2021 ජනවාරි 09 වන සෙනසුරාදා

නැති තැනක් නැති සාද කා‌ෙකා

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

මචෝ සමහර දේවල් කොච්චර කාලයක් සංස්කෘතියේ කොටසක් වෙලා තිබුණත් ඒවා ලෝකේ එක තැනක Trend වෙලා තිබුණත් ආයේ වෙන තැනක පට්ට Trend එකක් වෙනම  කාලෙකදී.  ඉති ඉතින් මා බ්‍රෝලා සිස්ලා තේරුම් ගන්න ඕනෑ Trend කියන ඒවා  ස්ථාන  අනුව කාලවල වෙනස් වෙනවා කියලා. ඔන්න ඒ වගේ Trend එකක් ගැන තමා අද අපි කතා කරන්නේ.

කොක්ටේල් කියන්නේ 1900 වගේ ඉඳන් යුරෝපා සංස්කෘතියේ කොටසක්. දශක පහ හයක් තිස්සේ ලංකාවේත් කොළඹ සංස්කෘතියේ කොටසක්. කොක්ටේල් දැන් ලංකාවේ ග්‍රාමීය වගේම අර්ධ නාගරික සමාජවල Y Trend එකක් කියලා කිව්වොත් සුදාලා මොකද කියන්නේ. ඔන්න මගේ සහෝලා එක්සයිට් වෙන්න එපා. මේක වෙනම තැනකින් අල්ලගත්ත සිරා කතාවක්. තව ටික කාලයක් යනකොට ඒක සුදාලටත් දැනෙන්න ගනීයි. නාගරිකයන්ට නම් කොක්ටේල් කියන සීන් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ ඉතින්. එකේ මැජික් එකකුත් නෑ.

කොක්ටේල් සාද සංස්කෘතිය සමඟ කාන්තා පාර්ශ්වයට සියුමැලි සම්බන්ධයක් තියෙනවා හරිය. ඒ ගැන පස්සට පැහැදිලි කරන්නම්කෝ. දැන අපි කිව්ව අමුතු කතාවේ අග මුල පැහැදිලි කරන්නම්. හැබැයි අපි කතා කරන අර්ධ නාගරික සංස්කෘතිය ඇතුළේ කොක්ටේල් කියන්නේ වැඩිහිටි පරම්පරාවට එච්චර විෂය වෙන දෙයක් නෙවෙයි සුදෝ. අන්න ඒක තමා පොයින්ට් එක.

මේ කාලේ  Teenagers ලා වැඩිපුරම Girls ලා කොක්ටේල් පාවිච්චි කරනවා වැඩිහිටියන් ගොනාට අන්දලා. ඒක මෙහෙමයි ඉතින්. ඉස්සර නගරේ විතරයි තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි එකට සාද දාන්න එකතු වෙන්නේ. ඒත් දැන් දැන් ගමේ වුණත් අර්ධ නාගරික ප්‍රදේශවල වුණත් Girl කෙනෙකුගේ Birthday Party එකට Boys ලා එන්න කියන එක නෝමල් සීන් එකක්. ඒත් ඉතින් ගෙදරින් පිට යන්න බෑ තාම. අපි සංස්කෘතිකයිනේ. ඉතින් මේ වගේ වෙලාවට හීන් සීරුවේ පැණි බීම වගේ කොක්ටේල් සාදයට ඇතුළු කර ගන්න පැංචෝ පැංචියෝ කටයුතු කරනවා. අවුරුදු 16 ඉඳන් ඉහළ 23 වගේ වෙන කල් අය තමා සීන් එකේ සිරාවට ඉන්නේ.

මෑතකාලීනව ලාංකික කාන්තාව වැඩිපුර මත්ලෝලී වීමක් දකින්න ලැබෙනවා කියලා මත් විරෝධී සංවිධානයක් කරපු සමීක්ෂණයකින් කියලා තිබුණා. ඒත් ගෑනු බොන එක හරිද? වගේ ගොන් ප්‍රශ්න අපි අහන්නේ නෑ. පිරිමින්ට හොඳ නම් ගෑනුන්ට නරක ඇයි කියන පොදු තර්කයත් අපිට අදාළ නෑ. අර ඇල්කොහොල් අධික භාවිතය සෞඛ්‍යයට අහිතකරයි කියලා කියන වෛද්‍ය අවවාදය නම් අපි පිළිගන්නවා. ඒක ගෑනු පිරිමි  දෙගොල්ලටම පොදුයි. බොන නොබොන එක එයාලගේ වැඩක්. අපි ලියන්නේ Trend එක ගැන.

කොක්ටේල් කියන්නේ කාන්තාවන්ටම හදාපු බීමක් කියලා හිතෙන තරමට පහුගිය කාලේ නාගරික ළලනාවෝ අතර මේක ජනප්‍රිය වුණා. හැබැයි ගමේ මෙහෙම සීන් එකක් තිබුණේ නෑ. අඩු ගානේ පිරිමි ගෑනුන්ට පේන්න බිව්වේත් නෑ මචෝ. මතකද ඒ කාලේ තිබුණු මංගල උත්සවවල පිරිමි එක පැත්තකට වෙලා හොරෙන් වගේ මත්පැන් ගත්තා. බොන්න කැමැති ගෑනු අය ඒ කාලෙත් ඉන්න ඇති. කොහොම හරි පස්සේ පාටියේ ඩාන්සින් ෆ්ලෝ එකට කොකාකෝලාවල දාලා අරක්කු ආවා. සමහර කාන්තාවෝ දන්නේ නැතිව බීලා මාර වැඩ තමා ඒ කාලේ වුණේ. සුදාලට මතක ඇතිනේ. අවුරුදු දහයකට පහළොවකට ඉස්සෙල්ලාත් ගම්වල සාදවලදී අරක්කු බියර් හොරාට ටිකක් රස බලන කාන්තාවෝ හිටියා. ඒක වෙනම කතාවක්.
ඒත් අද ඒ තත්ත්වය නැතිවෙලා.  මංගල උත්සවයට  කොක්ටේල් ඇවිල්ලා. නගරේ නෙවෙයි ගමේ. තරු පන්තියේ හෝටල්වල නෙවෙයි වෙඩින් හෝල්වල.  ලේසියෙන්  බුෆේ ක්‍රමයට ගන්න පුළුවන්. නෝන්ඩි නැතුව බොන්න පුළුවන්. සෝඩා දාලා බොනවා වගේ වේදනාවක් නෑ. පාට වගේම රසයත්  ආකර්ෂණීයයිනේ. ඉතින් ළලනා පාර්ශ්වය සමඟ දැන් කොක්ටේල් ආත්මීය බැඳීමක් ඇතිවෙලා තියෙන්නේ.

මේක පැණි බීමත් එක්ක අරක්කු බොනවා වගේ සරල දෙයක් නෙවෙයි මචෝ. මේක දැන් පට්ට සංස්කෘතියක්. රටේ හැම අස්සක මුල්ලකම මේක හිමිහිට පැතිරිලා යනවා. වැඩිහිටියෝ ගැන කතාව පැත්තකට තියමුකෝ. අවුරුදු 18 අඩු තරුණ ගැහැනු ළමයි මේකේ කොටසක් වෙන එකනම් එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. කොහෙත්ම දෙමාපියන්ට මේ කතාව විෂය නොවෙන එකනම් පට්ට ප්‍රශ්නයක් සහෝ. කවුරු හරි ගෙදරට ගිහිල්ලා කිව්වත් විශ්වාස කරන්නේ නැති ලයින් එකක් තියෙන්නේ.
Teenagers ලාගේ පාටිවල සැර බීම යුරෝපයේ නම් මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒක එයාලගේ සංස්කෘතියේම කොටසක්. අපේ සංස්කෘතිය කිරි ටොයියා වුණාට සාජේ අජ පල්. මචෝ අන්න ඒකයි අවුල. බොන එක නෙවෙයි. ඇත්තටම මෙහේ විකෘති සංස්කෘතිය හරහා මේ දරුවන්ට ඊළඟට මොකද වෙන්නේ කියන එක. කොක්ටේල් කියන්නේ සරල දෙයක් බව ඇත්ත. ඒත් ලංකාවේ අර්ධ නාගරික ග්‍රාමීය නව කොක්ටේල් සංස්කෘතියේ ඊළඟ පියවර මොකක්ද කියන එක මාර ප්‍රශ්නයක්. මොකද ගමේ ඇතුළේ  පොෂ් වෙන්න ගියත් අපේ කට්ට තාම සංස්කෘතිකයි.