බොලිවුඩ් සිනමාපට බොහෝ සාර්ථක වීමට එහි චරිතයන්ට පණපොවන ප‍්‍රධාන නළු නිළි දෙපළ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. හින්දි සිනමාවේ සුපිරි තිර යුවළ බොහෝමයක් සිටින අතර ඔවුන් අපි ආදරය කරන සිනමාපට බොහොමයක් අපිට නරඹන්නට ලබා දී තිබෙනවා. සිනමාපට එකකට වඩා ප‍්‍රධාන යුවළ ලෙසින් චරිතයන්ට පණ පෙවූ නළු නිළියන් ගැනයි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ.
01. අමිතාබ් බච්චන් - රේඛා
හින්දි සිනමාවේ මෙගා ස්ටාර් යන විරුදාවලියෙන් හඳුන්වන බිග් බොස් එහෙම නැත්නම් අමිතාබ් බච්චන් සහ රේඛා කියන්නේ බොලිවුඩයේ සිනමාපට බොහොමයක ප‍්‍රධාන චරිතයන්ට පණ පෙවූ නළු නිළි යුවළක්. ඔවුන් දෙදෙනා කොච්චර ගැලපුනාද කියනවා නම් අදටත් රේඛා තනිකඩව ඉන්නවා විතරක් නෙවෙයි අමිතාබ් සහ රේඛා අතර ඇති සබඳතාවය ගැනත් සාක්ෂි සහිතවම විටින් විට ඉන්දියාවේ මාධ්‍ය කතාබහට ලක් කරනවා. සිල්සිලා, මිස්ටර් නට්වර්ලාල්, ඛූන් පසීනා, දෝ අංජානේ, සුහාග් කියන්නේ ඔවුන් දෙදෙනා එකට රංගනයෙන් දායකවුණු සුපර් හිට් සිනමාපට කිහිපයක්.
02. රාජේෂ් ඛන්නා - ශර්මිලා තාගෝර්
රාජේශ් ඛන්නා සහ ශර්මිලා තාගෝර්ද සුපිරි සිනමාපට කිහිපයක එකට රංගනයෙන් එකතුවෙලා තියෙනවා. ඔවුන් දෙදෙනා එකට රඟපානවා දකින්න ලැබුණේ මෙන්න මේ සිනමාපටවලයි. අමර් ප්‍රේම්, ආරාධනා වගේ බ්ලොග් බ්ලාස්ටර් සිනමාපට ඒ අතර තියෙනවා. මේ දෙදෙනා සිනමාපටවල එකට චරිත නිරෑපණය කළද ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා කියලා නම් කවදාවත් මාධ්‍යවල වාර්තා කරලා නැහැ. ඒ වගේම කිසිවිටෙක ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා කියලා සිනමා කර්මාන්තයේ කතා බහක් ඇතිවෙලාවත් නැහැ.
03. ශාරුක් ඛාන් - කාජොල්
බොලිවුඩයේ කිං ඛාන්, ශාරුක් ඛාන් සහ කාජොල් සිනමාපට බොහොමයක එකට වැඩ කරලා තියෙනවා. ඔවුන් දෙදෙනා සිනමාපටවල බොහොම අගේට ගැලපුණු යුවළ කියන එක හින්දි සිනමාපට නරඹන ප්‍රේක්ෂකයින් වැළඳගෙන තියෙනවා .කුච් කුච් හෝතා හෙ, දිල්වාලේ දුල්හානියා ලේ ජායේංගේ, බාසිගර්, කභී කුෂී කභී හම් සහ දිල්වාලේ වැනි ජනප‍්‍රිය අතිසාර්ථක දැවැන්ත සිනමාපටවල එකට වැඩකර තියෙනවා. ඔවුන් දෙදෙනා එකට පෙනී සිටින ඕනෑම සිනමාපටයක් ඔවුන්ගේ රසිකයින් නරඹන්න බලාගෙන ඉන්නවා.
04. අනිල් කපූර් - මධුරී දීක්ෂිත්
අනිල් කපූර් සහ මධුරී දීක්ෂිත් යුවළද හින්දි සිනමාලෝලී ප්‍රේක්ෂකයින් බොහොමයකගේ සිත්ගත් යුවළකි. රාම් ලඛන්, බේටා, තේසාබ්, පුකාර්, ඛේල්, සහ ජමායී රාජා වැනි සිනමාපටවල ඔවුන් දෙදෙනා යුවළක් විදියට චරිතයන්ට අපූරැවට පණ පොවන අයුරැ ඔබද හින්දි සිනමා ලෝලියෙක් නම් නොදැන සිටිය නොහැකිය. ඔවුන් දෙදෙනා සිනමාපට 17ක 18ක පමණ යුවළක් විදියට රංගනයෙන් එකතු වී ඇති අතර ඔවුන් දෙදෙනා යුවළක් විදියට පෙනී සිටින සෑම සිනමා පටයක්ම අති සාර්ථක සිනමා පට බවට පත්වෙලා තියෙනවා. ඔවුන් දෙදෙනා අවසන්වරට දැකගත හැකිවූයේ ටෝටල් ධමාල් සිනමා පටයෙනි.
05. ගෝවින්දා - කරිෂ්මා කපූර්
බොලිවුඩයේ හීරෝ නම්බර් 01 කියන නාමයෙන් හඳුන්වන ගෝවින්දා සහ කරිෂ්මා කපූර් යුවළද ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගත් තිරයේ සිටින යුවළකි. ඔවුන් දෙදෙනාද එක සිනමාපටයකට වඩා එකට රංගනයෙන් දායක වී ඇත. කුලි නම්බර් 01, හීරෝ නම්බර් 01, රාජා බාබු, හසීනා මාන් ජායෙගී සහ ඛුද්දාර් යනු ඒ සිනමා පටයන් වේ. අදටත් ගෝවින්දා සහ කරිෂ්මාගේ රසිකයින් ඔවුන් දෙදෙනා එකට සිටිනු දැකීමට පිස්සුවෙන් වගේ බලාගෙන සිටිති.