මා බ්‍රෝ... ඔන්න අද ගෙනාවා විවේචන කරන කට්ටියට විවේචන කරන්න අගය කරන අයට අගය කරන්න Y Trend එකක්. කොහොම වුණත් සුදු පුතේ මේක පරීක්ෂණ කරන්න ඕනෑ සමාජ භාවිතාවක් කියලයි අපිට හිතෙන්නේ. සූ සූ.. හරි ඒවා පසුවට. දැන් Enter වෙමු සීන් එකට. අද කතාව Tik Tok සමාජ ගැන වගේම ටික් ටොක් තහනම් ගැන. මේක මෙහෙම කිව්වාට අපේ සමහර සුදාලට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි කොනක ඉඳන් Story ය ගලපමු. හරිය.
TikTok කියන්නේ App එකක්. TikTok කියන්නේ තවත් සමාජ ජාලයක්. TikTok සීන් එකේ නැති වුණත්, ඔය අන්තර්ජාලය ඇසුර කරන හැමදෙනාම වගේ TikTok Videos දැකලා ඇතිනේ සුදෝ. අපි අද කතාකරන්නේ මේ TikTok නිසා හැදුණු උප සංස්කෘතියක් ගැන. අපේ සුදාලට අපි Y Trend පටන් ගත්ත කාලේම TikTok ගැන පොදුවේ පැහැදිලි කළා. මතකද? ඒ වුණත් මේ සීන් අපබ්‍රංස වගේ දැනෙන අය ඉන්නවා. හරි එයාලගේ පහසුව පිණිස කෙටියෙන් TikTok ගැන ආයේ කියන්නම් කෝ.
කෙටියෙන් කිව්වොත් තත්ත්පර 15කට විතර රඟපාන්න නළුවෙක් නිළියෙක් වෙන්න ජනප්‍රිය වෙන්න චාන්ස් ලැබෙන සීන් එකක් තමා මේක. සින්දු කෑල්ලකට දෙබස් කෑල්ලකට ඇක්ට් දාලා Video එකක් හදන්න පුළුවන් සියලු පහසුකම් මේ ටික්ටොක් කියන යෙදවුමේ තියෙනවා. මා බ්‍රෝ 2016 දී තමා TikTok ආරම්භ වෙන්නේ. Origin එක චීනේ. හැම වසංගතයක්ම පටන් ගන්නේ චීනෙනේ. ඔය ඇමෙරිකාව කියන්නේ. ඕ... ඒවා අදාළ නෑ හරිය. මේක වෙනම කතාවක්නේ.
හැබැයි ටික් ටොක් ආරම්භ වෙන්නේ මේ නමින් නෙවෙයි. &ඩොයින්* කියන නමින්. ඒ ඇප් එක දින 200ක් ඇතුළත චීන්නු අතර පට්ටෙට ජනප්‍රිය වෙනවා. මිලියන සීයක් විතර වැඩේට Set වෙනවා සට සට ගාලා. මේක ඇතුළේ හැදෙන වීඩියෝ බිලියනක් වගේ බලනවා පට පට ගාලා. පස්සේ 2017දී මේ ආතල් ඇප් එක ජාත්‍යන්තරයට හඳුන්වා දෙනවා. ඒ ඔය ටික් ටොක් කියන නමෙන්. 2018 ජනවාරි මාසේ වෙනකොට තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක නොමිලේ බාගන්න පුළුවන් ඇප්වලින් Number 01 වන්නේ Tik Tok App එක.
කොහොම හරි 2018 ඔක්තෝබර් මාසේ වෙනකොට ටික් ටොක් ලෝකේ කොච්ච ජනප්‍රිය වුණාද කියනවා සුදු පුතේ. ඇමෙරිකාවේ විතරක් මිලියන 80ක්. ලෝකේ වටේම ගත්තේ මිලියන 100ක් විතර මේ අලුත් ඇප් එක Download කළා. සීන් එක දරුණුවට නැගලා යනකොට ලෝකේ ඉන්න ජනප්‍රිය චරිත නළු නිළියෝ TikTok කරන්න පටන්ගත්තා. කොහොමත් මේක රඟපාන්නම හදපු ඇප් එකක්නේ මචෝ. ජිමී ෆැලින්, ටෝනි හොක් වගේ දැවැන්ත නළු නිළියේ ටික් ටොක් කරන්න ගත්තා මුල් කාලේම. ඉතින් ඊට පස්සේ කියන්න දෙයක් නෑනී පැංචෝ. මේ 2020 දැන් ටික් ටොක් කියන්නේ සංස්කෘතියක්. සමහරුන්ට අනුව වසංගතයක්. මේ වෙනකොට TikTok ඇප් එක ලෝක ජන ගහණයෙන් 8න් 1ක් විතර. ඒ කියන්නේ බිලියන +Download කරලා තියනවා.
සීන්කෝන් එක පැහැදිලියිනේ. දැන් අපින් සෙට් වෙමු ටික් ටොක් සමාජ ගැන කතා කරන්න සුදෝ. මොනවාද මේ TikTok Society කියන්නේ. ටික් ටොක් කරන පිරිසක් එකතුවෙලා තමා මේ කියන කණ්ඩායම් නිර්මාණය කර ගන්නේ. අපි දැක්කා ලංකාවේ පහුගිය කාලයේ ටික් ටොක් කරන අය සුහද හමු පවා සංවිධානය කරලා. සයිබර් හඳුනා ගැනීම ප්‍රායෝගික කරගන්න තමා මේ අය උත්සාහ කළේ. මේකට YouTube මාධ්‍යයේ ලොකු අනුග්‍රහයක් ලැබුණා. ලංකාවේ You tubers ලා මේ වගේ Events cover කළා. අන්තිමේදී මේ සීන් එක නැගලා ගියා කොහොම හරි.
Y Trend එකක් විදිහට මේ ගැන කතාකරනවා නම් මචෝ අද වෙනකොට මේ ටික් ටොක් සමාජ අතරේ ගැටුම් පවා තියෙනවා. ගැටුම් කියන්නේ මා පුතී අතින් පයින් ගහ මරාගන්න ගැටුම් නෙවෙයි. වචනවලින් ඇණකොටා ගන්න ගැටුම්. ඒවා නම් මාර ආතල් සුදෝ. ලොකු සීන්, තග සීන්, කැපිලි කෙටිලි, ලව් හුටපට තමා සෑහෙන්න තියෙන්නේ. ළඟදී ඔය Voice Clip, Video Clip එහෙම ලීක්වෙලා තිබුණා. මා සුදාලා දකින්න ඇති. ඇත්තම කතාව මේක වෙනම උප සංස්කෘතික් මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔය ලොකු ලොකු සමාජ විද්‍යා පරීක්ෂණ කරන පට්ට පොරවල්වලට නම් මේවා ටච් වෙන්නේ නෑ. ඒත් මේක ලොකු බොස්ලා මඟහැරියොත් හරියන්නේ නෑ. මොකද මේක දැන් පොකුරු මට්ටමේ නෙවෙයි සමාජගත වෙලාමයි තියෙන්නේ. හා බොරුද? එහෙම සුදා ඔයා අහලා බලන්න ඔය ටික් ටොක් කරන නංගි කෙනෙක්ගෙන්.
පහුගිය කාලේ ප්‍රචාරයක් ගියා ලංකාවේ ටික් ටොක් තහනම් කරනවා කියලා. අපේ TiKTok සමාජය සලිත වෙලා හිටියේ. මොකද මචෝ ඇමෙරිකාව ටික්ටොක් තහනම් කරන්න ලෑස්ති වුණා. ඔය අපේ රටට ආපූ පොම්යෝ ඇමෙරිකන් මෑන් මාර කතාවක් කියලා තිබ්බා. ටික් ටොක් බාගත කිරීමෙන් පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමට ඉඩ තියෙනවා කියලා තමා එයා කියලා තිබ්බේ. තව මෙය බරපතළ ලෙස අප සලකනවා. අපි අනිවාර්යයෙන්ම මේ ගැන සොයා බලනවා කියලත් ඇමෙරිකන් ආණ්ඩුව කියලා තිබ්බා.
ආ එතකොට මා බ්‍රෝ ඉන්දියාව සීන් එක සම්පූර්ණයෙන්ම තහනම් කරා පහුගිය කාලේ. මේ තහනම එනකොට ටික්ටොක් වලට ඉන්දියානුවන් දැඩි ලෙස ඇබ්බැහි වී තිබුණේ මචෝ. ඒ තොරතුරු වාර්තාවලට අනුව ඉන්දියාවේ ටික් ටොක්වලට දැඩි ලෙස ඇබ්බැහි වුණු බුවාලා මිලියන 52ක් 120ත් අතර පිරිසක් හිටියා කියලා කියනවා. අපේ රටට වඩා ටික් ටොක් උණ ඉදියාවේ දරුණු වෙලා තිබ්බේ සුදෝ. සමහරු මහ පාරේ ට්‍රුෆික් ඒකේ, ඉගෙන ගන්න අධ්‍යාපන ආයතනයේ, ජොබ් එක කරන තැන, ගෙදර කිචන් එකේ, බාත්රූම් එකේ, කාමරේ ඇඳ උඩ ටික් ටොක් කළේ පිස්සුවෙන් වගේ. ටික් ටොක් නිසා හදිසි අනතුරු වගේම පවුල් ප්‍රශ්න පවා ඇතිවුණා දරුණු විදිහට. එහෙම බැලුවා ලංකාවේ ටික්ටොක් සීන් එක තමා තියෙන්නේ ළදරු වියේ මා පුතී.
කොහොම හරි මේක ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඔන්න ඒත් එක්කම තමා පහුගිය කාලේ ඉන්දු-චීන අර්බුදය ආයේ පටන් ගත්තේ. ඒ සීන් එක වෙලාවේ ඉන්දියාව චීනයට අයිති ඇප්ස් 59ක් ඉන්දියාව තුළ තහනම් කරන්නට කටයුතු කළා. ඔන්න ඕකට TikTok එකත් අහුවුණා සුදෝ. ඉන්දියාවේ විතරක් නෙවෙයි තවත් රටවල් කිහිපයකම ටික්ටොක් තහනම් කරලා තියනවා. මුස්ලිම් රටවල් තමා ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ.
ඔන්න අපි අපේ Y Trend එකේ අන්තිමට TikTok තහනම් කරන්න කියලා නම් යෝජනා කරන්නේ නෑ. අපේ ටික්ටොක් පැංචෝ පැංචියෝ අපිත් එක්ක තරහා වෙයි. කොහොම වුණත් මේක විනෝදකාමී බොළඳ සමාජ භාවිතාවක් කියලා නම් අපි කියනවා. ඒ නිසා විනෝදාංශයක් විදිහට කරත් TikTok ක් ජීවිතේ කරගන්න නම් එපා. කොහොම වුණත් දැන් ලංකාවේ ඉන්නවා සෑහෙන්න ටික් ටොක් තරු. පස්සේ දවසක ඒ අය ගැන කතාවක් දාමු. ආ අන්තිමට එකක් මතක තියාගන්න පොඩි වීඩියෝ කෑල්ලකින් වුණත් සමාජයට සිද්ධවෙන බලපෑම සුළුපටු නෑ. ඒ නිසා වගකීමෙන් වැඩකරන්න සුදු පුංචෝ.