2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

රෙදි ගැලවෙන පවුල් අවුල්

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

මෙන්න මේ කියන්න හදන 11 දෙනා ඔවුන්ගේ පවුලේ අයත් එක්ක ගැටුම් ඇතිකරගෙන තියෙනවා. එක් අයෙක් තමන්ගේ පියාට නීතිමය ලියවිල්ලක් යවද්දී තවත් කෙනෙක් තමන්ට අයත් දේපළ පැහැර ගත්තා කියලා තමන්ගේ සහෝදරයට චෝදනා කරලා තියෙනවා.


01. ප‍්‍රතීක් බබ්බර්, බබ්බර් කියන වාසගම අතඇරියා. 

නළුවෙක් සහ දේශපාලකයෙක්ද වන රාජ් බබ්බර් සහ ස්මිතා පාටිල්ගෙ පුතාවන ප‍්‍රතීක් බබ්බර් එක්ක තිබුණු සබඳතාවය එච්චර යහපත් එකක් වුණේ නැහැ. තම පියා කිසිවිටෙකත් ඔහු ගැන හොයලා නොබැලුව බවත් ඔහු පවුලේ අනිත් උදවිය සමඟ නිරන්තරයෙන්ම කාර්යබහුල වෙලා හිටිය බවත් ඔහු සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසලා තියෙනවා. ඒ නිසා ප‍්‍රතීක් බබ්බර් කියන පෙළපත් නාමය අත්හැරීමට තීරණය කරලා තියෙනවා. එහෙම කරන්න හදලා තියෙන්නේ රාජ් බබ්බර් එක්ක ප‍්‍රතීක්ගේ සබඳතාවයක් නොමැති බව හැමෝටම දැනගන්න පුළුවන් වෙන නිසා කියලා ඔහු වැඩිදුරටත් රූපවාහිනි වැඩසටහන සම්මුඛ සාකච්ඡාවේදී කියලා තියෙනවා. ඒ කොහොම වුණත් ටික දවසකින් ප‍්‍රතීක් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්වෙලා ඔහුට නඩු පවරනවා. ඒ වෙලාවේ ප‍්‍රතීක්ගේ පිහිටට ආවේ ඔහුගේ පියා රාජ් බබ්බර්. ඔහු තමන්ගේ පුතා ගැන නඩුව අතරතුර හොයලා බලලා නැවතත් ඔවුන් අතර තිබුණු මතබේද දුරු කරගෙන ඔවුන් අතර සබඳතාවය ශක්තිමත් බැඳීමක් බවට පත්කරගෙන තියෙනවා. ඊට පස්සේ රාජ් බබ්බර් 2019 දී තම පුතා ප‍්‍රතීක්ට සාන්‍යා සාගර්ව විවාහකරලා දුන්නේ ජයටම මඟුල් කාලයි.

02. අමීෂා පටෙල් සිය පියාට නීතිමය දැනුම් දීමක් කළා.

කහෝ නා ප්‍යාර් හෛ සහ ගඩාර් වැනි සුපිරි සිනමාපටවලින් ප්‍රේක්ෂකයින් අතර නමක් සනිටුහන් කරගත් අමීෂා පටෙල් තම ඉපයීම් අනිසි ලෙස භාවිත කළ බවට 2004දී චෝදනා කරලා තියෙනවා. ඇය තමන්ගේ පියාට විරුද්ධව කෝටි 12ක අලාභයක් සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. මේ සටන වඩාත් නරක අතට හැරිලා තියෙන්නේ අමීෂාගේ සම්බන්ධයක් ජනප‍්‍රිය අධ්‍යක්ෂවරයෙක් වුණු වික‍්‍රම් භාට් එක්ක තිබුණු නිසා කියලත් කියනවා. අමීෂා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර මගේ දෙමාපියන්ට වික‍්‍රම්ව හමුවෙන්න හරි ඔහුට මාව විවාහ කරලා දෙන්න හරි අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා තියෙනවා. එයාලට අවශ්‍ය වුණේ මම සල්ලි තියෙන කෙනෙක් එක්ක විවාහවෙන එක විතරයි. මම තාත්තගෙන් මගේ සල්ලි ගැන ඇහුවම එයා මට බනින්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔහු මට පහර දුන්නා. අන්තිමට හැමදාම මට පහර දෙන්නයි බනින්නයි පටන් ගත්ත නිසා මම ගෙදර අතහැරියා කියලා ඇය කියලා තියෙනවා.

03. කංගනා රනවුට් වෛද්‍ය අධ්‍යාපනය අතහ‍රින විට ඇයගේ පියා පහර දීලා තියෙනවා.

කංගනා ඇයගේ පියා අමර්දීප් රනවුට් එක්ක කාලයක් ඇයි හොඳයියක් තිබුණේ නැහැ. කංගනාට රංගන ශිල්පිනියක් සහ නිරෑපන ශිල්පිණියක් වෙන්න අවශ්‍ය වුණත් ඇයගේ පියාට ඇයව වෛද්‍යවරියක් කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඔහු චණ්ඩිගාඩ්වල ඩී.ඒ.වී පාසලෙන් කංගනාට අධ්‍යාපනය ලබාදීම සඳහා යොමු කළා. ඒත් කංගනා නිරෑපණ ක්ෂේත‍්‍රයට කොතරම් ඇලුම් කළාද කියනවා නම්, ඇය පාසලට යන එක නතර කරලා, නේවාසිකාගාරයෙනුත් ඉවත්වෙලා තියෙනවා. එය දැනගෙන කංගනාගේ පියා ඇයට පහර දීලා තියෙනවා. ඊටපස්සේ කාලයක් යනකම් ඔහු ඇයත් එක්ක කතාබහ කරලවත් නැහැ. ඒත් දැන්නම් කංගනාගේ පියා තමන්ගේ දියණිය ලබා තියෙන සාර්ථකත්වය ගැන සතුටු වෙනවා.

04. ෆයිසාල් ඛාන් සහෝදර ආමීර්ට එරෙහිව බරපතළ චෝදනා රාශියක් කරලා තියෙනවා.

ආමීර් ඛාන් සහෝදරයා ෆයිසාල් ඛාන් එක්ක තියෙන ආරවුල ගැන නොදන්න කිසිවෙක් නැති තරම්. ෆයිසාල් ඛාන් මේලා සිනමාපටයෙන් සිනමාවට පිවිසි අතර ඉන්පසු සිනමාපට කිහිපයක වැඩ කිරීමෙන් අනතුරුව ෆයිසාල් සිනමා කර්මාන්තයෙන් අතුරුදන්විය. ඒකට ඔහු චෝදනා කළේ ආමීර් ඛාන්ටයි. ආමීර් තමන්ව වහල් භාවයට පත්කොට නිවසේ රඳවලා තියෙනවා කියලා ඔහු චෝදනා කළා. මානසික රෝගයක් හේතුවෙන් ඔහුට ප‍්‍රතිකාර ලබාගන්නට පවා සිදුවෙලා තියෙන අතර ආමීර් දේපළ උදුරා ගත්තා කියලා ෆයිසාල් චෝදනා කළා. ආමීර් සම්බන්ධයෙන් ෆයිසාල් විසින් කරලා තියෙන ඒ චෝදනා ගැන සිනමා කර්මාන්තය තුළ භීතියක් ඇතිකරලා තියෙනවා. කෙසේ වුවත් ආමීර් විසින් සිය පැහැදිලි කිරීමේදී ෆයිසාල් මානසික රෝගයකින් පෙළෙන බවත් ඒ නිසා ඔහු ඒ වගේ දේවල් කියනවා කියලත් කියා තියෙනවා. මේ වනවිට ෆයිසාල් සුවය ලබා සිටින අතර ඔහු ආමීර් එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.

05. අමිතාබ් බච්චන් කිසිම විටෙක සහෝදර අජිටාබ් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා නැහැ.

බොලිවුඩයේ පුරාවෘතාන්තය වන බිග් බී ඔහුගේ සහෝදරයා අජිටාබ් එක්ක එතරම් හොඳ බැඳීමකින් කටයුතු නොකරයි. බච්චන් පවුලේ කිසිදු මත භේදයක් මෙතෙක් නිරාවරණය නොවූවාක් මෙන් අජිටාබ් එක්ක තියෙන ආරවුල මොකක්ද කියලත් අනාවරණය කරගන්න කිසිවෙක් සමත්වෙලා නැහැ. ඒත් අජිටාබ් අමිතාබ්ගේ පවුලේ කිසිම උත්සවයකට සහභාගී වෙන්නේ නැහැ.

06. රන්බීර් කපූර් පියා රිෂි කපූර් එක්ක ඇතිවූ මත භේද හේතුවෙන් නිවසින් පිට ඉඳලත් තියෙනවා.

රන්බීර් කපූර් ඔහුගේ පියා ජීවතුන් අතර සිටින කාලයේදී රණ්ඩුවක පැටලිලා ඉඳලා තියෙනවා. මේ භේදය කොච්චර දරුණු එකක් වුණාද කියනවා නම් රන්බීර් වෙනම නිවසක ජීවත්වෙන්න පටන් අරගෙන තියෙනවා. කත‍්‍රිනා එක්ක රන්බීර්ගේ තිබුණු සම්බන්ධයට රිෂී කපූර් එතරම් සතුටට පත් නොවූ අතර රන්බීර්ට කත‍්‍රිනා එක්ක දිවි ගෙවීමට ඇවැසි බව පැවසීම නිසා තාත්තයි පුතයි අතර රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. එට පස්සේ රන්බීර් වෙනම ගෙදරක ජීවත්වෙලා තියෙනවා. ඒත් කාලයක් ගතවෙද්දී තමන්ගේ පියාට පිළිකාවක් වැළඳී ප‍්‍රතිකාර ගන්න නිව් යෝර්ක්වලට යද්දී රන්බීර් තමයි තමන්ගේ තාත්තව රුකබලාගෙන තියෙන්නේ.

07. රේඛාගේ පියා නිතරම ඇයව ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා.

රේඛා ජෙමිනි ගනේෂන්ගේ නීතිමය නොවූ දියණියක් වූ අතර ඔහු ඇයව අඳුනාගන්න එක පවා හැමවිටම ප‍්‍රතික්ෂේප කළා කියන එක ඔබ දැනගෙන හිටියද? රෑපවාහිනී සාකච්ඡාවකදී රේඛා විසින් මෙන්න මෙහෙම කියලා තියෙනවා. මගේ තාත්තා වරක් එයාගේ විවාහක බිරිඳගේ දරුවෝ පාසලට ඇරලවන්න ආව වෙලාවේ මාව පහුකරගෙන ගියත් මාව දැකලත් මාව අඳුනන්නේ නැහැ වගේ යන්න ගියා.
ඒ වගේ පියෙකුගේ සහ දියණියකගේ සම්බන්ධතාවය මොන වගේද කියලා ඔබට අනුමාන කරන්න පුළුවන් නේද?

08. ලතා මංගේෂ්කර් ආශා බොංස්ලේගේ විවාහයට විරුද්ධ වුණා.

ජනප‍්‍රිය ගායිකා ආශා බෝංස්ලේ ලතා මංගේෂ්කර්ගේ නැගණියක් බව ඔබ දන්නවනේ නේද? ඒත් මේ අක්කා නගෝ දෙන්නා බොහෝ කාලයක් හිත් අමනාපෙන් කල්ගෙවලා තියෙනවා. පවුලේ කැමැත්තට පටහැනිව ආශා ජී විවාහ වෙන්න තීරණය කරන අතර ඒ තීරණය ගැන ලතා ජී දැඩි කෝපයට පත්වෙලා. ඒ නිසා ආශා ජී එක්ක සබඳතා පවා නතර කරලා තියෙනවා.

09. මල්ලිකා ෂෙරාවත්ගේ සමහර දර්ශන නිසා ඇයගේ පියා ඇයත් එක්ක අමනාපයි.

මල්ලිකා ෂෙරාවත්ගේ නමත් මේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා. ඇය සිනමා කර්මාන්තයට පය තියන්න හදනවා කියලා දැනගත්ත ගමන් ඇයගේ පවුලේ උදවිය ඇයත් එක්ක ගොඩාක් කෝපයට පත්වුණා. තාත්තා තමයි ඇයත් එක්ක ගොඩක් අමනාපවෙලා තියෙන්නේ. වැඩිහිටියන්ට පමණයි දර්ශනවලට පෙනී හිටින්න මල්ලිකා තීරණය කරන නිසා පවුලේ හැමෝම ඇයත් එක්ක අමනාප වුණත් කාලයත් එක්ක සියල්ලා යථා තත්වයට පත්වෙලා තියෙනවා.

10. සුර්වීන් චාව්ලාගේ සිනමාපට නරඹන්න එයාගේ පවුලේ අය කැමැත්තක් දැක්වූයේ නැහැ.

සුර්වීන් චාව්ලා රංගනය සිය වෘත්තිය කරගන්නවට ඇයගේ පවුලේ අයත් කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒත් සුර්වීන් රංගනයට පා තියන්නේ ඇයගේ මව්පියන්ගේ කැමැත්තට අනුවයි. ඒත් හේට් ස්ටෝරි 2 කියන සිනමාපටයෙන් පස්සේ සුර්වීන් එක්ක ඇයගේ පවුලේ හැමෝම තිබුණු ඇයි හොඳයිකම් නතර කරලා තියෙනවා. ඒත් මේ වෙද්දි නම් නැවතත් එයත් යථා තත්ත්වයට පත්වෙමින් තියෙන බව තමයි ආරංචියි.