බොලිවුඩය හැඩ කළ හැඩ කරන ජුහි චාව්ලාට මිලියන ගණනක් රසික රසිකාවියන් හිටියද, ජුහී තමන්ගේ පෞද්ගලික ජිවිතය මාධ්‍ය සමඟ බෙදාහදා ගන්නේ නැහැ. ජුහී චාව්ලා ඇයගේ විවාහය පවා බොහෝ කාලයක් සඟවලා තියාගත්ත කෙනෙක්. අද අපි ඔබට කියන්නේ ඇයගේ ජීවිතයේ සුවිශේෂී රහස් කිහිපයකුයි.
1984 වසරේදී මිස් ඉන්ඩියා කිරුළ හිමි කර ගැනීමෙන් පසු සිනමාවට නිළියක් විදිහට සම්බන්ධ වුණු ජුහී චාව්ලා සාර්ථක නිළියක් වගේම සිනමාපට නිෂ්පාදකවරියක්ද වෙනවා. ජුහී චාව්ලා සිය වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය මනාව කළමනාකරණය කරන කෙනෙක්. 1967 නොවැම්බර් 13 වැනි දින පන්ජාබයේ අම්බාලාවල ඉපදුණු ජුහී කුඩා කල පටන්ම යහපත් කෙනෙක් විදිහට හැදුණු කෙනෙක්. අධ්‍යාපන කටයුතුවල ඉහළින්ම සමත්කම් දැක්වූ ජුහීට සිනමාපටවලට පෙනී ඉන්න කිසිඳු සැලසුමක් නොතිබුණු අතර, බොලිවුඩ් කර්මාන්තයට ඇයව ඇයගේ වාසනාව විසින් රුගෙන එන ලදී. ඇය අධ්‍යාපනය ලබමින් සිටියදී ෆෙමිනා මිස් ඉන්ඩියා තරගය සඳහා නිකමට වගේ ඉල්ලුම් පත‍්‍රයක් යොමු කළ අතර ඇය ඒ සඳහා තෝරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ජුහී ඒ තරගය ජය ගෙන මිස් ඉන්ඩියා බවට පත් වෙනවා. ඉන් අනතුරුව ජුහී විශ්ව රුජන තරගය සඳහා සහභාගී වීමට විදෙස්ගත වන අතර එහිදී ඇයට හොඳම ජාතික ඇඳුම වෙනුවෙන් සම්මානය දිනා ගනවා.
ජුහී චාව්ලාගේ සිනමා ආගමනය.
ඉන් අනතුරුව ජුහී චාව්ලා සිනමාවට පිවිසුණා. ජුහී සිය සිනමා වෘත්තීය ආරම්භ කළේ සුල්තනත් කියන සිනමාපටයෙන් වූ අතර, 1988දී තිරගත වුණු ආමීර් ඛාන් සමඟ රංගනයෙන් දායක වුණ ක්යාමත් සේ ක්යාමත් තක් කියන සිනමාපටයෙන් ඇය සාර්ථකත්වයට පත්වුණා. මේ සිනමාපටයෙන් ජුහී චාව්ලා එක රුයකින් සිනමා තරුවක් බවට පත්වුණා. ක්යාමත් සේ ක්යාමත් තක් සිනමාපටය ෆිල්ම් ෆෙයාර් සම්මානය ද දිනාගත් අතර ජුහී චාව්ලාට නිව් ෆේස් කියන සම්මානය හිමිවුණා.
ඉන් අනතුරුව කවදාවත් ජුහී චාව්ලාට ආපහු හැරී බැලීමට අවශ්‍ය වුණේ නැහැ. ජුහී චාව්ලා, ප‍්‍රතිබන්ධ්, ස්වර්ග්, බෝල් රාධා බෝල්, රාජු බංගයා ජෙන්ට්ල්මන්, ලූටේරේ, ආයීනා, හම් හෙ රහී ප්‍යාර් කේ, ඩර්, සාජන් කා ඝර්, යස් බොස්, ඉශ්ක්, අර්ජුන් පණ්ඩිත්, ඩුප්ලිකේට්, භූත්නාත්, ගුලාබ් ගැංග් වැනි සාර්ථක සිනමාපටයන්හි රංගනයෙන් එක්වුණා. ඉන් අනතුරුව ජුහී සිනමාපට නිෂ්පාදනය සඳහා යොමු වූ අතර ශාරුක් ඛාන් සහ අසීස් මිර්සා එක්ක ඩ්‍රීම්ස් අන්ලිමිටඩ් කියන නාමය යටතේ ෆිර් භී දිල් හේ හින්දුස්ථානී, අශෝක, චල්තේ-චල්තේ වැනි සිනමාපටයන් නිෂ්පාදනය කළා.
ජුහී චාව්ලා සහ ජය මෙහ්තාගේ ආදර කතාව ආරම්භ වූ අයුරු ඇය සම්මුඛ සාකච්ඡාවකදී පවසලා තියෙනවා. තම වෘත්තීය ජීවිතය ආරම්භයේදීම තමාට ව්‍යාපාරික ජය මෙහ්තා මුණගැසුණත් ඉන් අනතුරුව ඔවුන් කාලයක් යනතුරු කතාබහක්වත් නොකළ බවද ඇය කියලා තියෙනවා. ඒත් ටික කාලයකට පසුව ජය මෙහ්තාට ජුහී හමුවෙලා තියෙන අතර ඔහු එදා පටන් ඇය ගැන උමතු වෙලා තියෙනවා. ජුහී කොහේ ගියත් ජය ඇයට මල් කළඹක් සහ ආදර සටහන් යවන්න පටන් අරගෙන තියෙනවා. ජුහී සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියේ ජය උපන් දිනයක් වෙනුවෙන් ට‍්‍රක් රථයක් පුරවා රතු රෝස එවා තිබෙණු දැක තමන් පුදුමයෙන් පුදුමයට පත් වූ බවයි. ඒ වගේ ආදරය කරන කෙනෙක් හමුවුණාම අකමැති නොවී ඉන්නේ කවුද? ජුහී 1995දී ජය මෙහ්තා එක්ක විවාහ වෙනවා. මේ වනවිට ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ද සිටින අතර ජුහී ඇයගේ පවුල තුළ ඉතාම සතුටින් දිවි ගෙවනවා. ජුහී චාව්ලාගේ ස්වාමිපුරුෂයා ටිකක් වයසින් වැඩිමහලු වුවත් ඔවුන්ගේ ආදරය හමුවේ මේ යුවළ හුරුබුහුටි බවක් පෙනෙනවා. මේ යුවළම වසර ගණනාවක් පුරා ඉතාම හොඳ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා.
ජුහී චාව්ලා ඇයගේ විවාහය සඟවා තියාගත්තේ ඇයි?
ජුහී චාව්ලා තම විවාහය බොහෝ කලක් යනතුරු සඟවා තියාගත් අතර එය මාධ්‍ය මගින් දැනගත් පසු, බොහෝ දෙනෙක් සිත් තැවුලට පත්වුණා. ජුහී චාව්ලාගේ මිලියන සංඛ්‍යාත රසික රසිකාවියන්ට ඇයගේ විවාහය පිළිබඳව දැනගන්නට හැකිවුණේ නැහැ. ඇය ඇයගේ විවාහය සඟවා තියාගත්තේ ඇයි? ඒක ජුහී චාව්ලා මෑතකදී පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තියෙනවා.
තමන් විවාහ වෙන වකවානුවේ අන්තර්ජාලය නොතිබුණු බවත් ඒ වනවිට දුරකථනයේ කැමරාවක්වත් නොතිබුණු බවත් ඒ නිසා තමන්ගේ විවාහය ගැන කිසිවෙක්ට දැනගැනීමට නොහැකි වුණු බවත් ඇය කියලා තියෙනවා.
මම ඒ කාලය තුළ මගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න පටන් ගත් අතර මම එතකොටත් ගොඩක් වැඩ කර කර හිටියේ. ඒ කාලයේදී තමයි ජය මගේ ජීවිතයට ආවේ. විවාහය කියන පුවත නිසා මගේ වෘත්තීය ජීවිතය මට සාර්ථක කරගන්න නොහැකි වෙයි කියලා මම බය වුණා. ඒ නිසා මම විවාහ වුණා කියන එක සඟවලා තියා ගත්තා.
ජුහී චාව්ලා මාධ්‍ය සාකච්ඡාව අතරතුර එහෙම කියලා තියෙනවා.