2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මාසෙකට වතාවක් අපි කාෙහ් හරි යමු....

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 119

අපි සීතලේ වෙවුලමින් වැවේ ඔරු පදිමින් හිටියා. සුළඟටත් ඒ සීතල තදින්ම කා වැදී තිබුණා. අපි හිටියේ අපිටම කියාගන්න බැරි මොකක්දෝ හැඟීමක වෙලීගෙන.

හෙට ඉඳන් ආයෙත් පුරුදු ජීවිතේ නේද දුල්යානා... අවුරුද්දෙ දවස් ගෙවෙනවා විතරයි.. ජීවිතේ හැමදාමත් එක තැන. 

මටත් ඉක්මනට රස්සාවක් හොයාගන්න ඕනැ... හැමදාම උඹේ ගෙදරටවෙලා නිකම් කකා බිබී ඉන්න මට බෑ...

මම එහෙම හිතන්නෙ නෑ දුල්යානා... මගේ තනි ජීවිතේට උඹ ආව එක ගැන මට ඇත්තටම සතුටුයි. 

ඒත් අත් ලේන්සුවක් ගන්ටත් කාගෙන්වත් අත පාන තත්ත්වෙන් ජීවත් වෙන්න බෑ ජානා... මට මොකක්හරි රස්සාවක් ඕනැ. 

උඹ ඉගෙනගත්තු කෙනෙක්... උඹට කඩේක බඩු විකුණන රස්සාවක් හොයාගෙන යන්න බෑනේ.

ඒත් කමක් නෑ ජානා මම ජීවත් වෙන්න හොරකම් කරනවා නෙවෙයිනෙ.

බලමු...

එදා හැන්දෑව ගෙවී ගියේ කාලයකින් ලැබුණු අලුත්ම අත්දැකීම් සමුදායක් එක්ක... අපි වැවේ ඔරු පැද්දා... උද්‍යානයේ බංකුවක් මත ඉඳගෙන වැව දිහා බලාගෙන හිටියා... කතා කරන්න ඕනැ තරම් දේවල් අපේ හිත් ඉස්මත්තට ගොඩවැදිලා තිබුණා... අපි උද්‍යානයේ සිට රාත්‍රී නවාතැන් ගෙන සිටි හෝටලය වෙත ගියේ රෑ අඳුර වැටුණාටත් පසුවයි.

හොඳට උණු වතුරෙන් ඇඟ සෝදාගෙන පැනෙල් ගවුමක් ඇඳ ගන්න.. එතකොට ඔය සීතල නැතිවෙලා යයි... උඹ නැත්නම් ඔය වෙවුලනවා. 

මම නාන කාමරයට වැදී උණුවතුර මල යට සැනසීමෙන් හිටගෙන හිටියා. නිරුවත් සිරුර උණුසුම් ලෙස බදාගනිමින් සිරුරට වෑස්සෙන උණුවතුර සිතට ගෙනාවේ පුදුමාකාර සනීපයක්...

කෝපි හැදුවා... ඉක්මන් කරන්න වතුරෙ හුඟක්වෙලා ඉන්න එපා.

එහෙත් හදවතේ ඇවිලුණු ගිනි කඳු නිවී නොගියත් ජීවිතේට මොකක්දෝ සහනයක් මගේ හිතට දැනෙමින් තිබුණා.

සිරුර සියුම් ලෙස තෙතමාත්තු කරගත් මා පැනෙල් ගවුමක් හැඳ ඊට උඩින් ජර්සියක් දමාගෙන ගිනි උදුන ළඟ ඉඳගත්තා.

විනාඩි පහක් දෙන්න මමත් ඇඟ හෝදගෙන එනකම්. 

ඇය එසේ කියමින් නාන කාමරයට වැදී දොර වසාගත්තා. මම හිටියෙ ගිනි උදුන ළඟ උණුසුම විඳිමින්. රෝස මල් සුවඳැති සුවඳ විලවුන් ඇඟ ගල්වාගනිමින් ඇය මා සමීපයට ආවා.

මොනවද රෑට කන්නෙ. ටෝස්ට් කරපු පාන් එක්ක මාළුයි අල පෙතියි හොඳයි නේද? අපි ඒවා කාලා කෝපි බොමු.

හ්ම්... 

මොකද හ්ම් කියන්නෙ... ඔයා ආසා නැත්නම් අපි වෙන දෙයක් ඇණවුම් කරමු.

නෑ මම ආසයි... 

එහෙනම් ඇයි ඔයාගෙ මූඩ් එක හරි නැත්තෙ? 

අනේ මන්දා ජානා... වෙලාවකට මටවත් මාව තේරෙන්නෙ නෑ...

අපි ගිනි උදුන ළඟ ඉඳගෙන කර කළ පාන් පෙති මාළු සහ අල පෙති සමඟ කෑවා.

දුල්යානා.... 

ඇයි?

අපි මාසෙකට වතාවක්වත් කොහේ හරි ඇවිදින්න යමු...

යමු... හැබැයි මාත් රස්සාවකට ගිය දවසක.. 

නතර කරගන්න දුල්යානා ඔය කතාව... 

ඇය පැවසුවේ මගේ උරහිසට සෙමෙන් තට්ටුවක් දමන ගමන්. එදා රෑ අපි සීතලට වයින් බොමින් සින්දු ඇහුවා.

ඇත්තටම ඒ ගෙවී යමින් තිබුණේ ඉතාමත් දිගු රාත්‍රියක්.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00