2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

බෙහෙත් නැති බොලිවුඩ් රථගාය

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

බොලිවුඩ් තරු ගත කරන්නේ ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් බව නොරහසක්. අපූරු බංගලා, සුපිරි මහල් නිවාස, සුපිරි මන්දිර විතරක් නෙවෙයි සුපිරි මෝටර් රථ තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. අද වෙනකොට මේ තරු ඉතාම ඉහළ වෙළඳපොළ වටිනාකමක් තියෙන මෝටර් රථ භාවිතා කළත් එක කාලෙක ඔවුනුත් පාවිච්චි කරන ලද මෝටර් රථ මිලට ගෙන පාවිච්චි කරලා තියෙනවා. බොලිවුඩ් තරැ මුලින්ම අරගෙන තියෙන මෝටර් රථය ගැන තමයි මේ ලිපියෙන් කියන්න හදන්නේ.

01. අමිතාබ් බච්චන්

බිග් බී එහෙම නැත්නම් අමිතාබ් බච්චන්ට අද වනවිට ලෝකයේ වඩාත්ම මිල අධික මෝටර් රථ තිබුණත් ඔහුගේ පළමු මෝටර් රථය වූයේ ෆියට් රථයක්. මේ පාවිච්චි කරන ලද මෝටර් රථය ඔහු විසින් කොල්කටා වලින් තමයි මිලදී ගෙන තියෙන්නේ. මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ මුම්බායිවලට වැඩිය අඩුවෙන් කොල්කටාවලින් ඔහුට මේ මෝටර් රථය හිමිවෙලා තියෙනවා.

02. ශාරුක් ඛාන්

බොලිවුඩයේ කිං ඛාන්, ශාරැක් ඛාන්ගේ අද වනවිට මෝටර් රථ එකතුවට බී.එම්.ඩබ්ලිව්. අවුඩි වැනි මිල අධික සන්නාම නාමයන්ගේ මෝටර් රථ ඇතුළත් වන අතර බුගාටි වේරෝන් වාහනයක් හිමි එකම කෙනත් ඔහුයි. එහෙත් ඔහුගේ පළමු මෝටර් රථය වූයේ ඔමිනි රථයක් වන අතර එය ශාරැක්හට ඔහුගේ මෑණියන් විසින් තෑගිකරන ලද්දකි.

03. ආක්ෂය කුමාර්

අද වනවිට ආක්ෂය කුමාර්ට නවීන පන්නයේ වාහන එකතුවක් තිබුණද ඔහුගේ පළමු මෝටර් රථය වූයේ ෆියට් රථයකි. ආක්ෂය ඒ මෝටර් රථය වසර ගණනාවක් තිස්සේ භාවිතා කළ අතර තවමත් එය නඩත්තු කරයි. ආක්ෂය ෆියට් රථය මිලදී ගෙන සියල්ලටම ප‍්‍රථමයෙන් ශිර්ඩිවලට ගිහිල්ලා තියෙනවා.

04. සල්මාන් ඛාන්

බොලිවුඩයේ සිහින කුමරා සල්මාන් ඛාන් සතුව බී.එම්.ඩබ්ලිව්. එක්ස් 6, ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර් ඉවෝක්, අවුඩි ආර්.8 වැනි මිල අධිකම මෝටර් රථ එකතුවක් තියෙනවා. එහෙත් ඔහුගේ පළමු මෝටර් රථය වුණේ පාවිච්චි කරන ලද හෙරාල්ඩ් මෝටර් රථයකි. ඒ මෝටර් රථය රිෂී කපූර්ගේ 1985 දී තිරගත වුණු සමාන් සිනමාපටයේදී භාවිතා කරන ලද්දකි. එහි කතාව සලීම් ඛාන් විසින් ලියා තිබූ අතර සිනමාපටය අවසන් වූ පසු එම මෝටර් රථය සල්මාන් ඛාන්ට දීලා තියෙනවා.

05. දීපිකා පදුකෝන්

දීපිකා සතුව අද වනවිට සුඛෝපභෝගී මෝටර් රථ බොහොමයක් තිබුණද ඇයගේ පළමු මෝටර් රථය වන්නේ අවුඩි කිව් 7 මෝටර් රථයයි. දීපිකා අවුරුදු කිහිපයක් තිස්සේම මෙම මෝටර් රථය පාවිච්චි කරනවා.

06. කාජල්

කාජල් මිලට ගත් පළමු මෝටර් රථය වෙන්නේ මරැටි සුසුකි 1000 මෝටර් රථයකි. කාජල් තමන්ගේ මෝටර් රථයේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරමින් එය ඇයගේ පළමු ආදරය කියා සඳහන් කරලා තියෙනවා.

07. කත‍්‍රිනා කයිෆ්

කත‍්‍රිනා මුලින්ම අවුඩි කිව් 7 මෝටර් රථයක් මිලදී ගෙන තියෙන අතර එය වසර ගණනාවක් පාවිච්චි කරලා තියෙනවා. මේ වනවිට කත‍්‍රිනා සතුව ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර් වෝග් එල්.ඩබ්ලිව්.බී. සහ මර්සිඩීස් එම්.එල්. 350 ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ එකතුවක් තියෙනවා. එහෙත් කත‍්‍රිනා අදටත් ඇයගේ පළමු මෝටර් රථයට බෙහෙවින්ම ඇලුම් කරනවා.

08. ආලියා භාත්

ආලියා මුලින්ම 2015 දී අළු පැහැයෙන් යුතු අවුඩි ඒ.6 මෝටර් රථයක් මිලට ගෙන තියෙන අතර ඒ ආරංචිය ඇය තමන්ගේ රසික රසිකාවියන් එක්කත් බෙදාගෙන තියෙනවා. අද වනවිට ආලියා සතුව බී.එම්.ඩබ්ලිව්. 7 සීරීස්, අවුඩි කිව් 7, සහ ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර් වෝග් වගේ මිල අධික මෝටර් රථ එකතුවක්ම තියෙනවා.

09. සාරා අලි ඛාන්

සාරා මුලින්ම හොන්ඩා සී.ආර්.වී. මෝටර් රථයක් මිලට ගෙන තියෙන අතර ඇය එය එක දිගටම පාවිච්චි කළා. මේ වනවිට ඇය ජීප් කම්පාස් රථයක් මිලට ගෙන තියෙන අතර මේ දවස්වල ඇය පාවිච්චි කරන්නේ එයයි.

10. කන්ගනා රනවුත්

කන්ගනා රනවුත්ගේ පළමු මෝටර් රථය වූයේ බී.එම්.ඩබ්ලිව්. 7 සීරීස් සෙඩාන් එකක්. මේ වනවිට කන්ගනා සතුව මිල අධික මෝටර් රථ රාශියක් තියෙන අතර ඇය ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා.