සහෝදරා ක්‍රිකට් කියන්නේ ලංකාවේ අපිට සදාතනික පට්ට Y Trend එකක්. ඒක ඉතින් සුදාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. හැබැයි මේ දවස්වල ක්‍රිකට් එක්ක Social Media ඇතුළු වෙනම Trend ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර ඒවා පට්ට අවුල්. සමහර ඒවා පට්ට ආතල්. ඉතින් මචෝ මේ කතාව ටික නොකියාම බෑ.
මුලින්ම සීන් ICC එකේ Facebook Page එක. ඒ ගැනනම් තියෙන්නේ අමුතු කතාවක්. ලෝකේ ක්‍රිකට් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයිනේ මචෝ. හැබැයි මේ Page එකේ Like Comment බැලුවාම නම් පේන්නේ ලෝකේ ක්‍රිකට් තියෙන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි පකිස්ථානෙයි ඇෆ්ගනිස්තානෙයි කියලා. ICC Page එක කියන්නේ සිරාවට අමුතු තැනක් මචෝ. ඒක මේ රටවල්වල ක්‍රිකට් පිස්සන් පිස්සන් කොටුවක් වගේ. ඒ තරමට ආතල් ගොඩයි. ඔන්න අපේ සමහර සුන්දරාලා නම් ඒ ගැන දන්නේ නැතුව ඇති. ඒ නිසා සීන් කෝන් එක මුල ඉඳන් සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම් කෝ.
ICC - International Cricket Council කියලා තමා මේ Page එකේ නම. මේක නිල පිටුවක්. ලෝකේ ක්‍රිකට් තරග ගැන විශේෂ අවස්ථා සිදුවීම් ගැන Post මේකේ නිල වශයෙන් පල වෙනවා. වැඩේ කියන්නේ මචෝ මේ Comment කියන එක තමා ආතල්ම. Comment කියවීම කියන්නේ මේ කාලේ තියෙන වෙනම Y Trend එකක්. හැබැයි මේකේ ආතල්ම සීන් එක ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ, ලංකාවේ උන් Comment වලින් මරාගන්න එක. ඉන්දියාවයි පකිස්ථානෙයි Comment තීරැවේ නිතරම මරා ගන්නවා.
ඔන්න අපි හිතමුකෝ ඉන්දියාව මැච් එකක් දින්න කියලා... ඒකට ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ට කොහොමත් පට්ට ආතල්නේ. දැන් දානවා ICC Page එකෙන් ඉන්දියාවේ ජයග්‍රහණය ගැන Post එකක්. ඔන්න වැඩේ පකිස්තානේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඕක දරාගන්න බෑ. ඒ ජයග්‍රහණය බාල්දු කරලා Comment දානවා අපේ අය. එතකොට ඉන්දියාවේ අය ප්‍රතිචාර දක්වනවා. දැන් ඉතින් Reply Comment වලින් මරා ගන්නවා. ඒක වෙනම ආතල් එකක් මචෝ.
මේ Page මාර සීන් ටිකක් බලාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අය වැඩියෙන් විරැද්ධ බංගලියොන්ට. බංගලියන්ව අපේ අයට පේන්න බෑ. චොර කරනවා. බංගලියෝත් අපේ අය එක්ක ඇවිලෙනවා. අපේ සෙට් එක ඉන්දියාව එක්ක කොහොමත් ඇරියස්නේ. හැබැයි මෙතන මාර සහෝදරයා ප්‍රේමයක් තියනවා සුදෝ. ශ්‍රී ලංකාවයි පකිස්ථානෙයි සෙට් එක අතර. ඒක වෙනම සීන් එකක්. Comment සටන්වලදී මාර සහයෝගයක් තියෙන්නේ. අලුතින් ඇවිල්ලා රඟන්නේ ඇෆ්ගනිස්තානයේ සෙට් එක. හිටපු ගමන් ඇෆ්ගන්කාරයෝ මාර ආතල් දෙනවා. සුදාලට කියන්න ICC Page එක කියන්නේ එකම යුධ පිටියක්. මේ අතර සාම නියෝජිතයෝ එහෙමත් ඉන්නවා. සහෝදර ප්‍රේමයෙන් ඉන්න අයත් ඉන්නවා. Ha ha react එකම ඕසේම වැටෙනවා. Comment වලට වැටෙනවා.
කොහොම වුණත් පැංචෝ මේක ආතල් සීන් එකක්නේ. හැබැයි Cricket නිසා ඇතිවෙලා තියෙන නරක Y Trend එහෙමත් තියනවා. ලංකාවේ ක්‍රීඩකයන්ට අප්‍රමාණව අපහාස කිරීම් පෞද්ගලික පහරදීම් මඩ ගොහොරැවක් වෙලා මේ දවස්වල බුකි. ඒකනම් බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් මචෝ. සමහර Page වලින් සමහර ක්‍රීඩකයන් පැල් බැඳගෙන මඩ ගහන්නේ. ඒක සමහරැන්ට නම් මාර ආතල් මචෝ. ඒත් ලංකාවේ ක්‍රිකට්වලට නම් පට්ට අවුල්. අපිට අහන්න ලැබුණු විදිහට මේ Trend එක ඇතුළේ ක්‍රීඩකයෝ මානසිකව කඩා වැටිලා.
මේ Trend පිටිපස්සේ Cricket ක්‍රීඩකයොන්ගේ Managers ලාත් ඉන්නවා කියලා කියනවා. ඒවා නම් වෙනම කතා කරන්න ඕනා සීන්. අපේ Y Trend එකේ වගේ සංකීර්ණ කතා නෑනී සුදෝ. ඒත් මේ Trend ගැන අපිට කතා නොකර බෑ සමහර වෙලාවට සමහර Page වගේම Groups වල සමහරැ හැසිරෙන්නේ තේරීම් කමිටුව තමන් කියලා හිතාගෙන මචෝ. මේක Trend වෙලා කියලා අපි කියන්නේ කොල්ලයි බල්ලයි හැමෝටම මේ පිස්සුව ගහලා නිසා. සමහර ලෙදර් බෝලයක් අල්ලලාවත් නෑ මචෝ. හැබැයි ක්‍රීඩාවට විචාර විවේචනය ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන්න ඕනෑ එකෙන්ම. ඉස්සරත් තිබුණා. නමුත් මේ වගේ Trend වලින් නම් ක්‍රීඩාවට වෙන යහපත් නෑ සහෝ.
ඊළඟට අපි කතා කරන්නේ Social Media ඇතුළේ Cricket සම්බන්ධව තියෙන තව පට්ට Trend එකක් ගැන. මේක Create කරලා තියෙන්නේ ක්‍රීඩකයෝමයි. දැන් ලංකාවේ තරුණ ක්‍රීඩකයෝ ගොඩක් පෞද්ගලිකව භාවිත කරන්නේ Instagram. බුකියට වඩා ඒක සාමකාමියි. Twitter තරම් Official නෑ. ඒ නිසා එයාලාගේ විනෝදේ Instagram එක ඇතුළේ. මේකට බනින්න බෑ පෞද්ගලික දෙයක් මචෝ. ඒ නිසා ස්වභාවය විතරක්ම කියන්නම්. පොඩි ප්‍රදර්ශනය කාමයක් මේක ඇතුළේ තියෙනවා. මේක සමහර ප්‍රේක්ෂකයන්ට දරාගන්න බෑ. Instagram එකේ Comment වලින් ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකයෝ ගැටුණු අවස්ථා පහුගිය දවස්වල අපි දැක්කා. හැබැයි මෙතැන මාර Fans Bass එකක් තියනවා ක්‍රීඩකයන්ට.
ඉතින් Instagram උමතුව කියන්නේ ලංකාවේ ක්‍රීඩකයන් අතර තියෙන Trend එකක්. සමහර Facebook, Twitter වගේ Page, Account නිල වශයෙන් වෙන Admin ලාට දීලා තියෙන්නේ. හැබැයි Instagram එක විතරක් පෞද්ගලිකවම හසුරැවනවා. කන බොන විදිහ, පාටි දන හැටි, අඳින පළඳින හැටි Instagram එකේ දානවා. ඒකට මාර ප්‍රතිචාරත් තියෙනවා. හැබැයි මේක ලෝක මට්ටමින් සිද්ධවෙන දෙයක් ක්‍රිස් ගේල් වගේ ක්‍රීඩකයෝ මේකේ ඉස්සරහින්ම ඉන්නවා. එතකොට TikTok කරන ක්‍රීඩකයොත් නැතුවම නෙමෙයි. ඩේවිඩ් වෝර්නර් කියන්නේ අංක එකේ TikTok තරුවක්. ඉතින් පොඩ්ඩක් ඒ ගැනත් සුදාලා හොයලා බලන්න.
ඔන්න මචෝ අද කතාව ටිකක් වෙනස්. ක්‍රිකට් වලට කැමති නැති අය සෙට් නොවුණා නම් සොරි වේවා. ලංකාවේ ක්‍රිකට් ගොඩයන දවසක් මේ නරක trend නම් ගොඩක් අඩුවෙයි කියලයි අපි හිතන්නේ. හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ සුදෝ.