2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ගැහැනියක් පත්තිනියක් කරන්නෙත්, වෙසඟනක් කරන්නෙත් පිරිමි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

කවදාවත් හමුනොවුණත් අපි ජීවිතේ ආදරේ කරන මිනිස්සු අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා. සමහරවිට ඒ අය ඉන්නේ වෙන ඈත රටක වෙන්න පුළුවන්. අපි මේ ලෝකෙට එද්දි ජීවතුන් අතරෙ නොසිටිය අය වෙන්න පුළුවන්. ඒ අය එක එක කේෂ්ත්‍ර නියෝජනය කරන අය වෙන්න පුළුවන්. මම ප්‍රිය කරන ඇය විද්‍යා බාලන්... වැඩිය දුරක් නැති අල්ලපු රටේ ඉන්න විද්‍යා කියන්නෙ බොලිවුඩ් සිනමාවේ තරකාවක්. උපාධිධාරිනියක වගේම දැඩි ලෙස පොත් කියවීමට හුරුවෙච්ච විද්‍යා භරත දේශය විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටයන් පුදන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද දිලිසෙන තාරකාවක්.

ඇය මගේ හිත නවත්තා ගත්තෙ පපා චිත්‍රපටයෙන් වුණාට ඇය මගේ හිත කෙනිත්තුවේ  THE DURTY PICTURE  චිත්‍රපටයෙන්. දුප්පත් ඇය පසුව සිල්ක් යන නමින් බෞතීස්ම ලද ඇය සමාජයේ ඉහළම තැනක ඔසවා තබන්නේත්, පාගා දමන්නේත් ගෑනු උඹලා අංක දෙක කියලා අදටත් හිතන වැඩවසම්වාදී පුරුෂෝත්තමවාදී පිරිමි චින්තනය. ගැහැනියක් පත්තිනියක් කරන්නෙත්, වෙසඟනක් කරන්නෙත් පිරිමින් විසින්. ඒත් පිරිමිත් එක්ක අසම්මතය යන සමාජ නිර්ණායකය තුළ සිරුරු බෙදාගන්නා ගැහැනුන්ට එල්ලවෙන ගල් පිරිමින්ට වදින්නෙ නෑ... ඇය වෙසඟනක්, ඔහු බ්‍රාහ්මණයෙක්. ගෑනු ඇඟ විකුණන්නේ නෑ.... තවත් පිරිමියෙක් හා ඇඟ බෙදාගන්නවා... ඒ බෙදා ගැනිල්ල පිටුපස හේතු ගොඩක් තියෙන්න පුළුවන්... සිල්ක් අපිට කියන්නෙ ඒ වගේ ගෑනු ගැන.. උන්ගේ ඉරණමේ ඛේදවාචක ගැන..

විද්‍යා බාලන් අදටත් ඉන්නවා - ඒත් සිල්ක්ලා හුඟදෙනෙක් අතරමං - නැත්නම් මිය ගිහින්. 

Sanju

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00