2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

හාර හාර හොයන රාවණා....

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

මචෝ Trend ගත්තම හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා. ඒ වගේම බැලූ බැල්මට නොපෙනන ඒවා තියෙනවා. ඔන්න අපි මේ මාර කතා කරන්න යන්නේ බැලූ බැල්මට නොපෙනන Trend එකක් ගැන. මේක ලාංකික තාරුණ්‍ය අතර තියන Trend එකක්. සීන් කෝන් එක ටිකක් සංකීර්ණයි. බොන්න ගියත් කන්න ගියත් වෙන මොනවා හරි එකකට සෙට් වුණත් අපේ කොල්ලෝ මේ මාතෘකා ගැන කතා කරනවා.

අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඔය කස්ටිය සෙට් වුණාම කතා කරන මාතෘකා. දේශපාලන ක්‍රිකට් වගේ වේවා. ඒවා ඉතින් සදාතනික trend තමා සුදෝ. මේක පහුගිය දශක ඇතුළේ කන බොන තැන්වලට ආපු මාතෘකාවක්. ඉතිහාසය ඔප්පු නොවුණු ඉතිහාසය. ඉතිහාසය කියන්නේ Y Trend එකක් කීවාම ඔන්න සහෝලා අවුල්  ගන්න එපා. මේක මෙන්න මෙහෙමයි. ඔය සෙට් වෙන තැන්වල දැන් ඔයාලා අහලා නැත්ද රාවණා, අතීතයේ ලංකාව ගැන වගේ දේවල් කතා වෙනවා. මං හිතන්නේ අහලා ඇති.

ඔන්න පැංචෝ වරදවා වටහා ගන්න එපා අපි කතා කරන්න යන්නේ රාවණා ගැනවත් ඉතිහාසය ගැනවත් නෙවෙයි. ඉතිහාසය රාවණා, දෙවියෝ, යක්කු Trend වෙන එක ගැන. අපි පොඩ්ඩක් කල්පනා කරොත් 90 දශක ගැන වගේ ඒ කාලේ ඔය වගේ මාතෘකා ගැන අපේ Young Generation එක කතා කළේ නෑ. මේකට කියනේ මචෝ අතීතකාමය කියලා. හැබැයි මචෝ ජනප්‍රවාද ඔය වගේ අමුතු සීන් කාලෙක ඉඳලා තිබ්බා. ඒත් ඒ ගැන හොයලා බැලුවා වේ නෑ. කවුරුත් ලොකුවට කතා කරේ නෑ. 
සුදෝ මේක සමහරු කියන විදිහට හිතාමතා සමජයේ නිර්මාණය කරපු උත්කර්ෂයට නංවපු මාතෘකාවක්. ඒ සීන් එක මෙහෙමයි. ඔය 2005න් පස්සේ යුද ජයග්‍රහණය අවශ්‍ය පදනම මානසික රට තුළ සකස් කරන්න තමා මේ මාතෘකා කරළියට ආවේ. ඔය රෑපවාහිනියේ ගිය ඉතිහාස සංවාද, එතකොට අබා වගේ චිත්‍රපට මේකට හේතු වුණා කියලා කියනවා. ඉතින් යුද්ධය දිනුවට පස්සේ මේ දේවල් සමාජයේම කොටසක් කියන එක තමා ඒ මතයට අනුව කියවෙන්නේ.

අනික් සීන් එක ඉතින් ඔය රාවණා උමතුව තමා මේ සීන් කෝන් එකට හේතුව කියලා කස්ටියක් කියනවා. ඒක මෙහෙම සීන් එකක්. ඔය කොග්ගල නිලමේ කියලා පරණ පොතක් කරළියට ආවා. දැන් අවුරුදු 10කට 15කට කලින්. ඒක මචෝ පනස් ගණන්වල ලියපු එකක් PDF තමා තිබේ. ඔය මධ්‍යම පාංතික සාමාන්‍ය ජනතාව අතර තරුණයෝ අතර මේක හුවමාරු වුණා. මේ වෙනකොට රාවණා ගැන හොයමින් හිටපු පරීක්ෂකයෝ වගේ අය හිටියා. තව ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධ අය හිටියා. මෙයාලා කියන දේවල් මුල් කාලේ සාමාන්‍ය සමාජයට එච්ච වැඩක් වුණේ නෑ. ඒත් අර පොතේ සීන් කෝන් එකත් එක්ක මාර උමතුවක් කතාබහක් සමජේ ඇති වුණ නිසා මෙයාලා කියන ඒවා කට්ටිය අහන්න ගන්න ගත්තා.

ඔන්න ඊටපස්සේ රාවණා ගැන වගේම අතීත ලංකාව ගැන මාර කතා කියන අය එළියට ආවා. සුදෝ මේවා ඇත්තද බොරුද කියලා කියන්න අපි නම් දන්නේ නෑ. හැබැයි පහුගිය කාලේ රාවණාගේ අක්කලා මල්ලිලා පවා ආයේ ඉපදිලා මාර කතා කියන්න පටන්ගත්තා. එතකොට මාධ්‍ය සමජයේ ඇතිවෙන ඕනෑම දෙයක් විකුණන්න දක්ෂයිනේ. එයාලා සීන් එක විකුණන්න පටන් ගත්තා. අයිෂමා  ගුණ්ඩු. රාවණා ගැන, ඒ යුගය ගැන, යක්ෂ ගෝත්‍රය ගැන මාර උණක් අපේ අයට හැදුණා. අන්තිමට අපේ සුදාලා. අපි යක්කු බොලව් කියන තත්ත්වයට ආවා. ඉස්සර යක්කුන්ට බය වෙච්ච ලංකාවේ මිනිස්සු තමන් යක්කු කියලා කියාගන්න තැනට මේ සීන් එක Trend කරේ ජන මධ්‍යය.

ඔන්න මේ වෙනකොට බුකියේ රාවණා වංශිකයෝ බිහි වෙලා මචෝ. Page හැදිලා Group හැදිලා. ටෙලිනාට්‍යයත් හැදිලා. ඉතින් ඔන්න ඔහොම තමා කොල්ලෝ කන බොන තැන්වලටත් අතීත ලංකාවේ ශ්‍රී විභූතිය මාතෘකා වුණේ. අද තත්ත්වය ගැන කතා කරොත් මාර ආතල්. දැන් ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව ප්‍රාමාණික බුද්ධිමතුන් වගේ තමා හැසිරෙන්නේ. නොලියවුණු ඉතිහාසය ගැන මාර ආඩම්බර ස්වරයෙන් තමා කතා කරන්නේ. ඔය කට්ටිය අතර මාර මත ගැටුම් පවා නිර්මාණය වෙනවා සෙට් වුණාම. මේ සීන් එකට විරුද්ධ භෞතිකවාදී ඩයල් එකක්කුත් වැඩේට සෙට් වුණොත් තමා පට්ට.

මෙහෙම Trend එකක් ඇති වුණේ ඇයි කියන එකත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න ඕනෑ සහෝ. සහෝ මිනිස්සු වෙච්ච අපි අතීත ගැන ආඩම්බරයි වෙන කොහොමත් කැමතියි. හොඳ වර්තමනයක් නැති වුණාම අතීතයේ සැප සම්පත් ගැන කතා කරන එක මිනිස් ස්වභාවයක්. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඔය අතීත ලංකාවේ ශ්‍රී විභූතිය ගැන උදම් අනන්න හේතුවත් මේකම තමා. හැබැයි මේ කතා වෙන අමූලික බොරු කියන තැන  නම් අපි නෑ. ඒත් දැන් මේ රැල්ල බොරුකාරයන්ගේ තෝතැන්නක් වෙලා කියන එක නම් ඇත්ත.

මේ ට්‍රෙන්ඩ් එකෙන් සමාජ දේශපාලන වාසි ගන්න අයත් ඉන්නවා කියලා අමතක කරන්න බෑ සුදෝ. ඒක ඉතින් ඕනෑම Trend එකක හැටිනේ සුන්දරා. හැබැයි මේ ගමනේ කෙළවර ගැන නම් තියෙන්නේ ලොකු භයක්. අපේ තරුණ පරම්පරාව මේ දේවල්වල අනවශ්‍ය විදිහට ඇලීම භයානකයි. ඒ හරහා මිත්‍යාවන් පිරුණු රටක් නිර්මාණය වෙන්න පුළුවන් අනාගතයේ දවසක. ඒ නිසා ඕනෑම දෙයක් අවබෝධයෙන් භාර ගන්න ඒ අය ලෑස්ති වෙන්න ඕනෑ. අද වෙනකොට මේ සංවාද ගමන් කරන්නේ හොඳ පැත්තට නෙවෙයි. 

මගේ මචෝ. අතීතය කියනේ අපිට පාඩම් ඉගෙනගන්න තියෙන මාර සම්පතක්. ඔය කතා සියල්ලම අපි පාඩමක් විදිහටයි ගන්න ඕනෑ. නැතුව පුහු මානයක් විදිහට නෙවෙයි. ඉතින් පරිස්සමෙන් හොඳේ.