මේනක.. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් කරනවා. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරපු පළවෙනි ටෙලිනාට්‍යයේ පළවෙනි කොටස් ටික රූගත කිරීම් කරලා ඉවරයි. ඔය ටික තමයි මේ දවස්වල අලුත් තොරතුරු.
මේනක.. ඔබට යාළුවෝ කොච්චර විතර ඉන්නවද?
මට නම් සෑහෙන්න යාළුවෝ ඉන්නවා. ඒ හැමෝම සමඟ මම හොඳින් සම්බන්ධතා පවත්වාගෙන යනවා.
ඔබට ඉන්න යාළුවෝ අතරින් ඔබගේ හිතට දැනිච්ච යාළුවෙක් ඉන්නවද?
ඔව්.. එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි
දිමුතු දිමුන්ගුආරච්චි.
දිමුතුව කොහොමද ඔබට මුලින්ම මුණගැහෙන්නෙ?
මට දිමුතුව මුලින්ම මුණගැහෙන්නෙ පාසලෙන් අයින් වුණාට පස්සෙ. මම පෞද්ගලික ආයතනයක සේවය කළා. එතනදි තමයි මට ඉස්සෙල්ලාම දිමුතුව මුණගැහුණේ. මට හිතෙන විදිහට 2005 වසරේ තමයි අපි දෙන්නාගේ යාළුකම පටන් ගත්තේ. දැන් අවුරැදු 15ක් විතර ඇති අපේ යාළුකමට.
ඇයි ඔබ දිමුතුව විතරක් ඔබගේ හොඳම යාළුවා විදිහට තෝරාගන්නෙ?
දිමුතු අනිත් යාළුවෝ වගේම තමයි. හැබැයි විශ්වාසය අතින් සහ මම කිසියම් දෙයකින් සාර්ථක වුණොත් හිතේ කිසිම කහටක් නැතිව මට සුබ පතනවා. ඒ වගේම කිසිම බයක් නැතිව අපේ පෞද්ගලික ප්‍රශ්න පවා අපි කතා කරනවා. වැදගත්ම දේ තමයි කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක්. ඒ නිසා තමයි මම හිතන්නෙ දිමුතු මගේ හොඳම යාළුවා වෙන්නෙ.
දිමුතුගේ ඔබ දකින විශේෂ ගුණාංග මොනවද?
මගේ තියෙන වැරැද්දක් මගේ මූණට කෙළින්ම කියන්න පුළුවන් කෙනෙක්. මම ඒකට හරි ආසයි. මම කියන්නෙ නෑ අනිත් යාළුවෝ එහෙම නෑ කියලා. මම මොකක් හරි වැරදි තීරණයක් ගත්තොත් ඕක ඔහොම කරන්න එපා. මෙහෙම කරන්න කියලා මට කියනවා. ඒ වගේම මම හොඳ දෙයක් කළත් ඒක හොඳයි කියන්න දිමුතු මා සමඟ ඉන්නවා. ඔය වගේ දේවල් තමයි මම දිමුතුගේ දකින විශේෂ ගුණංග.
දිමුතු ඔබගේ කොච්චර හොඳ යාළුවෙක් වුණත් ඔහුගේ දුර්වලකම් නැතිව නෙවෙයි. මේනක ඔබ දිමුතුගේ දකින දුර්වලකම් මොනවද?
මිනිහගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඕනෑම මිනිහෙක්ව ඉක්මනින් විශ්වාස කරන එක. ඊට පස්සේ නිකම් අමාරුවේ වැටෙනවා. තව දෙයක් තමයි ඉක්මනින් කේන්ති යන එක. කේන්ති ගියාම නිවෙන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි ඒ ප්‍රශ්න ලොකු ප්‍රශ්න නෙවෙයි. පොඩි ප්‍රශ්න. ඒවා ලොකු කරගෙන දුරදිග ගෙනියනවා. ඔන්න ඔය දේවල් තමයි මිනිහගේ දුර්වලකම්. හැබැයි ඒ හැම ප්‍රශ්නයකදිම මම මැදිහත්වෙලා කතා කරලා ඒ ප්‍රශ්න සමතයකට පත් කරනවා.
කවදා හරි දවසක දිමුතු ඔබත් සමඟ තරහ වුණොත් ඔබට මොනවගේ හැඟීමක් දැනෙයිද?
තරහ වෙයි කියලනම් හිතන්න අමාරැයි. හැබැයි තරහ වුණොත් මට ලොකු පාඩුවක් වෙයි. ඒ වගේම මගේ ජීවිතේ ලොකු අඩුවක් වගේ දැනෙයි. මොකද මගේ ජීවිතේ පිරිමියෙක් වශයෙන් ඕන දෙයක් කතා කරන්න ඉන්නෙ දිමුතු. ඒ නිසා මගේ ජීවිතේ ලොකු හිස්තැනක් වෙයි දිමුතු තරහ වුණොත්.
දිමුතු අතින් හරි ඔබගේ අතින් හරි වැරදි වෙලා නැද්ද?
මේ අවුරැදු 15 ඇතුළත අපි දෙන්නාට දෙන්නා අතින් වැරදි වෙලා නෑ. මොකද මමත් කෙළින් කතා කරන කෙනෙක්. දිමුතුත් කෙළින් කතා කරන කෙනෙක්. ඒ නිසා අපි දෙන්නට දෙන්නා වැරදි කරන්නෙ නෑ. ඒ වගේම මගේ පවුලෙ කට්ටියයි දිමුතුගේ පවුලෙ කට්ටියයි ගොඩක් එකතුයි. ඔය වගේ හේතු නිසා මම හිතන්නෙ නෑ අපි දෙන්නට දෙන්නා ඉදිරියේදිවත් වැරදි කරයි කියලා.
මේනක.. ඔබට මොනවද ඔබගේ යාළුවාට කියන්න තියෙන පණිවිඩය?
මට කියන්න තියෙන්නෙ අපි දෙන්නගේ තියෙන යාළුකම දෙන්නගෙන් එක්කෙනෙක් කරපිට තියාගෙන යනකම් තියෙන්න ඕනෙ කියලා. ඒ කියන ගමන් මම තව දෙයක් කියනවා. ඉක්මනට තරහ යෑම සහ එයින් මිදෙන්න යන වෙලාව හදාගන්න ඕනෙ කියලා තමයි මට කියන්න තියෙන පණිවිඩය.