විශේෂ රූපවාහිනී සාකච්ඡාවක් තියෙන තැනකට යන්න මැස්සට අහම්බෙන් අවස්ථාවක් ආවා. දොස්තරලා පස් හය දෙනෙක් ජ්‍යොතිෂවේදීයෙක්ටයි දේවාලෙක දෙයියෙක්ටයි වට කරලා දණ නමලා දෙන්න ලැහැස්තිය. වැඩසටහන නිවේදනය කරන්නෙත් ඩොක්ටර් කෙනෙක්. අබ ඇටේක මොළයක් නැති මැස්සටත් හිතුණා මේ ජ්‍යොතිෂවේදියයි දෙවොල් දෙයියයි තව ටිකකින් ඇදලා නාගන්නවා කියලා සබන් එහෙම ගාගෙන. උන්ගේ මූණු බැලුවාම පේනවා නාන්න බාල්දි අරගෙන පිට අතුල්ලන ලනු කොහු හිටන් අරන් ඇවිල්ලා තියෙන්නෙ කියලා.
- හොඳයි අපි අද පහුගිය සතියේ ආරාධනා කළා වගේම අපේ ප්‍රවීණ ෙජ්‍යාතිෂවේදී ඉන්ද්‍රජාල මහත්මයා සහ අති දුර්ලබ දේව වරමක් හිමි චාමර දෙවිරුවන් මහතා ඇවිල්ලා තියෙනවා. ඉන්ද්‍රජාලා මහත්තයා කියනවා ඕනම කෙනෙක්ගේ හිත් කියැවීමේ බලයක් තමන්ට තියෙනවා කියලා. දෙවිරුවන් මහතා කියනවා එයාට ඕනම කෙනෙක්ගෙ ඔළුවට අතක් තියලා ලෙඩ සුව කරන්න පුළුවන් කියලා. හොඳයි අපි ඒ ගැන සොයා බලන්න විශේෂ පිරිසකුත් සූදානම් කළා.
- කවුද මුලින් ඉදිරිපත් වෙන්නෙ?
- මම
- ඔව් දෙවිරුවන් මහත්තයාග ඔබතුමාගේ වෘත්තිය මොක්දද?
- මම ගොවියෙක්
- ගොවිතැන් කරන්නෙ මොනවද?
- දැන් නම් මොනවත් කරන්න වෙලාවක් නෑ
- ඇයි ඒ?
- ජනතාවට සේවය කරන්න තියෙනවා.
- ඒ කියන්නෙ ජනතා සේවයක් විදිහටද මේක කරන්නෙ?
- ඔව් අපොයි ඔව්
- මුදල් ගන්නෙ නෑ
- මුදල් ගන්නවා. ඒක තමයි ජනතා සේවය කියන්නෙ
- ඒ කියන්නෙ?
- මුදල් ගත්තම තමයි ජනතාවට සේවය කරන්නෙ. දැන් අපේ ගෙදර ජනතාවක් ඉන්නවනේ. මායි පවුලයි ළමයි ටිකයි
- ඉතින්?
- ඉතින් එයාලට සේවය කරන්න තමයි සල්ලි ගන්නෙ
- හොඳයි මොනවද ඔයාට පුළුවන්?
- මට පුළුවන් ඕනම ලෙඩෙක්ගේ ඔළුවට අත තියලා එයාගේ ඇඟේ තියෙන ලෙඩේ කියන්න. ඒ විතරක් නෙමෙයි ලෙඩේ හොඳ කරන්න
- හොඳයි මෙන්න අපි කෙනක් ගන්නවා සබාවෙන්
එක්කෙනෙක් නැගිටලා ගියා. එයාගේ ඔළුවට අත තියාගත්ත දෙවිරුවන් කතා කරන්න ගත්තා.
- ඒස්වාහං දෙයියෝ අහස පලාගෙන වර, දෙයියනේගේ නාමෙට වර, වර වර... නාන්න ඔන්න මෙන්න කේස් එකක් තියෙන්නෙ ඉතින් හනික වර... ඇත්තමට මහත්තයා මෙයාට ලෙඩක් නෑ...
- ලෙඩක් නෑ?
- නෑ... මෙයා හරිම නිරෝගියි
- ඇත්තම මහත්තයා මේ කියන්නෙ?
නිවේදක ඇහුවා.
- නෑ... මට ෂුගර් තියෙනවා, බ්ලඩ් පෙෂර් තියෙනවා, දියවැඩියාව තියෙනවා
- ඒවා ලෙඩද අයිසේ
- එහෙනම්?
- ඒවා මේ දැන් පැෂන් එකනේ. ඔය කියන ඒවා නැතිව දැන් මිනිහෙක් වෙන්න බෑ, අයියෝ මොනවද අප්පා මේ?
- හොඳයි අපි තව කෙනෙක් ගේමු
- ඕං රීන් වර වර වර... දෙයියනේ දෙයියනේගේ නාමෙට පිස්සු කෙලින්නෙ නැතිව වර... රෙන්දෙ ඉඳලා හේදෙන්නයි යන්නෙ හත්වලාමේ වර... හ්ම්.. මහත්මයා මෙයාට තියෙන්නේ ග්‍රහ අපලයක්
- ග්‍රහ අපලයක්?
- ඔව්...
- කොහොමද එහෙම කියන්නෙ?
- එහමෙ අහන්න එපා තියෙනවා
- ඒ කියන්නෙ තියෙන ලෙඩේට නමක් නැද්ද?
- ඒක තමයි කිව්වෙ බූත දෝෂයක්
- භූත දෝෂයක් කියන්නෙ ලෙඩක්ද?
- අම්ම ගහයි බැට් එකෙන්. බුතයෝ එක්ක හැප්පිලා බලන්න ඕන ඒවා කොච්චර ලෙඩද කියලා. ලෙඩක් නෙමෙයි තනිකර ඉස්පිරිතාලයක්.
- හොඳයි මහත්තයා ඔබට තියෙන ලෙඩේ මොකද්ද?
- මටත් දියවැඩියාව. පෙසර් එකත් තියෙනවා. තව මගේ අක්මාවත් දියවීගෙන යනවා කියලා දොස්තරලා කියනවා
- ඒකනේ කියන්නෙ... අන්න බලන්න. මොක්දද මේ කරන බොරුව...
- බොරු නෙමෙයි ඔයා ඉතින් පනිනවනේ
- ඇයි?
- මම කිව්වෙ බූත දෝෂයක් කියලා. අක්මාට වෙලා තියෙන වැඩේ බලන්න
- මොකද්ද?
- අක්මාව කියන්නෙ මොකද්ද? ලිවර් එක. ලිවර් කියන්නෙ මොනවද පීකුදු. ඇග ඇතුලේ ඉන්න භූතයා මුගේ පීකුදු කනවා. එකයි දිය වෙනවා කියන්නෙ
පොර කිව්වා. කොහොම වුණත් මිනිස්සු හූ කිය කියා හිනා වුණා. දෙයියා දේවාලේ මිදුලේ නාගනිද්දී ඉන්ද්‍රජාලට ඩොක්ටර් කතා කළා.
- ඉන්දුජාල මහත්තයා මොකද කියන්න තියෙන්නෙග ඔබේ වැඩ පෙන්නන්න පුළුවන්ද?
- අපොයි බෑ
- මොකද්ද?
- බෑ... බෑ...
- ඇයි?
- මට මෙතන හරි යන්නෙ නෑ, මට මගේ ඉන්ද්‍රජාල වැඩ කරන්න සුදුසු තැනක් තියෙනවා. මේ මැදිරි ඇතුෙළ් ඒවා කරන්න බෑ, මට ඒවට අවශ්‍ය පරිසරය ඕන.
ඉන්ද්‍රජාල එහෙම කියලා ෂේප් වුණා.
මම ඉතින් අනේ අපොයි කියලා එන්න ආවා.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා