2016 සැප්තැම්බර් 21 වන බදාදා

වාවනු බැරි තැන රහසේ හැඬුවා

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 144

 

&මට නංගියෙක් ඕනෙ* බහ තෝරන වයසෙ ඉඳන් මම මමීටයි ඩැඩීටයි එහෙම කිව්වා. ඒත් ඒක ඉෂ්ඨ වුණේ නෑ. මොංටිසෝරියෙ මගෙ යාළුවො හැමෝටම නංගිලා මල්ලිලා හිටියා. මම ගොඩක්ම ආස කළේ නංගිලාට. කොහොම හරි මමීයි ඩැඩීයි ඒ තරම් මා ගැන හොයලා බැලුවෙත් නෑ. මම ගොඩක් ළං වුණේ මගේ ග්‍රැනීට. එක දවසක් මම ඉස්කෝලෙ ඇරිලා එද්දි චූටි බබෙක් ගෙදර අඬනවා. මට හිතාගන්නත් බැරි වුණා. රත්තරං පාට හිසකෙස් තියෙන රෝස පාට නංගියෙක්. අන්තිමට කොහොම හරි මමීයි ඩැඩීයි මගේ ආසාව ඉෂ්ඨ කරලා.
&තෑන්කියු මමී* මම මමීව බදාගෙන ඉඹින්න හදද්දීම මමී මාව තල්ලු කළා. එයා හිටියෙ හොඳටම අඬ අඬා. ඩැඩී හිටියෙ සැටියෙ ඉඳගෙන ඔළුව බදාගෙන. ග්‍රැනී විතරයි නංගි වඩාගෙන හිටියෙ. මම එයා ගාවට ගිහින් නංගිගෙ රෝස පාට ඇඟිල්ලක් අල්ලා ගත්තම එයා ඇඬිල්ල නවත්තලා, මගෙ දිහා බලන් හිටියා.
&එයා අඬන්නෙ නෑ. මේ එයා අඬන්නෙ නෑ.* මම සතුටින් කෑ ගැහුවා.
&ඕකි උඹේ නංගි නෙවෙයි* මමී එයාගෙ කොණ්ඩෙ ඇදගෙන හයියෙන් කෑ ගැහුවා. ඒ තමා මම මමීව දැකපු අන්තිම දවස. ගෙදර ලොකු කලබලයක් වුණා. මට මතකයි, දවස් තුනකට පස්සෙ අපි ඔක්කෝම කළු ඇඳගෙන පල්ලියට ගියා. මමී දෙවියන් වහන්සෙ ගාවට ගිහින් කියලයි ග්‍රැනී මට කිව්වෙ. මට ඒකට දුක හිතුණෙ නෑ. මොකද, මමී නංගිට ආදරේ වුණේ නෑනෙ. ඩැඩී මට නංගි ගෙනත් දුන්නට මමී කැමති නෑ කියලා තමා ඩැඩී මට කිව්වෙ. කොහොම හරි අන්තිමට ඩැඩීත් ගෙදර එන එක අඩු කෙරැවා. ග්‍රැනී තමා අපි දෙන්නවම බලාගත්තෙ. නංගිට නම දැම්මෙ ජෙනී කියලා. මමත් එයාට කතා කළේ ජෙනී කියලා. බලාගෙන ඉද්දි ජෙනී ලස්සන වුණා. හැබැයි ජෙනී කතා කළේ නෑ. එයා කතා කළේ අතින්, මූණෙන්. මොකක් හරි ඇහුවම ජෙනී ඔළුව වැනුවා. හිනා වුණා.
&ජෙනී ගොලුයි* අන්තිමට ඔප්පු වුණේ ඒක. දවසක් ඩැඩී ගෙදර ආවම ග්‍රැනී කිව්වෙ ජෙනීව ගිහින් දාන්න කියලා. එයාට ගොලු කෙල්ලෙක් බලාගන්න බෑ කිව්වා. අනික ජෙනී අපේ කෙනෙක් නෙවෙයි කියලා ග්‍රැනී එකහෙළාම කියා හිටියා. ඒ වෙලාවෙ ඩැඩී ජෙනී තුරැල් කරගෙන හුඟාක් වෙලා ඇඬුවා. මට ඒ වෙලාවෙ හොඳටම දුක හිතුණා. කවුරැ ජෙනීට වෙනස්කම් කළත් මම ජෙනීව බලාගන්නවා කියලා මම හිතුවා. එදා ගෙදරින් ගියාට පස්සෙ ඩැඩී කවදාවත් ගෙදර ආවේ නෑ. කාලෙ හරිම ඉක්මනින් ගෙවිලා යද්දි ග්‍රැනීත් අසනීප වුණා. අන්තිමට ගෙදර හැමදේම කළේ ජෙනී. ග්‍රැනීටත් ජෙනී නැතුවම බැරි වුණා. වචන වලින් කතා කරන්න බැරි වුණාට ජෙනීයි මායි හුඟාක් දේ ඇස්වලින් කතා කළා. මම කියන දේවල් ජෙනීට තේරැණා වගේම ජෙනී කියන්න හදන හැමදේමත් මට තේරැණා. ඔය අතරෙ තමා මට ජොබ් එකකුත් ලැබුණේ. මේ වෙද්දී මට අවුරැදු 21යි. ජෙනීට 16 යි. ජෙනී සුරංගනාවියක් තරම් ලස්සනයි. මගේ යාළුවො ජෙනී ගැන උනන්දු වුණේ නැත්තෙ ජෙනී ගොලු නිසා. ඊටත් වඩා ජෙනී මගේ නංගි නොවන නිසා. ජෙනීව කාටවත්ම අයිති කරගන්න දෙන්න මට හිතුණෙ නෑ.
එක දවසක් මම වැඩ ඇරිලා කලින්ම ගෙදර ආවා. එදා ග්‍රැනී හිටියෙත් එයාගෙ යාළුවෙක්ගෙ ගෙදර ගිහින්. එදා මට ජෙනීව පෙනුණේ වෙන කවදාවත් නැති තරම් ලස්සනට. ජෙනීගෙ ඇස් මට කතා කළා. එදා තමයි මගේ ජීවිතේ ලස්සනම දවස. ජෙනීටත් එහෙමයි. ජෙනී එදා එයාගෙ සතුට සැමරැවෙ මගේ අලුත්ම ටී - ෂර්ට් එකක් චූටි කෑලිවලට කපලයි. එයාගෙ සතුටට මම ඉඩ දුන්නා. එදායින් පස්සෙ ඉඩක් හම්බවෙන හැම දවසකම ජෙනී මගේ වුණා. ඒකෙ බරපතළකම මට තේරැණේ දවසක් ග්‍රැනී කියපු කතාවෙන්.
&ජෙනීට කාගෙන් හරි කරදරයක් වෙලා. ජෙනී ප්‍රෙග්නට්. අපි දැන් මොකක්ද කරන්නෙ. ජෙනී කවුද කියලා කියන්නෙ නෑ. කියනවද දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ*
ග්‍රැනී එහෙම කියද්දී මට තවත් හංගන්න හිතුණෙ නෑ.
&ග්‍රැනී ජෙනීගෙ බබාගෙ තාත්තා මම. මට ජෙනී මැරි කරන්න ඕනෙ.* මම ඒ වචන ටික කිව්වෙ හරි අමාරැවෙන්. ඒ වෙලාවෙ ග්‍රැනීගෙ ඇස් දෙක නළලට ගියා. 
&මයි ගෝඩ් මොනවද මේ කියන්නෙ. ජෙනී ඔයාගෙ නංගි. ඩැඩීගෙ තිබ්බ එෆෙයා එකකින් ලැබුණ කෙනෙක් ජෙනී. දෙයියනේ ඔයාගෙ මමී සුයිසයිඩ් කරගත්තෙත් ජෙනී නිසා. ඔයා මොනවද මේ කළේ*
ග්‍රැනී එහෙම අහද්දි මගේ ඇස් නිලංකාර වෙලා ගියා. බොඳ වෙච්ච ඇස් අස්සෙන් මම දැක්කෙ හිනාවෙන ජෙනීගෙ ලස්සන මූණ.
I තනූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00