අමිල අපි ජීවිතේ පටන්ගත්තු තැනේ සිට මේ කතාබහත් පටන්ගමු. පවුලේ විස්තර කොහොමද?
මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා උප විදුහල්පතිනියක් ලෙස සේවය කරලා මේ වෙද්දී විශ්‍රාමිකයි. මගේ ගම වුණේ කළුතරයි. මම පවුලේ බාලයා. මට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා.
පාසැල් අධ්‍යාපනය ලැබුවේ කොහොමද?
මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ. එක වසර සිට හය වසර දක්වා මම ඉගෙන ගත්තේ එම පාසැලෙයි. හය වසරේදී මම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. කළුතර විද්‍යාලයේදී මම මළල ක්‍රීඩා කළා. දුරපැනීමේ ඉසව්වෙන් මම බොහෝ ජයග්‍රහණ පාසලට අත්පත් කරලා දුන්නා. සමස්ත ලංකා මට්ටමෙන් ලැබුණ ජයග්‍රහණ නිසා මට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. නාලන්දා විදුහලේ එකල ක්‍රීඩා ඉගැන්වූ ගුරුතුමා මට ඒ පාසලට එන්න අවස්ථාව ලබලා දුන්නා.
ඒ කියන්නේ අද නළුවෙක් වුණාට පාසල් යන කාලේදී අමිල පාසල් අතර ජනප්‍රිය මළල ක්‍රීඩකයෙක්?
ඔව්.... මගේ වැඩි ආසාව තිබුණේ මළල ක්‍රීඩාවටයි. නාලන්දාව මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු තැනක් වුණා. සිනමාවට සම්බන්ධ වෙන්න වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්න අය එක්ක මේ සබඳකම් බොහෝමයක් මට ඇතිවේනනේ නාලන්දාව හරහායි. නාලන්දාව මගේ ජීවිතේ ලොකු රුකුලක් වුණා. මගේ දෙවැනි අම්මා වගේ සමීපකමක් දැනෙනවා. පාසලේදී මගේ ලොකුම හීනය වුණේ කවදා හරි දවසක මළල ක්‍රීඩකයෙක් විදිහට මගේ රට නියෝජනය කරලා ඔලිම්පික් යන්නයි. ඒ කාලේදී මම හැමදාම උදේ පාන්දර පහට පාසැල් පිට්ටනියේ. තනියම පුහුණුවීම් කළා. පහ වසර හය වසර ළමයෙක් සාමාන්‍යයෙන් ඒ වෙලාවට පුහුණුවීම් නොකරන කාලේදී මම හැමදාම උදේ පාන්දර පිට්ටනියේ ඒ පුහුණුවීම් කළා. ඒ දවස්වල මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනය වුණේ කොහොම හරි ඔලිම්පික් යන්නයි. ඒ වෙනුවෙන් මම පුදුමාකාර මහන්සියක් ගත්තා. කොහොමහරි පාසල් මට්ටමින් එක දිගට අවුරුදු තුනක් මට සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත්තා. ඒක පාසල් මට්ටමින් වාර්තාවක් වුණා.
මළල ක්‍රීඩකයෙක් වෙන්න හීන දැකපු අමිල අද කලාකරුවෙක්. මේ හැරවුම වුණේ කොහොමද?
නාලන්දා විදුහලෙන් මම වසර දෙකක් මළල ක්‍රීඩකයෙක් විදිහට සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත්තා. ඔය අතරේදී මට උණසන්නිපාතය හා මැලේරියාව ලෙඩ දෙකම එකවර වැළඳිලා දවස් විසි එකක් රෝහලේ හිටියා. ඒ වෙද්දී මම ඉගෙන ගත්තේ අට වසරේ. ඒ රෝගයෙන් මම පුදුම විදිහට දුර්වල වුණා. වෛද්‍යවරු පවා මගේ අම්මටයි තාත්තාටයි මෙයාට ක්‍රීඩා කරන්න දෙන්න එපා කියල උපදෙස් පවා ලබාදීලා තිබුණා. ඒ රෝගයෙන් පස්සේ මට ටික වෙලාවක් හිටගෙන ඉන්නවත් පණ නැහැ. ඒ තරම් මම දුර්වල වුණා. ඒ දුර්වල වීමෙන් පස්සේ ආයෙත් මාව යථා තත්ත්වයට පත්කරන්න කාලයක් ගතවුණා. ටිකක් යථා තත්ත්වයට පත්වුණාට පස්සේ ආයෙත් මම පුහුණුවීම් කරලා තරගවලට ඉදිරිපත් වුණත් පරාජය වෙන්න පටන් ගත්තා. ඒ වෙද්දී මගේ ඇඟේ ගොඩනැගිලා තිබුණ ජවය මා තුලින් නැහැ කියල මටම තේරුණා. අනිත් ළමයින්ට නවය දහය වසරවලදී හොඳ ජවයක් ඇඟට එකතු වෙද්දී මට ඒ ජවය තිබුණේ නැහැ. මට තාම මතකයි උසස් පෙළ වසරවලදීත් පන්තියේ අනිත් පිරිමි ළමයින්ට වඩා මම පෙනුමෙන් වුණත් පොඩියි. මට ලබල දුන්නු වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක එහෙම වෙන්නත් ඇති.
බලාපොරොත්තු වුණ ඉලක්ක කරා යා ගන්න බැරිව ජීවිතය කඩා වැටෙද්දී ඒ දුර දරාගත්තේ කොහොමද?
ඒක පුදුමාකාර කාලයක් වුණා. ආයෙත් ක්‍රීඩාකරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒ උත්සාහය නිශ්ඵල වෙද්දී කෑගහලා අඬන්න හිතුණ වාර අනන්තයි. මට වඩා පසුපසින් දස්කම් පාපු අය මම පහුකාලීනව නියෝජනය කරපු ඉසව් ජයග්‍රහණය කරද්දී මොකක්දෝ දරාගන්න බැරිවුණ වේදනාවක් හිතට දැනුණා. ඒත්... මම කොහොම හරි හිත හයිය කරගත්තා. අපේ ශාරීරික ශක්තිය තමයි ක්‍රීඩාවට ගොඩාක් බලපාන්නේ. ඒ ශරීරික ශක්තිය දුර්වල වෙද්දී පරාජයක් ලැබීම සාමාන්‍ය දෙයක් වුණා. මාව නාලන්දාවට තෝරාගත්තේ ක්‍රීඩාව නිසාමයි. ඒ නිසා ක්‍රීඩාවෙන් මම දුර්වල වෙද්දී මම ඉගෙනගන්න පාසලට යමක් කළයුතු වුණා. ඒ නිසා ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබාගන්න අමාරුවෙද්දී මම වැඩි නැඹුරුවක් අධ්‍යාපනයට ලබා දුන්නා. මම උසස් පෙළට ඉගෙන ගත්තේ ගණිත අංශයෙනුයි. උසස් පෙළ කරලා ආයෙත් මට ඒ ජවය ලැබෙද්දී මගේ කාලය අවසන් වෙලා.
ගණිත විෂයෙන් උසස්පෙළ හැදෑරූ අමිල කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
උසස් පෙළින් පසුව මම උසස් අධ්‍යාපනය සඳහා මෝස්තර නිර්මාණ ශිල්පය තෝරාගත්තා. මම පොඩි කාලේ ඉඳන් විලාසිතා කරන්නට හරියට ආස කරපු කෙනෙක්. ක්‍රීඩකයන්, කලාකරුවන් විලාසිතාවලට වැඩි නැඹුරවක් තියෙනවනේ. ඒ අය ටිකක් කැපිලා පේනවනේ. ඉතින් පොඩි කාලේ ඉඳන් මට ඒ ගාය පොඩ්ඩක් තිබුණා. ඒ කාලේ මෝස්තර නිරෑපණය ලංකාවට ආපුම අලුතයි. ඒකට උපාධියක් තිබුණා. ඒ නිසා මම උපාධි අධ්‍යාපනය සඳහා මෝස්තර නිර්මාණ ශිල්පය තෝරාගත්තා. මෝස්තර නිර්මාණ ශිල්පය කරද්දී මට ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්ප ශිල්පිණියන් මුණ ගැහුණා. ඉන්දියාවෙන් එන අය එක්කත් මම වැඩකළා. මගේ උස හයයි දෙකයි. ඒ නිසා අපිම නිර්මාණ කරපු ඇඳුම් ඒ අය ක්ලාස් එකේදී මටම ඇන්දුවා. ඉන්දියන් අය විලාසිතා දැක්මවල් කරද්දී ඒ අය නිර්මාණය කරපු ඇඳුම් ඇන්දුවේ මටයි. ඔය අතරේ Mr. SriLanka තරගයට අයදුම්පත් ගන්නවා යැයි දැන්වීමක් පුවත්පතක පලවී තිබුණා. මම ඒකට මගේ අයැදුම්පතක් යොමුකළා. ඒ වෙද්දී නිරෑපණ ක්ෂේත්‍රය ගැන මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. හැබැයි හොයලා බලලා දාපු අවස්ථාවෙන් 2008 වසරේදී Mr. SriLanka ජයග්‍රහණය කළා.
කාලයක් මළල ක්‍රීඩකයෙක් වෙන්න හීන දැකපු උසස් පෙළට ගණිත අංශයෙන් ඉගෙනගත් අමිල මෝස්තර නිරෑපණයට යොමුවෙද්දී මවිපයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
මුලින්ම ඒ දෙන්නගේ අකමැත්තක් තිබුණා. උසස් පෙළට ගණිත විෂයෙන් ඉගෙන ගෙන විභාග සමත්වෙලා මේ දේවල් කරන්නේ ඇයි කියලා මුලදී අම්මා තාත්තා මගෙන් ඇහුවා. නමුත් ටික කාලයකට පස්සේ ඒ දෙන්නගෙත් අකමැත්තක් තිබුණේ නැහැ. මගේ ආසාවට මගේ අම්මයි, තාත්තයි මට අවස්ථාව ලබා දුන්නා. නිරෑපණ ශිල්පියෙක් විදිහට වැඩකරගෙන යද්දී මට වෙළඳ දැන්වීම් බොහෝමයකටම ආරාධනා ලැබුණා. කාලයක් මම වෙළෙඳ දැන්වීම් හරහා නිතරම රුපවාහිනියෙන් දකින්නට ලැබෙන මුහුණක් වුණා. ඒ හරහා නාලක විතානගේ &රෑපාන්තර* චිත්‍රපටයකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒකේ ප්‍රධාන චරිතයට කෙනෙක් තෝරමින් ඉඳිද්දී ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණා. නාලක විතානගේත් නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙක්. අවසානයේදී ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට අවස්ථාව ලැබුණා. ඒ හරහා මට රංගනයට සම්බන්ධ වෙන්න හැකිවුණා.
නළුවෙක් විදිහට ලබපු අත්දැකීම් කොහොමද?
තාමත් මම නළුවෙක් කියලා මම දන්නේ නැහැ. ඒ විෂය පිළිබඳව අපිට බොහෝ දේවල් ඉගෙනගන්න තිබෙනවා. තාමත් මම ඒ දේවල් ඉගෙන ගන්නවා. රංගනයට ආවට පස්සේ නිරෑපණ ක්ෂේත්‍රයෙන් මිදෙන්නත් මට ටික කාලයක් ගතවුණා. ඒ දවස්වල මම ගොඩාක් ආධුනිකයි. ප්‍රවීණ අය එක්ක වැඩකරද්දී මම බොහෝ දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගත්තා. මම රංගනය පිළිබඳව බොහෝ තැන්වලින් හැදෑරුවා. ආනෝජා වීරසිංහ මිස්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඊට අමතරව මම බොහෝ චිත්‍රපට බැලුවා. ඒ හරහා මම බොහෝ දේවල් මේ සම්බන්ධව ඉගෙන ගත්තා.
අමිල වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ සිනමාවට කියලයි ආරංචිය?
සිනමාවට මම ලොකු කැමත්තක් දක්වනවා. චිත්‍රපටවල චරිතවලට මම ගොඩාක් කැමැතියි. පුංචි තිරයෙත් මම රඟපානවා. නමුත් මාව සිනමාවට ටිකක් වැඩියෙන් ගැලපෙනවා යැයි මම විශ්වාස කරනවා.
තමන්ගේ මහන්සියෙන් මුලින්ම හම්බකරපු මුදල මතකද?
මම මෝස්තර නිර්මාණ ඉගෙන ගනිද්දී නිරූපණය සඳහා පුවත්පතක දැන්වීමකට මුලින්ම අවස්ථාව ලැබුණා. ඒ දැන්වීමෙන් මට රුපියල් හත්දාහක මුදලක් ලැබුණා. ඒ දවස්වල මම හරියට කෑම බීමවලට ආසයි. මට මතක විදිහට ඒ සල්ලිවලින් කාලා බීලා විනාශ කළා.
අමිල කොහොමද බිරිඳ හා දරුවන් එක්ක ගතකරන ජීවිතය?
මගේ බිරිඳ ඉංජිනේරුවරියක්. එයා ඉගෙනගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ. එයාගේ නම මිහිරුනී ජයවර්ධන. උසස් පෙළ පන්තියේදී ඇතිවුණ ප්‍රේමයකින් තමයි අපි විවාහ වුණේ. අවුරුදු නවයක් විතර ආදරය කරලයි අපි විවාහ වුණේ. ඒක මගේ ප්‍රථම ප්‍රේමයයි. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පොඩි දුවට දැන් මාස අටයි. ලොකු පුතාට දැනු අවුරුදු අටයි. මිහිරුනී පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරියක් විදියට වැඩකළා. මගේ වැඩයි, දරුවන් දෙන්නාගේ වැඩකටයුතුයි නිසා එයා මේ දවස්වල ගෙදර ඉන්නේ.
මේ දවස්වල අමිල කරන කලා කටයුතු මොනවාද?
මම රඟපාපු චිත්‍රපට හතරක් ඉදිරියේදී තිරගත වෙන්නට නියමිතයි. හර්ෂ උඩකන්දගේ කබඩි මාසිත සමරනායකගේ රජදහන සනත් අබේසේකරගේ ගුත්තිල සහ මාලදිවයිනේ අධ්‍යක්ෂ සීසන් අලීගේ කෞෂි කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඊට අමතරව ටෙලි නිර්මාණ හතරක් විතර ඉදිරියේදී විකාශය වෙන්නටත් නියමිතයි. මේ දිනවල මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කරනවා. &සංසාර සිහිනය සහ දූවිල සුළඟ* ටෙලිනාට්‍යයත් ඉතාම මෑතකදී නරඹන්නට හැකිවේවි.
මේ ගතකරන ජීවිතේ...?
ජීවිතේ සුන්දරයි. හොඳින් ගෙවීගෙන යනවා. කොරෝනා ප්‍රශ්නේ එක්ක තනියම ඒ හැමදේම කරගෙන යාමේ අපහසුවක් තිබෙනවා. බිරිඳත් දැන් රැකියාවක් කරන්නේ නැති නිසා කලාව පැත්තෙන්ම හැමදේම කරන්න අමාරුයි. මම අධ්‍යාපනය හැදෑරුවේ මෝස්තර නිර්මාණ ශිල්පයයි. ඒ නිසා මගේම සංකල්පයකට අනුව පිරිමි ඇඳුම් නිර්මාණය කරලා මගේ ලේබලය යටතේ වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒක මම කරන ව්‍යාපාරයක්. කොරෝනාවලට පෙර සිටම මේ ව්‍යාපාරය ආරම්භ කළා. නමුත් කොරෝනා නිසා ඒකත් පොඩ්ඩක් ඇද වැටුණා. දැන් ඉතින් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ලංකාවේ කලාව තුළින් විතරක් ජීවත්වෙන්න ටිකක් අමාරුයි. කලාකරුවන් හරි අහිංසකයි. ඒ නිසා ඒ කලාකරුවාගේ චරිතය කිසිමදාක මම අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්නේ නැහැ.