2016 සැප්තැම්බර් 21 වන බදාදා

උඹ දිහා බලාගෙන ඉන්නේ කළුවර විතරයි....

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 164

 

සඳ එළිය අහුරැ පිටින් වැක්කෙරිච්ච ඒ රාත්‍රිය මගේ ජීවිතයේ මම ගෙවා දමන්නට ලෑස්ති වෙන අමුතුම රාත්‍රියක් බවට  පත්වෙමින් තිබුණා. තිත්ත කළුවර යන්තමට නැති කළේ ඒ හඳ එළිය විතරයි. හඳ එළිය මත්තට යාන්තම් වෙච්චි තරැ එළියත් වැටිලා තිබුණා. එදා රුයට අයිති වෙලා තිබුණේ රත්තරන් පාට තරැ කැට ඉහිරිච්ච අහසක්. අහස ඉඹින්න තරම් ඉහළට එසවුණු දැවැන්ත ගස් මුදුන් මත කැටිවෙච්ච කළුවර අස්සේ වියළි මහ පොළොවට වැටිච්ච හඳ එළිය මැද්දෙන් මම මැහැල්ලගේ කොළ පාටට හුරැ දිලිහෙන ඇස් දිහා බලාගෙන හිටියේ මහා තිගැස්මකින්.
මට පල්ලිය මතක් වුණා. කහ පාට රෝස පිපිච්ච පල්ලියේ උද්‍යානය සඳ සේල පොරවගත්ත හැම රාත්‍රියකදීම තරම් භාවාත්මකයි. මගේ හිත ඒ උද්‍යානයේ කෙළවර කොළ පාට බංකුවට වෙලා කොච්චර නම් තනියෙන් අතීතයේ මතක එක්ක සැරිසරනවද? 
ඒත් ඒ රාත්‍රියේ දැනිච්ච සැනසිල්ල වෙනුවට මේ රාත්‍රියේ මගේ හිත වෙලාගෙන තිබුණේ මහ භයංකාර හැඟීමක්. ඒ හැඟීමෙන්ම මම කොළ පාට දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉද්දී මැහැල්ල ඇය ඇඳ සිටි තද මෙරෑන් පාට ගවුම උනා දැම්මා. 
දෙවියනේ මැහැල්ල මගෙ ඉදිරියේ හිටියේ නිරැවතින්. ඇගේ රුලි ගැහිච්ච සිරැර තද කළු පැහැයෙන් දිලිසුනා. ඇගේ පියයුරැ රුලි වැටී එලෙමින් තිබුණා. ඇගේ සිරැර දකිද්දී මගේ හිතට ආවේ වචනයෙන් කියන්න බැරි තරම් අප්පිරියා හැඟීමක්.
හම්.. දැන් උඹත් ඇඳුම් ගලවපන්
මට බැහැ මට ලජ්ජයි. මට හිරිකිතයි.
උඹයි මායි විතරක් ඉද්දී උඹට මොකටද ලජ්ජාවක් හිරිකිතයක්.
මම කීවනේ මට අප්පිරියයි කියලා.
අප්පිරියයි අප්පිරියයි
මේ රූ කළුවරේ උඹ දිහා බලාගෙන ඉන්නේ කළුවර විතරයි.... ගලවපන් ඉතින්.
මට බැහැ.
මම එහෙම කියාගෙන විල ළඟ තිබුණු ගල් තලාවේ හිඳ ගත්තා. 
අනේ මට යන්න දෙන්න.... මේ මහ කැලේ මැද්දෙන් මම පාර හොයාගෙන යන්නම්. මට ආයෙමත් පල්ලියට යන්න ඕනෑ....
මම ඉකිගගහා අඬද්දී මැහැල්ල මගේ ළඟට ඇවිත් මගේ කොණ්ඩෙන් ඇදලා මාව බිම පෙරළුවා. මම පිස්සුවෙන් වගේ ගල් තලාවේ වැතිරගෙන අහස දිහා බැලුවා. කළුවර තැවරිච්ච අහස පුරා එලපු ළා රත්තරන් පාට සළුවක් වගේ හඳ එළිය ඒ අහස පුරා විසිරිලා තිබුණා. මට තිබුණු එකම සැනසීම ඒ ඈත අහස විතරමයි. ඇස් කොනින් කඳුළු වැල් වැක්කෙරෙද්දී මම ඉවසිල්ලක් නැතුව ඒ අහස දිහාම බලාගෙන හිටියේ ඒකයි. මැහැල්ල මගේ කොණ්ඩය අල්ලලා අදිද්දී දැනෙන වේදනාව මම දරාගත්තේ ඒ අහස දිහා බලාගෙන.
අතඇරපන් මාව
මගේ මිනිහා මෙතෙන්ට එද්දී උඹ මේ විල් වතුරෙන් නාලා ඇඳුමක් නැතුව ගල් තලාවේ වැතිරිලා හිටපන්... මේ ගල්තලාවේ තමා මගේ මනුස්සයා හැම ගෑනියෙක් එක්කම මධුසමය ගෙවන්නේ....
මොකක්.... උඹ උඹේ මිනිහාව විකුනණවද ගෑනියේ.....
ගෑණු ශරීර නැතිවුණොත් ඒ මිනිහා පිස්සෙක් වෙයි.... මම වගේ වයසක ගෑනියක්ගෙන් ඒ මිනිහාට ඇති ඵලේ මොකද්ද?
එහෙම කියන ගමන් ඒ මැහැල්ල මගේ ඇඳුම් ඔක්කොම ගලවලා දාලා මාව නිරැවත් කරන්න හැදුවා. මට තවත් හිතන්න තත්පර ඉතුරැ වෙලා තිබුණේ නෑ. මුළු ශරීරයේම ලේ බිංදුවක් බිංදුවක් ගානේ කැටිවෙලා තිබිච්ච ශක්තිය එකතු කරගෙන මම එකපාරටම නැගිට්ටා...
ඒ නැගිටපු නැගිටිල්ලට මැහැල්ල කොළ පාට ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා.
මට ඇගේ නිරැවත් සිරැර දිහා බලන්නවත් දැනුණේ මහා අප්පිරියාවක්. මම ඇය පෙරළාගෙන ගල්තලාව දිගේ දුවගෙන ගියා. ඇත්තටම පොකුණට පැනලා මැරෙන්න පුළුවන්නම් කියලා මට මොහොතකට හිතුණා. ගල්තලාවෙන් වල්පුරනට අඩිය තිබ්බ මම යන අතක් ගැන කිසිම හැඟීමක් නැතුව කළුවරයි හඳ එළියයි එකතුවෙලා බිම් සෙවණැලි ඇන්ද මහ කැලේ මැද්දේ දුවගෙන ගියා. මම දුවගෙන දුවගෙන ගියේ යන අතක් කොහෙද කියලා හාංකවිසියක් නොදැනයි. ඒ දුවපු වේගයට මගේ හුස්ම වැටෙන හඬ මටම ඇහුණා.
මට එකපාරටම අර ඔරැකාරයා මතක් වුණා. මට දැනුණේ ඒ ඔරැකාරයා මගේ පිටිපස්සෙන් දුවගෙන එනවා වගේ හැඟීමක්. ඊළඟට මගේ මතකයට ආවේ ආදේශ්. කාලයක් මම මගේ ජීවිතයම කරගෙන ආදරය කරපු මනුස්සයා. දෙවියනේ මේ මොහොතෙත් ඔහු මගේ ළඟ හිටියනම්. මට මතක් වුණා දවසක් ලස්සන ගං ඉවුරක තිබුණු අවන්හලකට වෙලා රත්තරන් පාට හැන්දෑවකදී අපි බීර තොල ගාපු හැටි....
හැම දුක් කරදරයකින්ම, වේදනාවකින්ම මාව ගලවාගත්තේ ඔහු.....
එක මොහොතකට හරි ඔහුගේ උරහිසේ ඔළුව හේත්තු කරගෙන මට මගේ හිතේ මහන්සිය නිවාගන්න තියෙනවා නම්.......
කඳුළු මගේ හිතේ අහුමුළුවලට කාන්දු වුණේ උල්පතකින් වතුර එකතුවෙනවා වගේ. මට තවදුරටත් දුවන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. මම ලොකු රෑස්ස ගහක් බදාගෙන එහෙමම බිම දිගේ රෑටලා ගිහින් ඉඳගත්තා. මම මගේ හිස හේත්තු කර ගත්තේ අර රෑස්ස ගහේ දැවැන්ත කඳට.... පිරිමියකුගේ පපුතුර හිස හොවාගත්ත කලෙක තරම් මහා සතුටක් මට ඒ මොහොතේ දැනෙන්න ගත්තා.
දෙවියනේ මේ මහ ගහත් ආදරණීය පිරිමියෙක් වුණා නම්.....
ආදේශ් මගේ මතකයට යෝධ කුරැල්ලෙක් වගේ පියාඹලා ආව ඒ මොහොතේ මම ඒ ගහට  හිස හේත්තු කරගෙන හයියෙන් ඉකිගහලා අඬන්න පටන් ගත්තා.
 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00