කොරෝනා කාලේ Shopping යන තාලේ ගැන Y Trend එකක් දෙන්න හිතුවා. උත්සව සමයේ ලෝකේ වටේ ගොඩක් දෙනෙක්ට මේක මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. අන්න ඒ නිසාම සුන්දර අපි මේ Topic එක Line කරන්න හිතුවේ. සුදාලාට උදව්වක් විදිහට හරිය. දැන් ඔන්න ඇස් බෝල ලොකු කරගෙන කියවන්න පටා..න් ගමු. මේක අවුරුදු තෑග්ගක් කියලා හිතාගන්නකෝ.
ලෝකේ කවදත් ඉතින් Shopping කියන්නෙ පට්ට Trend එකක්නේ. ඒත් පහුගිය කාලේ Shopping කිරිල්ලට හෙනහුරා ලැබුවා කෝවිඩ් නිසා. මේ සීන් එකෙන් සන්තාප මාරුතයක ගිලුණේ අපේ ළලනාවෝ තමයි මචෝ. කොහොම වුණත් ඔන්න ආයේ Shopping සීන් එක ලෝකේ හිමිහිට පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ දේවල් අපි කියන්නේ සුදාලගේ පරිස්සම ගැනම හිතලා. මේවා ජාත්‍යන්තරයෙන් ඇහෙන කතා. අපි දේශීය කරලා දෙන්නේ මචෝ.
හා.. මුලින්ම රහසක් කියන්නද? මේ කාලේ Shopping යනවා නම් දැනගෙන ඉන්න ඕනෑ රහසක් මේක. මේ දවස්වල හැමතැනම වගේ වෙළෙඳසල්වල නැවත හුවමාරු කිරීමේ පහසුකම අවලංගු කරලා තියෙන්නේ. ඔන්න Shopping පාරක් දානවානම් කඩේකට ගිහිල්ලා මොනවා හරි අරගනිද්දී පොඩ්ඩක් අහලා බලන්න Return කරන්න පුළුවන්ද කියලා. ඒකෙ වටිනාකම තේරෙයි පසුවට මචෝ.
ඒ වගේම බිල් එක අවලංගු වෙන කාලෙත් අහගන්න. සමහර විට ඒක දිග කාලයක් නම් පොඩී Chance එකක් ගන්න පුළුවන් හරිය. සුදාලා පොඩ්ඩක් මොළේ කල්පනා කරන්න තමා ඕනෑ ඉතින්. ටියුබ් ලයිට් වගේ ඉඳලා හරියන්නේ නෑ සුදෝ. කොහොම වුණත් එකපාරට හොයලා බලලා ආයේ මාරු කරන්න වෙන්නේ නැති විදිහට බඩු ගන්න පුළුවන් ගොඩ. ආ අපේ පැංචියෝන්ට නම් ඒක ටිකක් අමාරු වැඩක්. ඒත් කෝවිඩ් කාලේ අමාරු වැඩ කළොත් තමා අපිට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් වෙන්නේ සුන්දරා. ඔන්න ඔට්ටුයි කියන්න...
මේ කාලේ Shopping යනවානම් වෙනදා නොකරපු දේවල් කිහිපයක් කරන්න ඕනෑ. එහෙම තමා ඒරොප්පේ ඉන්න Subject එකේ ප්‍රවීණයෝ කියන්නේ. ඉතින් හරිනි දැන් ලෝකේ තියෙන්නේ New Normal Situations එකක්නේ. ඒ කියන්නේ අද ලෝකේ සාමාන්‍යයි කියලා හිතන දේවල් අලුත්. ඉස්සර සාමාන්‍ය දේවල් තවදුරටත් සාමාන්‍ය නෑ. හරිය කොහොම වුණත් New Shopping Situations ගැන ඔක්කොම නම් අද කියන්න බෑ සුදෝ. තුන හතරක් මතක් කරන්නම්. අපේ ෆොන්තෝලාගේ ප්‍රයෝජන තකා ආදරෙන් මේවා කියන්නේ.
අපි ගෙදර කෑම බඩු ගේන්න යනකොට පොඩි ලැයිස්තුවක් හදනවානේ. ඒ වුණත් නිදහස් Shopping පාරක් දාද්දි කවුද ලැයිස්තු හදන්නේ. හැබැයි මේ කෝවිඩ් කාලේ කරනවානම් ඒක සුපිරි වැඩක්. දකින දකින දේ අතපත ගගා යනවාට වඩා ගෙදර ඉන්න ගමන් Relax එකේ පොඩි ලැයිස්තුවක් හදාගන්න. මේක New Normal දෙයක් මචෝ.
කාලය වගේම ඔයාලගේ ආරක්ෂාවත් තහවුරු වෙන්න මේක හේතුවක් වෙයි. කරලම බලන්නකෝ. හැබැයි මේ ලැයිස්තු හදන්න ඕනෑ Detail ඇතුව. ඒ කියන්නේ ඇඳුම්වල කොලර සයිස් එක, ඉණ පපුව ප්‍රමාණය, සපත්තු සෙරෙප්පුවල සයිස් එක, ඒ වගේම ගන්න ඕන Brand මොනවද, පාට මොනවද කියලත් කලින්ම තීරණය කරන්න ඕනෑ. ආ තව දෙයක් සුදෝ. ඔය රෙදි කඩවල තියෙනවා ප්‍රමාණය මනින ටේප්. ඒක භාවිතය නම් ඔන්න අනුමත කරන්න බෑ. හරිය. පොඩ්ඩක් ගොන් පාට් එකක් වගේ පෙනුණට පුළුවන් නම් ගෙදරින් ටේප් එකක් අරගෙන යන්න. ඒක ආරක්ෂාවට සෑහෙන්න හොඳයි.
දැන් සුදාලා ලැයිස්තු හදාගෙන Shopping යන්න හදනවා කියමුකෝ. දැන් ඉතින් ගෙදර පුංචි පැටව් ටිකයි ආච්චිලා සීයලායි හැමෝම එක්කන් යන්නේ මොකටද? ලැයිස්තුවේ තියෙනවානේ විස්තරේ. රංචු පිටින් shopping යන්න හොඳ කාලයක් නෙවෙයි සුදෝ මේක. ඒ නිසා එක්කෙනෙක් ගිහිල්ලා අනික් පොඩි අය වැඩිහිටියෝ වෙනුවෙනුත් Shopping කරනවානම් තමා හොඳ. ඔන්න අපේ පැංචියෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන පිස්සු කතාවක්ද කියලා. වෙන කාලෙක කිව්වානම් මේක පිස්සු කතාවක් තමා. ඒත් මේ කාලේ මේ කියන්නේ සිරා කතාවක් සුන්දරා.
සැනිටයිසර් භාවිත කරන්න අත හෝදන්න, මුව ආවරණ පළඳින්න, මුදල් භාවිතය අවම කරන්න වගේ දේවල් ගැන නම් ඔන්න අපි අමුතුවෙන් කියන්නේ නෑ. ඒවා එකෙන්ම කරන්න ඕනෑ. අතේ සල්ලි තියෙනවානම් ඩිපෝසිට් කරලා කාඩ් එකෙන් Shopping කරන්න එක වැදගත්. ඒ වගේම ඔන්න සෙනඟ එච්චර නැති උදේ කාලේ වගේ Shopping කරන්න පුරුදු වෙන එක වටිනවා. එතකොට ඔය Shopping කරනකොට Rest Rooms, Wash Room, Cafe එහෙම පාවිච්චි නොකර ඉන්නවානම් ගොඩක් හොඳයි. මොනවාද හලෝ ඔයා මේ කියන්නේ කියලා සුදාලාට හිතෙනවාද? හොයාගෙන ඇවිල්ලා ටොක්කක් අනින්න හිතෙනවාද? සුදෝ මේ කතාව අපි කියන්නේ සිරාවටම ඔයාලට තියෙන ආදරේට.
Shopping යන්න කලින් වගේම ගිහිල්ලා ආවට පස්සේ කරන්න තියෙන වැඩ දෙකක් අමතක වුණා. පුළුවන් නම් කඩෙන් බෑග් ගන්නවාට වඩා ගෙදරින්ම බැග් එකක් ගෙනියන්න try කරන්න. Shopping ගිහිල්ලා අරගෙන ආපු කිසිම දෙයක් එකපාරට පාවිච්චියට ගන්න එපා. ආසයි තමයි. අව්වේ තියන්න පුළුවන් දේවල් අව්වේ තියන්න. සෝදා පාවිච්චි කරන්න පුළුවන් දේවල් හෝදලා පාවිච්චි කරන්න. ගෙනාපු දෙයක් ගැලපෙන්නේ නෑමයි කියලා හිතෙනවානම් පාවිච්චි කරන්න එපා. ආයේ මාරු කරන්න පුළුවන් දවසක් ළඟදීම උදාවෙන්න පුළුවන්. සුදෝ ඒවා බිල් එක්කම අරන් තියන්න.
අපේ ෆොන්තෝලාට කියන්න ලංකාවේ නැති වුණාට ලෝකේ කෝවිඩ් Shopping පිළිබඳ ලොකු අවධානයක් තියෙනවා. Online Shopping කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් මචෝ කඩේට ගිහිල්ලා ගන්න එක තමා අපේ හුරුව. ඒ නිසාම මේ ගැන උපදෙස් ගොඩක් රටවල් ජනතාවට නිකුත් කරලා තියෙනවා. අතේ පිච්චිය නැතුව මොන Shopping ද කියලා අපේ රටේ නම් ලොකු අය Shopping උපදෙස් හරියට දීලා නැද්ද කොහෙද? ඒ වුණත් උත්සව සමයේ ටවුන්වල මිනිස්සු ගැවසුණා හරියට. මොන උපදෙසක්වත් ඒ අය පිළිපැද්දේ නෑ.
ඉතින් සුදෝ අද Y Trend එක මෙහෙම දුන්නේ අපේ යුතුකම සලකලා. ආතල් දීම නෙවෙයිනේ සීන් එක. Shopping ගියාම පරිස්සම් වෙන්නේ කොහොමද කියලා සුදාලට පුළුවන් ඕනෑ නම් Google දෙයියන්ගෙන් අහලා බලන්න. අද ආතල් කැඩුණා නම් සමාවෙන්න ඕන. අපි ගියා. ලබන සතියේ චිල් එකේ හම්බවෙමු.