2021 මාර්තු 06 වන සෙනසුරාදා

මොංගල් නොවී මොළයෙන් සැරිසරන්න!

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

Up Coming Y Trend එකක් ගැන කතාවක් දාන්න ඔන්න අපි කල්පනා කරා. මා බ්‍රෝ දන්නවාද දන්නේ නෑ Omegle ගැන. මං හිතන විදිහට සෑහෙන්න පිරිසක් දන්නේ නෑ. හැබැයි ඔය YouTube එකේ සැරට කරක් ගහන සුදාලා නම් සීන් එක දන්නවා ඇති. සිරාවට මේක මුළු ලෝකයම ආක්‍රමණය කරන්න පටන් ගත්ත අලුත් Trend එකක්. මේ ගැන කියන්න අපි තීරණය කළේ අද වෙනකොට සීන් කෝන් එක ලංකාවෙත් පටන් අරගෙන නිසා.

ඕ...ඕ... Sorry වේවා. අපේ සමහර ෆ්‍රොන්තොලට මේක ග්‍රීක් වගේනේ. මුලින්ම සීන් එක මෙහෙම ඔළුවට දා ගමු හරිය. Omegle කියන්නේ Free Online Chat කරන්න පුළුවන් Website එකක්. මේකේ Video Chat වගේ  වගේම Normal  විදිහටත් Chat කරන්න පුළුවන්. විශේෂත්වය තමා මේ Chat එකට ලියාපදිංචි වෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ නම ගම විස්තර Email එකක වගේ කිසිම දෙයක් ඕනේ නෑ. නිකන්ම chat එකට යන්න පුළුවන්. චැට් කරන්න කට්ටියව හම්බ වෙන්නේ අහඹු විදිහට. අවශ්‍ය වෙන්නේ Chat එකට ඇතුළු වෙනකොට තමන් කැමති Tag එකක් දාන එක. උදාහරණක් විදිහට YouTube, TikTok වගේ Tag දාන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අහඹු ලෙස චැට් එකට එන අතර යම් පොදු සමානකමක් ගොඩනැගෙන එක.
ඇත්තටම මේ වගේ සරල Chat Website අන්තර්ජාලේ හරිම විරලයි මචෝ. අන්‍යතාව හංගගෙන කටයුතු කරන්න විවෘත අවකාශයක් මේකේ තියෙනවා. ඒ වගේම තමන්ට ඕනෑ වෙලාවට Chat එක Stop කරන්නත් පුළුවන්. නිර්නාමිකව ඉන්න පුළුවන්. හොඳ සංවාදකයට පස්සේ තමන්ගේ Instagram, Facebook හරි Twitter නම හරි හුවමාරු කරගෙන සම්බන්ධය ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. ඉතින් ලෝකය පුරා තරුණ තරුණියෝ යාළුවෝ හොයාගන්න වගේම කාත් එක්ක හරි කතා කරකර ඉන්න දැන් Omegle භාවිත කරනවා. මේක ඉතින් පට්ට Y Trend එකක් මචෝ. හැබයි මේක 18+ අයට තමා නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම 13+ දෙමාපියන්ගේ අවසරය සහිතව Chat කරන්න පුළුවන් කියලාත් මේකේ සඳහන් වෙනවා.

දැන් සුදාලට සීන් කෝන් එක ගැන පැහැදිලියිනේ. හරි එහෙම් මේ සීන් එක මෙච්චර Trend එකක් වෙන්නෙ හේතුව අපි බලමු. ආයෙත් අහලා මේ කාලේ Trend හදන Youtubers  ලා තමා මේකෙත් පුරෝගාමි චරිත. මෙයාලා කරන්නේ Omegle Video Chat Record කරලා Youtube දන්න එක. මේක වෙනම ආතල් එකක්. මේ අය Omegle Chat එක ඇතුළේ ආතල් දෙනවා. ආතල් කියන්නේ එක එක ජාතියේ ආතල් මචෝ. සමහරු Music කරනවා. සමහරු Beet Box කරනවා. හිනස්නවා, බොරු කියනවා, නටනවා එක එක ජාතියේ ඒවා තමා ඉතින්. ෆ්‍රොන්තොලට මේ සීන් එක පැහැදිලි වෙන්න නම් මේ වැඩේ කරන ලෝකේ ජනප්‍රිය Youtubers ලා දෙතුන් දෙනෙක්ගේ වැඩ බලන්නම වෙනවා. ආ අපි නම් දෙක තුනක් කියන්නම්. SSSniperWolf , Thedoo , Marcus Veltri  කැමති නම්  මෙයාව Search කරලා බලන්න කෝ මචෝ.

අපි පටන් ගත්දීම කිව්වානේ මේක ලංකාවට Up Coming Y Trend එකක් කියලා. ඔන්න සුදාලා දැන් තමා අපි Story යට Line වෙන්නේ. කවුද මේ සීන් එක ලංකාවේ Crowd එකට අරගෙන ආවේ. මේකට නිවැරදිම පිළිතුරක් දෙන්න අපිට බෑ මචෝ. හැබැයි ලංකාවේ Youtubers ලා කිහිප දෙනෙක් ඉන්නවා. ලංකාවේ කිව්වාට මෙයාලා ඉතාලියේ ඉන්න ලංකාවේ කොල්ලෝ වගයක්. මෙයාලත් Omegle එකේ ආතල් දීලා Record කරලා YouTube දානවා. ඒ වගේම හිටපු ගමන් Live එකක් එහෙමත් කරනවා. වෙන වෙනම Youtube Chanel මේ සෙට් එකට තියෙන්නේ. ඒත් එකතුවෙලා වැඩ කරනවා මේ සෙටාර් එක. ලංකාවේ Youtube සීන් කෝන් එක ඇතුළේ මෙයාලගේ සීන් එක වෙනම එකක් කියලා තමා අපිට හිතෙන්නේ. කොහොම වුණත් තාම මේ සෙටාර් එක මූලික අවධියේ ඉන්නේ මචෝ.

මේ සෙට් එකෙන් මේ සීන් මුළුමනින්ම ලොකුවට කළේ MR.Praviya. ප්‍රවියා ‍කරේ indian accent එකකින් කතා කරලා සුද්දන්ට ආතල් දෙන එක. ඒ වගේම කෙල්ලගේ Instagram ඉල්ලා ගන්න එක. පස්සේ Kaviya, ZikkaMalli, PasiYa වගේ සෙට් එකත් මේ සීන් එකට එකතු වුණා. දැන් Omegle වීඩියෝ බලන වෙනම සෙට් එකක් ලංකාවේ ඉන්නවා. කොහොම වුනත් මෙයාලා ලොකුවට මේ ආතල් එක දෙන අයව පොඩ්ඩක් Fallow කරනවා. එත් ලංකාවේ මේ සීන් එක ආරම්භ කිරීමේ ගෞරවය මේ සෙට් එකට අපි දෙන්න ඕනෑ එකෙන්ම. හැබැයි තාම මෙයාලා කාටවත් Subscribe ලක්ෂයක් නෑ. මොකද සීන් එක පටන් අරගෙන තාම අවුරුද්දක් එකහමාරක් වගේ තමා වෙන්නේ. අන්න ඒ නිසා තමා අපි කිව්වා මේ සෙට් එක තමා මූලික අවදියේ ඉන්නේ කියලා. හැබැයි වැඩේ වේගෙන් ඉස්සරහට යනවා කියලා අපිට පේනවා මචෝ.

කොහොම හරි Covid-19 වසංගතයත් මේ සීන් එක නැගලා යන්න බලපෑවා කියලා කියන්න ඕනෑ. මොකද ගොඩක් අය ගෙවල්වල හිරවෙලා ඉන්න නිසා මේ Omegle සීන් එකට සෙට් වුණා. හැබැයි Omegle Website එක පටන් අරගෙන තියෙන්නේ 2009 දී Video Chat එක හඳුන්වා දීලා තියෙන්නේ 2010 යේදී. මේ ගැන විවේචන තියෙනවා. 2019 අග භාගයේදී සහ 2020 මුල් භාගයේදී ඔමේගල් චීන කොමියුනිස්ට් පක්ෂය විවේචන කරලා තියෙනවා.
ඔන්න මචෝ සීන් එකේ නරක පැත්ත අපිට කියන්න වෙනවා. අංක එක තමා ලිංගික මානසික රෝගීන් මේක ඇතුළේ රජ කරන එක. ඇත්තටම මේ සයිට් එක පිරිසක් තමාගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරනවා. නිරුවත පෙන්නනවා. Omegle Website එක මේවා නියාමනයට හරියාකාරව වැඩකරලා නෑ. හැබැයි වැඩ කරනවා කියලා තියෙනවා. ඒ වගේම ඇතුළු වෙද්දී අනතුරු අඟවනවා. එතකොට ලෝකේ පුරා අවුරුදු 14,15,16 වයස්වල ළමයි මේකට ඇබ්බැහි වෙලා කියලත් ලොකු චෝදනාවක් තියෙනවා. එතැනත් මේකේ හරි නියාමනයක් නෑ. ඒ වගේම මේකේ IP Address එක හොයාගෙන Chat කරන කෙනා ඉන්න තැන හොයා ගන්නත් ක්‍රම තියෙනවා. ඒ වගේම පෞද්ගලිකත්වයට ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේක හොඳ විදිහට භාවිත කරන අයත් ඉන්නවා මචෝ. ඒකත් කියන්න එපැයි. කොහොම වුණත් මේක ලෝකේ ලොකු Trend එකක් සහෝ.

ඉතින් මචෝ ඔන්න ඕකයි කතාව. හෙට අනිද්දාට ලංකාවේ මේක පට්ට Y Trend එකක් වෙන එක නවත්වන්න බෑ සුදෝ. තාම මේ ගැන දන්නේ නැති නිසා විවේචන නම් ගොඩක් අඩුයි. හෙට අනිද්දාට විවේචනත් සෑහෙන්න තියෙයි.  අපි Y Trend එකෙන් Trend ගැන ලොකු විවේචන කරන්නේ නෑ. හැබැයි අපි එක දෙයක් කියනවා මා ෆ්‍රොන්තොලට. ඕනම දෙයක් ඕනෑවට වඩා හොඳම නෑ හරිය. පරිස්සමෙන්.