දයාබර මචංලා ඔන්න අද අපි ගලපන්න යන්නේ කාලීනයි කියලා හිතෙන Y Trend එකක්. යකඩ යක්කු පිට නැගලා රූං ගාලා ඉගිලෙන ලොකු බයික් පිස්සුව. දුක කියන්නේ සුදෝ පහුගිය දවසක අපේ මේ පිස්සුව නිසා පුංචි දරු පවුලගේ ජීවිතේ නැතිවුණා. පපුව හෝස් ගාලා පත්තුවුණ මේ සීන් එක නිසා ඔන්න අපේ කස්ටිය මේ සීන් එක ගැන කතා කරන්න බනින්න විවේචන කරන්න පටන් ගත්තා. ඒ වුණාට එහෙම මහා ලොකුට කතා කරන අය මේ සීන් එකේ අග මුල දන්නේ නෑ. අන්න ඒ නිසා අපි අද අගමුල ගලපා මේ Trend එක ගැන Story ඔයාලට Line කරනවා.
අජානීය ස්කූටර් තුරඟෙකු පිට නැගිලා එන කුමාරයෝ ගැන ලංකාවේ කතා කරන්න පටන් ගත්තේ අදක ඊයෙක නෙවෙයි. මචෝ මුලට ගිහිල්ලා ඉතිහාස කතාවත් බලාගෙනම අපි එමු සීන් එකට. ලෝකේ පළවෙනියට යතුරුපැදි හදන්න උත්සාහා කරන්නේ 1850-70 අතර කාලේ වගේ. ඒක වෙනම දිග කතාවක්. කොහොම වුණත් පළවෙනි ලෝක යුද්ධය තමා යතුරුපැදි භාවිතයේ වසන්තය ලෝකෙට අරගෙන එන්නේ. මොකද යුද භටයෝ පණිවිඩ ගෙනියන්න යතුරුපැදි භාවිතා කරනවා. ඒ වගේ මේ කාලේ අශ්වයෝ අතහැරලා යතුරුපැදි භාවිතා කරන්න පෙළඹෙනවා. සීන් එක ආරම්භයේදී නැගලා යන්නේ ඇමෙරිකානු හාලි ඩේවිඩ්සන් සමාගම. කොහොම හරි 1920 වනවිට රටවල් 67ක් දක්වා තම නිෂ්පාදන බෙදාහරින ලද හාලි ඩේවිඩ්සන් සමාගම ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා බවට පත්වෙනවා. ඒත් ඉතින් 20 වැනි දශකයේ අගභාගය වනකොට ජර්මනියේ ඩී.කේ.ඩබ්ලිව්. සමාගම ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා වෙනවා. හරි ඔහොම තමා ඉතිහාසය කතාව. සම්පූර්ණ කියන්න බෑ පැංචෝ අපේ සීන් එක ගලප ගන්න බැරිවෙනවා.
කොහොම හරි රජ කාලේ අශ්වයාගේ පිටින් එන කුමාරයාට ගැන තිබුණු කතන්දර මතකනේ. අශ්වයාගේ තැන තමා මෝටර් බයික් එක අරගන්නේ. ඊට පස්සේ මෝටර්රථ බයික් පදින තරුණයෝ කුමාරවරු වුණා. සුද්දාගේ කාලෙම ලංකාවට මෝටර් බයික් ආවට අපි කතා කරන බයික් පිස්සුව රටටම බෝවෙන්නේ සිනමා කර්මාන්තයේ දියුණුව එක්ක මචෝ. ඊට කලින් කොළඹ කේන්ද්‍ර කරගෙන කෙළිලොල් ඉහළ පංතියේ තාරුණ්‍ය අතර මේ වගේ දෙයක් තිබ්බා. 70 දශකය 80 දශකය වෙනකොට පුළුල් තිරයේ සිනමා වීරයෝ මෝටර් බයික්වල නැගලා ඉගිල්ලෙනවා දකින ගම් දනව්වල තාරුණ්‍යය අතර බොහෝම හිමීට මේ බයික් පිස්සුව ඇති වෙනවා. ඒ ඉතින් ඇති හැකි පන්තියට විතරයි මෝටර් බයික් එකක් ගන්න පුළුවන් වෙන්නේ.
ඒත් මේ වෙනකොට ලෝකයේ යතුරුපැදි තරඟ පවා ඇතිවෙලා ඉවරයි. කොහොම වුණත් සිනමාව එක්ක ආපු නිසාද දන්නේ නෑ මචං. අපේ මෝටර් බයික් සංස්කෘතික එක්ක පොඩි හයිරං මැර සීන් එකක් ගැලපෙනවා. 30 අවුරුදු යුද්ධ එක්ක ඔය ට්‍රේල් බයික් හීනයක් අපේ තාරුණ්‍යයට ඇතිවෙනවා. සොල්දාදුවෝ විදිහට යුද්ධය ගිහිල්ලා අතට කීයක් හරි එනකොට තාරුණ්‍යයේ සිහිනය ට්‍රේල් බයික් එකක්. 90 දශකයේ තාරුණ්‍යය තමා වර්තමාන මේ බයික් පිස්සුවේ ආරම්භකයෝ වෙන්නේ. ඒත් ඒක එදා හරි අහිංසක අව්‍යාජ ආසාවක්. මේ වෙනකොට ලංකාවේ යතුරුපැදි තරගත් ආරම්භ වෙනවා. ඉතින් 2000න් පස්සේ මේක වෙනම උප සංස්කෘතියක් බවට පත්වෙනවා මචෝ.
තවදුරටත් බයික් එකක් කියන්නේ ධනපති වාහනයක් නෙවෙයි. ඔන්න සල්ලි එකතු කරලා අපේ කෙල්ලෝ කොල්ලෝ හැමකෙනාම බයික් එකක් ගන්නවා. 21 වැනි සියවසේදී ඉන්දියාවේ නිෂ්පාදන වෙන බයික් තමා හැමෝම වගේ ගන්නේ. එදිනෙදා කටයුතුවලට සෑහෙන්න උදව් වෙන වාහනයක් බවය යතුරු පැදිය පත්වෙනවා මචෝ. ඒත් අපි අපි කිව්ව මැර රැඩිකල් තග බයික් පිස්සුව මේ ධාරාවෙන් මිදිලා වෙනම යනවා. 2000 මුල් දශකයේ ජනප්‍රිය ට්‍රේල් බයික් ගල් ආම් වගේ බයික් වර්ග තමා. ජපන් බයික් අශ්වබල ප්‍රමාණය අනුව, මාදිලි අනුව වර්ග කරලා එනකොට වෙනම පිස්සුවක් රටේ ඇති වෙනවා. මහ පාරේ රෑං ගාලා ඉගිල්ලෙන පිස්සුව. රේස් බලන්න යන පිස්සුව ඔන්න මේ කාලේ වෙනකොට හොඳ ගාණකට ඇවිල්ලා.
ඔන්න මේ කලේ වෙනකොට MotoGP උණුසුම හිමීට ලංකාවට දැනෙන්න පටන් ගන්නවා. ට්‍රේල් වගේ බයික් වලින් මිදිලා අධික වේගයෙන් ඉගිලෙන සුපිරි CBR බයික්වලට අපේ අය මාරු වෙනවා. සිනමාවේ වගේ සුපිරි යතුරුපැදි තරග මේ අලුත් පිස්සුවට හේතු වෙනවා. විසිඑක්වන සියවසේ පළමු දශකයේ වාගේ තමා මේ අලුත් බයික් ලංකාවේ තාරුණ්‍යය අතට පත්වෙන්නේ. ඒත් මේවා ගන්න හැමෝටම බෑ. ලොකු මුදලක් ඕනා වෙනවා. කොල්ලෝ සෙට් එකකින් එකෙක්ට දෙන්නෙකුට තමා ලොකු බයික් එකක් බස්සන්න පුළුවන් වෙන්නේ සහෝ. ඉතින් ඒ බයික් එකත් එක්ක ඌ පොර වෙනවා. ඩයල් එක වටේ කට්ටිය එකතු වෙනවා. 2010න් පස්සේ මේ විදිහේ කල්ලි කණ්ඩායම් රටේ තැන් තැන්වල ඉන්නවා. ඒක වෙනම සංස්කෘතියක් මචෝ.
මෙයාලා රේස් බලන්න යනවා. සමහරු රේස් පදින්න හදනවා. පාරේ රෑං ගාලා ඉගිල්ලෙනවා. හරියට කෆීර් එකක් ගියා වගේ සද්ද එනවා. මිනිස්සු බනිනවා. මහ පාරේ රෝදේ උස්සන් යනවා. බැක් වීල් ගහනවා. අත් අතහැරලා යනවා. තැන් තැන්වල ඉන්න කණ්ඩායම් එකතු වෙනවා. සමහරුන්ට කැපිලි දානවා. ගැන්ස්ටස් ලයින් එනවා. හැබැයි මේ බයික් ප්‍රමාණයක් සීමිතයි. අනතුරු වුණොත් ඒවා ප්‍රමාණාත්මකව අඩුයි. ආ තව සීන් එකක්. මේ බයික් ගොඩක ඇන්ජින් ධාරිතාව ලංකාවේ පදින්න තහනම්. ඉතින් ලියාපදිංචි නොකළ බයික් තියෙනවා. ඒ වගේම හොරට ලියාපදිංචි කරපුවා තියෙනවා. පොලීසියෙන් අල්ලනවා ඇමැතිලා බේරගන්නවා. අපි මේ කතා කරන්නේ 2015 ට කලින් කාලය ගැන මචෝ. ලංකාවේ තාරුණ්‍යයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ යතුරු පැදිය තිබුණේ මේ කාලේ කියලා කියන්න පුළුවන් මචෝ.
සුදෝ දැන් අපි එනවා වර්තමානයට. ලොකු බයික්වලින් සෑහෙන්න අනතුරුව වෙන. අසරණ මගී ජීවිතය වගේම තරුණ ජීවිතය විනාශ වෙන සුපිරි යතුරු පැදි ඛේදවාචකයක් වුනු වර්තමානයට. මොකක්ද පහුගිය අවුරුදු 5ක් 6ක් වගේ කාලේ ඇතුළේ මේ Trend එකට වුණේ. කිසිම දෙයක් එකම කණ්ඩාමක් අතේ තියෙන්නේ නෑ කාලයක් යනකොට. සුපිරි යතුරු පැදි සාමාන්‍යකරණය වෙන්න පටන් ගත්තා. අම්මා තාත්තලා තමන්ගේ හයිකාරං පෙන්නන්න පුතාලට ලොකු බයික් අරන් දුන්නා. ලක්ෂ හය හතක් කරන එක තවදුරටත් ප්‍රශ්නයක් වුණේ නෑ. සමහරු දරුවෝ ගෙදර රණ්ඩු කරලා බයික් ගත්තා. ආසාවට ලොකුකමට Fashion එකට. ඊට කලින් පරම්පරාවේ විරල වුණ බයික් මේ පරම්පරාව තුළ සුලභ වුණා. මෙතැන තව ලොකු දෙයක් වුණා යාන්තම් අවුරුදු 17-18 වෙනකොට තමා මේ සුපිරි ලොකු බයික් එකක් මේ තාරුණ්‍යයට ලැබෙන්නේ.
රැඟීම නැතිනම් පොරවීම උපරිමයට වේගයෙන් ගිහිල්ලා වැඩක් වීම කියන දේ තමා මේ නාඹර තාරුණ්‍යයේ හීනය. මුල් කාලයේ ඒ සුපිරි බයික් එකක් තිබ්බත් කල්ලියක් හිටියත් පාරේ වැඩ දැම්මත් පොඩි පොඩි සීමා තිබ්බා. පොඩි බයක් තිබ්බා. ඒත් වර්තමානේ ඒ කිසිම දෙයක් නෑ. මේක පිස්සුවක් නෙවෙයි අද වෙනකොට උමතුවක් වෙලා. අනික් මිනිස්සු ගැන කිසිම තෑකීමක් නෑ. දෙමාපියන් කිසිම ආකාරයක පාලනයක් නෑ. මේ නාඹර තාරුණ්‍යය බාහිර සමාජය එක්ක නොගැටී හැදිලා තියෙන්නේ. පරිගණක ක්‍රීඩා සමාජ ජාලා ඔයවගේ දේවල් තමා ඔවුන් ළමා කාලයේ ඇසුරු කළේ. ඔවුන්ගේ මානසිකත්වය කියවාගන්න වැඩිහිටි සමාජය සම්පූර්ණයෙන්ම අසමත් සහෝ. හෙට තත්ත්වය තවත් භයානක වෙන එක නම් සිකුරුයි.
ට්‍රේල් බයික් පිස්සුවේ ඉන්න සුපිරි CBR යුගයේ මුල් අවස්ථාව දක්වා තරුණ්‍යයට වෙනම සමාජ ඇසුරක් ළමා කාලයක් තිබුණා. ක්‍රමයෙන් පරිහානිය කරා ගියත් ඔවුන් තුළ නම් ධර්මය ටිකක් හරි ඉතුරුවෙලා තිබුණා මචෝ. නමුත් අද තත්ත්වය වෙනස්. ඒත් දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ අඩුපාඩු පේන්නේ නෑ. පුළුවන්කමක් තියෙනවා නම් ඉල්ලන දේ අරන් දෙන්න දෙමාපියෝ උත්සාහා කරනවා. හම්බකරලා බයික් එකක් අරගෙන වැඩදාන ආතල් ගන්න අයන් නම් නූතන තාරුණ්‍යය අතර ඉතාම විරලයි. බහුතර දෙමාපියන්ගේ සල්ලි තමා මේ සුපිරි උමතුව පිටිපස්සේ තියෙන්නේ.
මේ වෙනකොට මේ සංස්කෘතික කොච්චර දියුණු වෙලාද කියලා කියන්න ඕනෑ තරම් සාක්ෂි තියනවා. Youtube Chanels, Bolg, Social Media Page, Social Media Group, විශාල ප්‍රමාණයක් මේ උප සංස්කෘතියක් වටා නිර්මාණය වෙලා තිබෙනවා. මගේ සුදාල හොයලා බල්ලන්න කෝ. කොහොම වුණත් තාරුණ්‍යයට කලින් මේ දේවල් තේරුම් ගන්න ඕනෑ වැඩිහිටියෝ දෙමාපියෝ තමා.