2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

හැම ගහටම කොටන්න යන බොලිවුඩයේ කොට්ටෝරුවා

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

බොලිවුඩයේ නමක් දිනා සිටින රන්බීර් කපූර්ගේ පෙම් හබද ඔහු තරමටම බොලිවුඩයේ ප‍්‍රසිද්ධය. රන්බීර් කපූර් සිනමා නිළියන් කිහිපදෙනෙකු සමඟම පෙම් සබඳතා පවත්වා ඇති අතර ඔහුගේ පෙම්වතියන්ගේ නාම ලේඛනය බොහෝ දිග එකක් වන අතර ඔහුට බොලිවුඩය තුළ පෙම්වතියන් කිහිපදෙනෙකුම සිට ඇත. මේ අනාවරණය ඔවුන් පිළිබඳවයි.

ප්‍රථම ප්‍රේමය සෝනම්

සංජය ලීලායි බංසාලිගේ සාවරියා සිනමා පටයෙන් මේ දෙන්නා එකට රංගනයෙන් දායක වූ අතර මෙම සිනමාපටය සෝනම්ගේ පළවන සිනමාපටයද වුණා. එය සෝනම් සහ රන්බීර්ගේ පළමු ප්‍රේම සම්බන්ධය බව ඉන්දියාවේ පුවත්පත්වල වාර්තා පළකරලත් තිබුණා. ඔවුන් දෙදෙනා ගැන පුවත්පත්වල සිරස්තල පළවෙද්දී කොෆී විත් කරන් කියන ඉන්දියාවේ ජනප‍්‍රිය රෑපවාහීනී වැඩ සටහනේදීද මේ සම්බන්ධය ගැන සෝනම් විසින්ම පාපොච්චාරණයක් කරලා තියෙන අතර රන්බීර් දීපිකා වෙනුවෙන් සෝනම් අතහැර දැමූ බව පවසනවා.

දීපිකා උමතුවෙන්

රන්බීර් කපූර් සහ දීපිකා පදුකෝන්ගේ ආදර සම්බන්ධය ගැන ක්ෂේත‍්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. රන්බීර්ගේ ආදරය ගැන දීපිකා කොච්ච‍ර උමතුවෙන් කටයුතු කරලා තියෙනවද කියනව නම් ඇය ඔහුගේ නම පවා තමන්ගේ සිරුරේ ටැටූ එකක් බවට පත්කරගෙන තිබුණා. රන්බීර් දීපිකාව අතහැර කත‍්‍රිනා දෙසට හැරුණු අතර දීපිකාට ඔහුව අමතක කරන්න බොහෝ කාලයක් ගතවෙලා තියෙනවා විතරක් නෙවෙයි ඇය ඔහු නිසා බොහෝ සෙයින් වේදනා විඳලා තියෙනවා.

කත‍්‍රිනා දැක්ක ගමන් දීපිකා අමතකයි

රන්බීර් දීපිකාව අතහැර තමන්ගේ පෙම්වතිය විදියට තෝරාගත්තේ කත‍්‍රිනා කයිෆ්වයි. මේ දෙන්නා එළිපිටම ඔවුන්ගේ සම්බන්ධය පවත්වා ගෙන ගිය අතර ඔවුන් දෙදෙනා විවාහ වන බවටද පුවත් පළ වුණා. ඒත් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු නොවුණු අතර ඔවුන් දෙදෙනාද එකිනෙකාගෙන් වෙන්වුණා.

චිත්‍රපටය ඉවරවෙද්දී ආදරෙත් හමාරයි

රන්බීර් සහ නර්ගීස් ෆක් රීගේ ආදර සම්බන්ධතාව පටන් ගෙන තිබුණේ රොක් ස්ටාර් සිනමාපටය රෑගත කිරීම පටන් ගන්නකොටමයි. ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ගැන විවිධාකාරයේ ප‍්‍රවෘත්ති පළ වූ නමුත් සිනමාපටය තිර ගත වූ විගසම ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන්වුණා.

ප්‍රවෘත්ති එමටයි ප්‍රේමය ඉවරයි

රන්බීර් සහ ප‍්‍රියංකා චොප්රාගේ ආදර සම්බන්ධය ආරම්භ වුණේ අංජානා අංජානී සිනමාපටයේ රෑගත කිරීම් අතරතුරයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ගැන විවිධාකාරයේ ප‍්‍රවෘත්ති මාධ්‍යවල පළ වූ නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වෙන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඔවුන් දෙදෙනා වෙන්වීමෙන් අනතුරුවත් හොඳ මිතුරු මිතුරියන් විදියට අදටත් ඇසුරු කරනවා.

අවන්ති යයි ආලීයා එයි

රන්බීර් කපූර් අවන්තිකා මල්ක් එක්කත් සබඳතාවයක් පවත්වා තියෙනවා. ඇය ජස්ට් මොහොබ්බත් කියන රෑපවාහිනී කතා මාලාවේ රංගනයෙන් දායක වූ අතර ඔවුන් දෙදෙනා අතර විරසකයක් ඇතිවෙලා අවන්තිකා අමීර් ඛාන්ගේ බෑණනුවන් වන ඉම්රාන් ඛාන් එක්ක විවාහවෙලා තියෙනවා.

ඒකත් වෙන මඟුලක්ද මන්දාරන්බීර් කපූර්ගේ නම ජැකලින් ෆර්ඩිනෑන්ඩස්, නෝරා ෆතේහි, අමීෂා පටෙල් වැනි නිළියන් එක්කද සම්බන්ධ වුණු අතර පකිස්තාන නිළියක් වන මහිරා ඛාන් එක්කත් ඔහුගේ සබඳතාවයක් තිබිලා තියෙනවා. එහෙත් මේ වනවිට රන්බීර් කපූර්ගේ සහ ආලියා භාත්ගේ ආදර සබඳතාවය ගැන නොදන්න කෙනෙන් නැති තරම්. මේ වනවිට ඔවුන් දෙදෙනා එකම නිවසක ජීවත්වන බවට සිරස්තල පළවෙන අතර ආලියා සහ රන්බීර් විවාහ වෙනකම් ඔවුන් දෙදෙනාට ආදරය කරන ඔවුන් දෙදෙනාගේ රසික රසිකාවියන් උනන්දුවෙන් බලා ඉන්න බව නම් නොරහසක්.