නව වසර සැමරීමෙන් පසුව බොලිවුඩයේ ඔබ අප ආදරය කරන තරැ තම තමන්ගේ වැඩ රාජකාරිවල නිරත වෙන්න පටන්ගෙන අවසන්. ඵෙශ්වර්යා රායි බච්චන් තම සැමියා අභිෂේක් බච්චන් සහ දියණිය ආරාධ්‍යා බච්චන් එක්ක මේ වන විට හයිද්‍රාබාද්වලට පැමිණ තියෙනවා. ඵෙශ්වර්යා රායි බච්චන් හයිද්‍රාබාද් ගුවන් තොටුපළේදී කළු ඇඳුමකින් සැරසී සිටින අයුරු ඉන්දියාවේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල සටහන් කර ගන්න ඔවුන් සමත්වෙලා තියෙනවා. ඵෙශ්වර්යා සහ ඇයගේ පවුලේ සියලුම දෙනා කොරෝනා නීති රීති අනුගමනය කරමින් මුව ආවරණවලින් සැරසී සිටින අයුරු එරට මාධ්‍යවේදීන් තම කැමරා කාචවල සටහන් කරගෙන තියෙනවා. මනිරත්නම්ගේ පෝන්නියන් සේල්වන් කියන සිනමාපටයෙහි රූගත කිරීම්වලට පෙනී සිටීමට තමයි ඵෙශ්වර්යා පැමිණ තිබුණේ. ජූලි මාසය වන විට ඵෙශ්වර්යා ද කොරෝනා ආසාදනය වී තිබුණු බව හැමෝම වගේ දන්නවනේ. 2020 වසරේ මාස දහයක් පමණ ඇය නිවසින් එළියට බැස්සේවත් නැතුව නිවසේම රැඳී සිටිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
නව වසර සැමරීමෙන් අනතුරුව සුපර් ස්ටාර් රිතික් රෝෂන් ද රෑගත කිරීම්වලට ඇවිල්ලා තියෙනවා. රිතික් ඒ ගැන ඔහුගේ සමාජ ගිණුමේ ඡායාරෑපයක් පළ කරමින් තම රසික රසිකාවියන්ව දැනුම්වත් කරලා තිබුණා. රිතික් මීට පෙරාතුව ටයිගර් ශ්රොෆ් සමගින් වෝර් කියන සිනමාපටයේ පෙනී සිටි අතර දැනට ඔහු රෑගත කිරීම්වල නිරත වෙන්නේ 2017 වසරේදී අති සාර්ථක වුණු දමිළ සිනමාපටයක් වන වික‍්‍රම් වේධා කියන සිනමාපටයෙහි හින්දී රීමේක් සිනමාපටයෙයි. මෙම සිනමාපටයෙහි රිතික් එක්ක සයිෆ් අලි ඛාන් ද චරිත නිරෑපණය කරනවා.
ජාන්වී කපූර් (ජනප‍්‍රිය නිළියක් වූ දැනට ජීවතුන් අතර නැති ශ්‍රී දේවීගේ දියණිය) දමිළ සිනමාපටයක් වන කෝලාමුවා කෝකිලා හි හින්දී රීමේක් සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙන්න පන්ජාබ් බලා පිටත්වෙලා තියෙනවා. ඒ සිනමාපටයෙහි රෑගත කිරීම් බායෝ බබල්වල තමයි සිදුවෙන්නේ. මෙම සිනමාපටයෙහි රූගත කිරීම් ජනවාරි 09 වැනිදා ආරම්භ වෙන අතර දින 45ක පමණ කාලයක් ඒ සඳහා ගතවෙන බව තීරණය කර තියෙනවා. දමිළ සිනමාපටයේ කතාව සම්පූර්ණ ප‍්‍රතිනිර්මාණයක් නොවන අතර හින්දී අනුවාදය සඳහා එහි බොහෝ වෙනස්කම් සිදු කරලා තියෙනවලු.
නව වසර උදාවීම පුල්කිත් සම‍්‍රාත් එක්ක ආදරණීය නිවාඩුවක් ගත කිරීමෙන් අනතුරුව ක‍්‍රිති ඛර්බංදා රූගත කිරීම් සඳහා පැමිණ සිටි අතර ඇය තම රූගත කිරීමේ පළමු දිනම ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූපයක් පළ කරමින් සටහනක් තියලා තිබුණා. ක‍්‍රිති, ලක්නව්වල දේවාංශු සිං ගේ ප‍්‍රහසන සිනමාපටයක් වන 14 ෆේරේ සිනමාපටයෙහි රූගත කිරීම්වලට සහභාගි වන අතර ඇයත් සමගින් එහි වික‍්‍රාන්ත් මෙස්සි ද චරිතවලට පණ පොවනවා.
රකුල්ප‍්‍රීත් සිං මේඬේ කියන සිනමාපටයෙහි රූගත කිරීම් සඳහා පැමිණ තියෙනවා. මෙම සිනමාපටයෙහි අජේ දේව්ගන් සහ අමිතාබ් බච්චන් ද චරිතයන්ට පණ පොවනවා. මේඬේ සිනමාපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය අජේ දේව්ගන් විසින් සිදු කරන අතර රකුල්ප‍්‍රීත් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දෙසැම්බර් 22 දැනුම් දුන්නා. නමුත් දෙසැම්බර් 29 වැනිදා රකුල්ප‍්‍රීත් නැවතත් කියා සිටියේ තමන් පෙනී සිටි කොරෝනා ආසාදනය වීම සඳහා කරන පරීක්ෂණයෙන් තමන් නෙගටිව් බවයි. මෙඬේ සිනමාපටයට අමතරව රකුල්ප‍්‍රීත් ජෝන් ඒබ‍්‍රහම් එක්ක ඇටෑක් සිනමාපටය සහ අර්ජුන් කපූර් එක්ක තවත් සිනමාපටයකට ද මේ වසරේදී පෙනී සිටීමට නියමිතයි.
බච්චන් පාංඬේ සිනමාපටයෙහි කණ්ඩායම ද මුම්බායි සිට ජෛසලමේර්වලට ගිහිල්ලා තියෙනවා. සිනමාපටය නිර්මාණය කරන සජිද් නදියාද්වාලා සහ නළු නිළියන් වන අර්ෂාද් වර්සි, ක‍්‍රීති සැනොන්, ප‍්‍රතික් බබ්බර් ඇතුළු සිනමාපටයට අදාළව සේවා සපයන සියලුම දෙනා ගුවන් යානයකින් ජෛසලමේර්වලට ගිහිල්ලා තියෙනවා. මෙම සිනමාපටයෙහි චරිතයකට පණ පොවන ආක්ෂය ජනවාරි 6 වැනිදා තවත් පිරිසක් සමගින් මෙම කණ්ඩායමට එකතු වෙනවා. ටික දිනකට පෙර ආක්ෂය විසින් අතරංගී රේ කියන සිනමාපටයෙහි රූගත කිරීම් අවසන් කරලා තියෙනවා.
2021 වසර සිනමා කර්මාන්තයට නව බලාපොරොත්තුවක් ඇති කරමින් උදා වී ඇති අතර ඉන්දියාවේ නම් මේ වන විටත් සිනමාපටයන්හි රූගත කිරීම් සිදු කෙරෙනවා. සිනමාහල් ද සිනමාපට ප‍්‍රදර්ශනයට සූදානම්ව තියෙනවා.