපූර් ඔහුගේ පළමු සිනමා පටය වන සාවරියා සිනමාපටයේ නිරුවත් දර්ශනයකට පෙනී ඉන්නවා. 2007 දී ඔහු ඒ සිනමාපටයේ ඇති ගීතයක ජවනිකාවකට එක්වෙමින් නිරුවත් දර්ශනය සඳහා පෙනී සිටි අතර එය බොහෝ දෙනෙකුගේ කතාබහටද ලක්වුණා. ඊට අමතරව රන්බීර් කපූර් සංජය දත්ගේ චරිතාපදානය අළලා තැනූ සංජු සිනමාපටයේදී නිරුවත් දර්ශනයකට පෙනී ඉඳලා තියෙනවා.

ජෝන් ඒබ‍්‍රහම්

බොලිවුඩයේ ක‍්‍රියාදාම වීරයා ලෙසින් හැඳින්වෙන ජෝන් ඒබ‍්‍රහම්ද දෙවරක් නිරුවත් ජවනිකාවල පෙනී ඉඳලා තියෙනවා. ඔහු කබීර් ඛාන්ගේ නිව්යෝර්ක් සිනමාපටයේ ත‍්‍රස්තවාදියෙක් විදියට චරිතයක් නිරෑපණය කරන අතර එහිදී ඔහු නිරුවත් ජවනිකාවකට පෙනී ඉන්නවා.
ඊට අමතරව ජෝන් ඒබ‍්‍රහම් ඔහුගේ යටඇඳුම ගලවා දෝස්තානා සිනමාපටයේ ගීතයකින් මිනිස්සුන් අතර වෙනම කතාබහකට ලක්වුණා.

නීල් නිතින් මුකේෂ්

සුප‍්‍රසිද්ධ ගායකයෙක් වන මුකේෂ්ගේ පුතෙක් වන ජොනී ගද්දාර්, සාත් ඛූන් මාෆ් වැනි සිනමාපටවලින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි නීල් නිතින් මුකේෂ්ද නිරුවත් දර්ශනයකට පෙනී සිට තමන්ගේ ප්‍රේක්ෂකයින් කලබලයට පත්කරලා තියෙනවා. ඔහු මධුර් භන්ඩාර්කර්ගේ ජේල් සිනමාපටයේ ඇති දර්ශනයකට තමයි නිරුවතින් පෙනී ඉන්නේ. මේ දර්ශනය වෙනුවෙන් ඔහු විවේචනවලට ලක් වූ නමුත් මේ සිනමාපටයේ ඔහු කළ රංගනය සහ ඔහු කළ මෙහෙය වෙනුවෙන් ප‍්‍රශංසාවටද ලක්විය.