2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කසාද මොකටද? සතුටයි ඕනෑ...

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

බොලිවුඩ් තරු විවාහයට පෙරාතුව තමන්ගේ සහකරු හෝ සහකාරිය එක්ක විවාහ නොවී විවාහ ජීවිතයක් ගත කිරීම එච්චර අරුමයක් නොවෙයි. ඒත් බොලිවුඩයේ නළුවන් කිහිප දෙනෙක්ම තමන්ගේ බිරිඳ සහ දරුවන් අතහැර දමා තමන්ගේ නව පෙම්වතියන් එක්ක විවාහ ජීවිත ගත කරනවා. අන්න ඒ කවුද කියලා කියන්නයි මේ සූදානම.

01. අර්ජුන් රාම්පාල්

අර්ජුන් රාම්පාල් මේ දවස්වල මත්ද්‍රව්‍ය නඩුවකට පැටලිලා ඉන්නවා කියන එක ප‍්‍රසිද්ධ රහසක්නේ. ඇත්තටම අර්ජුන් රාම්පාල් මත්ද්‍රව්‍ය නඩුවකට පැටලෙන්නේ ඔහුගේ අලුත් පෙම්වතිය ගේබ්‍රියෙලා නිසයි. අර්ජුන් ගොඩක් කල් ඉඳලා ඔහුගේ පෙම්වතිය ගේබ්‍රියෙලා එක්ක විවාහ නොවී එකට ජීවත්වෙනවා. 1998දී සුපර් මොඩ්ල් කෙනෙක් වන මෙහෙර් ජෙසියා එක්ක අර්ජුන් විවාහවුණු අතර අර්ජුන් සහ මෙහෙර් ජෙසියාට දියණියන් දෙදෙනෙක්ද ඉන්නවා. වැඩිමහල් දියණිය මහිකාට මේ වනවිට අවුරුදු 18ක් වන අතර බාල දියණිය මයිරාගේ වයස අවුරුදු 15යි.

ඒත් වසර 20ක විවාහ ජීවිතය ගත කිරීමෙන් අනතුරුව රිතික් රෝෂන්ගේ බිරිඳ සුසෑන් ඛාන් හේතුවෙන් අර්ජුන්ගේ සහ මෙහෙර් ජෙසියාගේ විවාහය බිඳ වැටුණු අතර අර්ජුන් මෙහෙර් ජෙසියාගෙන් දික්කසාදය ලබාගැනීමෙන් අනතුරුව ඔහුගේ විදේශීය පෙම්වතිය වන ගේබ්‍රියෙලා ඩෙමෙට්‍රියඩ්ස් එක්ක මේ වනවිට විවාහ නොවී විවාහ ජීවිතයක් ගත කරනවා. ගේබ්‍රියෙලා දකුණු අප‍්‍රිකානු නිරෑපිකාවක් සහ නිළියක් වන අතර ඔවුන් විවාහ නොවුණාට අර්ජුන් මේ වනවිට ඇගේ කුසින් බිහිකළ පුතෙකුටත් ජන්මය ලබාදී අවසන්.

02. ෆර්හාන් අක්තාර්

ෆර්හාන් අක්තාර් 2000 වසරේදී අධුනා එක්ක විවාහ වුණා. අවුරුදු 16ක විවාහ ජීවිතය ගතකිරීමෙන් අනතුරැව ෆර්හාන් සහ අධුනා 2017දී වෙන්වුණා. දෙන්නා අතර ඇතිවූ මතභේද හේතුවෙන් මේ දෙන්නා වෙන්වෙන්න තීරණය කළා. ෆර්හාන් අක්තාර් සහ අධුනාට ශාක්‍යා සහ අකිරා කියලා නව යොවුන් දියණියන් දෙදෙනෙක් ඉන්නවා. තම දික්කසාදය ගැන දියණියන්ට පවසන එක ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාර්ය වුණු බව ෆර්හාන් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තියෙනවා. අධුනාගෙන් වෙන්වීමෙන් අනතුරැව ෆර්හාන්, නිරූපිකාවක් වන විජේ ශිබානි දාංඩේකර් එක්ක විවාහ නොවී විවාහ ජීවිතයක් ගත කරනවා.
2018දී ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සම්බන්ධය ගැන නිල නිවේදනයක් නිකුත් කළා. ඔවුන් තමන් ගත කරන නිවාඩු  දිනයන්හි ඡායාරෑප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරැ කරනවා. ෆර්හාන් සහ ශිබානි ඉක්මනින් විවාහවීමට සැලසුම් කරලා තියෙනවා කියලත් කියනවා.
ෆර්හාන් තවමත් ඔහුගේ දියණියන් දෙදෙනාත් එක්ක ඉතා ආදරයෙන් ජීවත් වෙනවා. අධුනා මේ වනවිට ව්‍යාපාරිකයෙක් සමඟ  ‌ෙප්‍ර්ම සම්බන්ධයක් පවත්වනවා.

03. අර්බාස් ඛාන්

අවුරැදු 5ක ‌ෙප්‍ර්ම සම්බන්ධතාවකින් අනතුරුව අර්බාස් ඛාන් මලයිකා අරෝරා එක්ක 1998දී විවාහ වුණා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව බොලිවුඩයේ ඉතාම ජනප‍්‍රිය එකක් වුනා. ඒත් විවාහ දිවියට අවුරුදු 20ක් වෙද්දී එකිනෙකාගෙන් වෙන්වෙන්න මේ දෙන්නත් තීරණය කරනවා.

මලයිකා අරෝරාගෙන් දික්කසාද වීමෙන් අනතුරැව අර්බාස් ඛාන්ගේ ජීවිතයට ළං වෙන්නේ අවුරැදු 22ක් වන ඉතාලි ජාතික නිරෑපිකාවක් වන ජෝර්ජියා. ඔවුන් දෙදෙනා මේ වනවිට එකට ජීවත්වෙන අතර සල්මාන් ඛාන්, සොහේල් ඛාන් ඇතුළු ඛාන් පවුලේ ආශීර්වාදයද ඔවුන් දෙදෙනාට හිමිවෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මලයිකා සහ අර්බාස්ට අර්හාන් කියලා අවුරැදු 17ක පුතෙකුත් ඉන්නවා. අර්හාන් තමන්ගේ පියාගේ පෙම්වතිය වන ජෝර්ජියා එක්ක ඉතා හොඳ බැඳීමක් ඇතිකරගෙන තියෙනවා කියලත් කියනවා.

මලයිකා අරෝරාද දික්කසාදයෙන් අනතුරැව පෙම් සබඳතාවයක් පවත්වන අතර ඔහු ඔබ හැමෝම දන්න අර්ජුන් කපූර්.2018 වසරේ පටන් ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගලාගෙන යන අතර අර්ජුන් කපූර් කියන්නේ ජනප‍්‍රිය සිනමාපට නිෂ්පාදක බොනී කපූර් සහ මෝනා කපූර්ගේ පුතනුවන්. අර්ජුන් කපූර් 1985 ජූනි 26 වෙනිදා ඉපදිලා තියෙන අතර මලයිකා අරෝරා ඉපදී තියෙන්නේ 1973 ඔක්තෝබර් 23 වෙනිදා.