සට සට ගාලා දෙන්න යන්නේ එළකිරි Trend එකක් ගැන සුප්පා Story යක්. සුදාලා කන පාත් කරලා අහගෙන ඉන්න ඕනා. මේක විලාසිතා ලෝකය ගැන Trend එකක්. මේකට අපි කියන්නේ මචෝ ජපන්කරණය සහ කොරියානුකරණය කියලා. ටිකක් මඤ්ඤං වගේ නේද? සීන් එක මේකයි. චීන ඉන්දියන් ඇමරිකන් වගේ කරණයක් ගැන කතා කළා නම් සුදාලා කතාව Set නේද? අන්න එහෙනම් හිතන්නකෝ මේ සීන් එකත් ඒ වගෙයි.
ලෝකය ජපන් කොරියන් සංස්කෘතියට ආදරය කරන්න ගන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි මචෝ. ඒකට මාර ඉතිහාසයක් තියෙනවා. හැබැයි අපි කියන්න යන්නේ නූතන විලාසිතා ලෝකයේ Japanese Korean Trend ගැන සහෝ. අපි අංශ දෙක තුනක් අරගෙන සීන් එක ගලපනවා. ජපන් ජාතිකයෝ අනිත් රටවල්වල අයට සාපේක්ෂව විලාසිතාවට ප්රමුඛ ස්ථානයක් ලබාදෙනවා. කොරියාවේත් එහෙමයි. කොරියාවේ නම් ගැහැනු පාර්ශ්වය වගේම පිරිමි පාර්ශවයත් විලාසිතා සිදුකරනවා. වැඩේ කියන්නේ මචෝ මේ විලාසිතා දැන් මුළු යුරෝපයම Copy කරනවා.
මේක දැන් ලෝකයේම තාරැණ්යයේ උමතු Trend එකක් වෙලා. ජපන් කොරියන් විලාසිතාවල තියන අමුතු අමුතු දේවල් තමා මෙහෙම Trend එක නිර්මාණය වෙන්න හේතුව. ජපානයේ නම් ඍතු 4ක් තියෙනවා. ඒ ඒ නිසා ඍතුවලට ගැලපෙන්න තමා විලාසිතා කිරීම් සිද්ධවෙන්නෙ. කොරියාවේත් එහෙමම තමා මචෝ. මේ සීන් එක යුරෝපයේ, ඇමරිකාවේ ජපන් කොරියන් විලාසිතා Trend වෙන්න ලොකු හේතුවක්.
කොරියන් විලාසිතා මෙච්චර හිට් වෙන්න තවත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමා K Pop සංස්කෘතිය සුන්දරා. කොරියානු පොප් සංගීත මේ වෙද්දී මුළු ලෝකයම වැළඳගෙන ඉවරයි. අපේ පැංචොන්ට අපි මීට කාලෙක කලින් K Pop ගැන අපි Y Trend එකක් අරගෙන ආවා මතකත් ඇති. කොහොමහරි k Pop තරැ අඳින පළඳින විදිහ දැන් ලෝකය පුරා රසිකයෝ අනුකරණය කරනවා. පැංචියෝ පැත්තෙන් බැලුවොත් කෑලි දෙකක ඇඳුම් කට්ටල, බෝම්බ ජැකට්, දණහිසට ඉහළ මේස් සහ ස්නැප්බැක් සහිත සායක්, මේ සියල්ලම අලුත් K pop සංගීත වීඩියෝව හරහා ලෝකය වැළඳගත්ත විලාසිතා පුතා.
එතකොට අපේ සුදාලා දැකලා ඇති අපේ රටේ කොල්ලෝ කොණ්ඩෙ එක පැත්තකට ඇහැක් වැහෙන්න එහෙම දාලා ඉන්නවා. කස්ටියට සීන් එක දිරවන්නේ නැතිවත් ඇති. හැබැයි ඔය විලාසිතා කරන කොල්ලො වගේම බනින අයත් දන්නේ නෑ ඔය විලාසිතා ඇවිල්ලා තියෙන්නේ කොරියානු ආභාෂයත් එක්ක. ඒකත් ඉතින් K Pop තරු නිර්මාණය කරපු Trend එකක්. සමස්තයක් විදිහට ගත්තාම මචෝ අද වෙනකොට ලෝකේ Trending යන ගොඩක් පිරිමි විලාසිතා ඉපදිලා තියෙන්නේ කොරියාවේ හරි ජපානේ හරි.
ජපන් ඇනිමේෂන් කියලා කියන්නේත් විලාසිතා උල්පතක්. දැන් ලෝකේ ගොඩක් ගෑනු ළමෝ ජපන් ඇනිමේෂන් චරිත Fallow කරනවා. විශේෂයෙන්ම කොණ්ඩ මෝස්තර වගේ ඒවා. නිර්භීත ගැහැනු ළමයි ඒ කියන්නේ පොඩ්ඩක් නිදහස අගය කරන රැඩිකල් වගේ අය තද වර්ණ තෝරා ගන්නවා කොණ්ඩේ පාටකරන්න. රෝස, නිල්, දම්, රතු වගේ වර්ණ. ඉතින් මේවා ජපන් ඇනිමේෂන්වල බලපෑම. විශේෂන්ම ඇමරිකාවේ ජපන් ඇනිමේෂන්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ මේ ජපන් විලාසිතා වේගයෙන් පැතිරෙනවා මචෝ.
ජපන් විලාසිතා Trend වෙන්න තව හේතුවක් තමා ජපානය සම්ප්රදාය සහ නූතනය එකින් එකට මුහුකිරීම. මේ හරහා අලුත් ජපන් විලාසිතා සම්ප්රදායක් බිහිවෙලා තියෙනවා ඒක ලෝකය කොපි කරනවා. ඒ වගේම ඔරිජිනල් ජපන් සම්ප්රදායික විලාසිතා ගැනත් දැන් ලෝකය උනන්දුයි. හැබැයි ජපානයේ එච්චරම උනන්දු නෑ. හැබැයි කිමෝනෝ වගේ ඇඳුම් අද වෙනකොට ලෝකයේ පිස්සුවක් වෙලා. ඉතින් ඇත්තටම මේක ජපන්කරණයක් තමා මචෝ. මොකද කියන්නේ?
ජපන් කොරියන් විලාසිතා ගැන තවත් විශාල විස්තරයක් කියන්න පුළුවන්. ඒත් අදට ඇති. මේ Trend ගැන අපි වෙන වෙනම ඉස්සරහට කතා කරමු මචංලා.