මචෝ ලංකාවේ මේ දවස්වල ලොකුම Y Trend එක මොකක්ද කියලා ඇහුවොත් සරල උත්තරයක් තමා Cricket. සිරාවටම Cricket කියන්නේ ලංකාවේ සදාතනික Trend එකක්. ඒත් කෝවිඩ් නිසා පහුගිය කාලේ Cricket දකින්න තිබ්බේ නෑ. හැබයි පැංචෝ ඔන්න දැන් එකපාරට Cricket වසන්තය ඇවිල්ලා. ලෝකේ පුරා තරගාවලි කිහිපයක්ම පටන් අරගෙන තියෙනවා. කාලෙකට පස්සේ නිසා ඔන්න ලෝකේ වටේම කස්ටිය ෆෝම් වෙලා සහෝ.
හැබැයි අපේ මචංලාගේ උන්මාදයට හේතුවෙලා තියෙන්නේ LPL (Lanka Premier League). මේ වෙනකොට රටේ අංක එකේ Y Trend එක තමා මේක. ඒ නිසාම මේ Story එක අපිට මඟහැරලා යන්න බෑ සුදෝ. සාමාන්‍යයෙන් අපි Sports Trend ගැන කතා කරනවා අඩුයි. ඔන්න අද කතාව අදාළ නෑ වගේ නම් සොරි වෙන්න ඕනෑ. හැබැයි අපි කතා කරන්නේ තරගාවලිය ගැන නෙවෙයි. ඒ වටේ ගොඩනැගිලා තියෙන Trend ගැන. විශේෂයෙන්ම Social Media ඇතුළේ වෙන අමුතු දේවල් ගැන. මේක ඉතින අමුතුම සීන් එකක්. Trend සෑහෙන ගාණක එකතුවක්.
අපේ ෆෙන්තෝලාට කියන්න ලංකාවේ ක්‍රිකට් Fans ලා බුකියේ ඇතුළේ පහට බෙදිලා. එක එක ආතල් ගන්නවා. ගාල්ල කොළඹ මහනුවර අය තමා වැඩි ආතල් දෙන්නේ. ගාල්ලේ කස්ටිය දකුණු සීන් එකේ අමුතු ලයින් එකක් දෙනවා. ඉතින් ඒක අනික් අයට දිරවන්නේ නෑ. පෝස්ට්වල Comment තීරුවේ කට්ටිය මරා ගන්නවා. මේ අස්සේ මහනුවර අයට නිතර දෙන ආතල් එක තමයි සුද්දා ගල විද්ද සීන් එක. ළඟදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නත් සුද්දා ගල විද්ද සීන් එක කියලා Instagram එකේ Story ක් දාලා තිබ්බා. ඒවනි මචෝ ආතල්. දිමුත් සීන් එක ඒ කණ්ඩායම්වල අයට Story Tag කරාත් එක්ක.
ඒ අස්සේ කොළඹ අය තමා පොරවෙන්න දඟලන්නේ. ඒත් දකුණෙන් මහනුවරින් එන ඇටෑක් එක සුළුපටු නෑ. කොළඹ අය තරගාවලිය දැනටමත් දිනලා ඉවරයි කියලා තමා හිතාගෙන ඉන්නේ. මෙයාලා ඉතින් අනික් අයට කින්ඩි දාන එක තමා ජොබ් එක කරගෙන තියෙන්නේ මචෝ. බුකියේ Page එහෙමත් දැන් බෙදිලා ඉන්නේ. එයාලා ඇටෑක් කරගන්නවා. මේවා සමීපව නිරීක්ෂණය කරන ඕනා සුදෝ. ඒක තමා සීන් එකේ ආතල්ම කොටස. තාම ඉතින් LPL තරගාවලි පටන් ගත්තා විතරනේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. හැබැයි මේ බෙදීම් ආතල් එකට විතරක් තියාගත්තොත් තමා හොඳ. දඹුල්ලත් ළාවට සීන් එකේ ඉන්නවා. අපි බලමු. යාපනය සීන් එකට අවතීර්ණ වෙන විදිහත් මරු. යාපනෙනුත් ළාවට සීන් එක තියෙනවා. අපි බලමුකෝ ඉස්සරහට.
මේ කාලේ තියෙන Y Trend වලින් හරිම සවුත්තු කෑල්ලක් තමා ක්‍රීඩකයන්ට අපහාස කිරීම. මෙදා පාර තරගාවලිය ආරම්භ වෙනකොට ලංකාවේ ක්‍රිකට් Fans ලා කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට තමා අපහස උපහාස කරන්න පටන් ගත්තේ. ඒකට හේතුව වුණේ ගේල් LPL එනවා කියලා පස්සේ මුදල් ගැන කාරණාවක් නිසා නෑවිත් ඉන්නවා කියලා පැතිරුණ ආරංචිය. ගේල්ට අපහාසවලට වඩා සිද්ධ වුණේ උපහාස. කොහොම වුණත් ගේල්ට නම් ඔය සීන් එක ආරංචි වෙන්නේ නැතුව ඇති. ඒත් සමහරු ගේල්ගේ Social Media Account වලට Post වලට සැර කමෙන්ට් දාලා තිබ්බා. කැතයි හොඳේ.
ලසිත් මාලිංගව තමා දරුණු විදිහට මේ සවුත්තු Trend එකට ගොදුරු වුණේ. මාලි කිව්වා LPL ක්‍රීඩා කරන්න බෑ පුහුණු වුණේ නැති නිසා කියලා. මේක Fans ලා බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. කොහොම හරි මාලි විරෝධය බුකිය ඇතුළේ සැරට නැගලා ගියා. ලංකාවේ Cricket Page තියෙනවා සෑහෙන්න. ඔය හැම එකක්ම වගේ මාලිට ගැහුවා. කැත කතා මඩ ප්‍රචාර අඩු වුණේ නෑ. මාලි Fans සුළු පිරිසක් තම පෙරළා සටන් කළේ. මාලි හරි වුණත් වැරදි වුණත් සුදෝ ඔය මඩගැහිල්ල නම් අපිට අනුමත කරන්න බෑ.
මේ අතර මේ සවුත්තු Trend එකේ අනික් පැත්තකුත් තිබ්බා. ඒ තමා ක්‍රීඩකයන්ව නොසෑහෙන්න අගය කිරීම. මේකෙදී අපේ Fans ලාගේ වන්දනාවට ලක්වුණේ කොදෙව් ක්‍රීඩක ඇඩෲරසල්. පස්සේ දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්ව. රසල් කියන්නේ ලොකු ලීග්වලදී ලොකු ගාණක් ගන්න ක්‍රීඩකයෙක්. ස්ටේනුත් එහෙමයි. ඒත් කොළඹ කණ්ඩායමට රසල් ආවේ එච්චර ලොකු මුදල් අරගෙන නෙවෙයි. ඔන්න ඔය නිසා රසල් වන්දනා කරන අපේ බුකී ක්‍රිකට් ලෝලීන් කටයුතු කළේ. එයාලා කිව්ව විදිහට රසල් ලංකාවට ආවේ මැතිව්ස් එක්ක ක්‍රීඩා කරන්න තියෙන කැමැත්ත නිසාලු. තව රසල් ලංකාවට ආදරේ නිසාලු. ස්ටේන් නම් තාම ලංකාවට ඇවිල්ලා නෑ. හැබැයි තරඟාවලි අතරතුර එනවා කියලා තහවුරු කරලා තියෙනවා.
ඊළඟ Trend එක වුණේ ඉන්දියානු විරෝධය පකිස්තාන් ප්‍රේමය. මේ සීන් කෝන් එක පටන් ගත්තේ ICC නිල Facebook Page එක නිසා මචෝ. ලංකාවේ සීන් ගැන ICC ය දාන Post වල Comment තීරුවේ ඉන්දියාවේ උණුයි පාකිස්තානයේ උණුයි මරාගන්න ගත්තා. සමහර ඉන්දියන්කාරයෝ ලංකාවට කැත ටෝක් දෙනකොට, කඩු පොලු අරගෙනම සටනට අවතිර්ණ වුණේ පාකිස්තාන්කාරයෝ. ඒ විතරක් නෙවෙයි ඉන්දියන්කාරයෙක් ලංකාවට හොඳක් කිව්වත් පකිස්තාන්කාරයෝ ඉන්දියන්කාරයොන්ට කිණ්ඩියක් දානවා. මේක මරු ආතල් එකක් වුණා. අපේ අතරේ මේ බූකී ගැටුම්වලට පොහොර පස් දැම්මා. මේ අස්සේ සමහර බංගලියෝත් ටොකු කන ලෙවල් එකේ රුඟුවා. මේක ඉතින් කාලයක ඉඳන් තිබ්බ පට්ට Trend එකක් මචෝ.
සිරාවට කියන්නේ දවසක දෙන්නද ICC Facebook Page එකේ Asians ආතල් ගැන වෙනම Y Trend එකක්. කොහොම වුණත් මේ Page එකේ ආතල් ගැන ප්‍රවීණයන් අපේ අයටත් තියෙනවා. ලංකාවට අදාළ පොස්ට් එකක් දැම්මොත් ලෙසටම Like, Comment එහෙම අපේ සුදාල දානවා. බුකී වාසී ක්‍රීඩාලෝලීන්ට ICC Page එක පට්ට ලොකු සීන් කෝන් එකක්. මේ දවස්වල ලෝකේ වටේම තරගාවලි පටන් අරගෙන තියෙන නිසා මේ Page එක හරි බිසී. බුකීයේ සමහරු අතර තියෙන අමුතු විශ්වාසයක් ගැන කියන්නද? ආතල් බ්‍රෝ. අපේ සමහරු විශ්වාස කරනවා මේ Page එකේ Admin අපේ එකෙක් කියලා.
ලංකාවේ LPL ආතල් එක රන් කරන්න Official විදිහට කරන දේවල් හෙමත් තියෙනවා. හැම ටීම් එකක්ම වෙනම ගේමක් හදාගෙන තියෙනවා. ඒ වගේම හෑෂ් ටැග් හෙමත් තියෙනවා. පොදුවේ එක්ව ජයගමූ wintogether LPL2020 ටැග් හාවිතා කරනවා. තව සීන් එකක් තමා Profile Pic Frame හඳුන්වා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි challenge Hash Tag හෙමත් නිර්මාණය වෙමින් තියෙන්නේ. තව ඉතින් නිල වශයෙන් කරන දේවල් නම් ගොඩාක් තියෙනවා. ඒවා ගැන අපි අද කතා කළේ අපේ මචාලා ගන්න ආතල් ගැනනේ. බුකියේ ටුව්ටර් එකේ ඉන්ස්ටගෑම් එකේ නිල නොවන එක එක ආතල් එකවුණේ LPL වෙනුවෙන් නිර්මාණය වෙලා. ඉතින් සුදෝ මේක ආතල් ගුලාවක්. ලංකාවට මේ වගේ අත්දැකීමක් ලැබෙන පළවෙනි වතාවනේ. අපි ආයේ Final එකට කලින් දෙන්නම් කෝ සැර විස්තරයක් LPL ආතල් ගැන. ආරම්භයක් විදිහට මේ ඇතිනේ බ්‍රෝ'