බොලිවුඩයේ හැඩකරන හැඩකාරියන්ද ඉන්දියාවේ සාමාන්‍ය කාන්තාවන් මෙන් කරාබු විලාසිතා පළඳින්න කැමැත්තක් දක්වනවා. බොහෝ බොලිවුඩ් තාරකාවියන් විශේෂ උත්සවවලදි නා නා ප‍්‍රකාර සුන්දර කරාබු විලාසිතාවලින් සැරසෙනවා. ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ රටේ ඔබත් කාන්තාවක් නම් ඔබගේ කරාබු එකතුව ගැන හිතුවම කාන්තාවන් කොච්චර කරාබු විලාසිතාවලට කැමතියිද කියලා හිතාගන්න පුළුවන්නේ. මේ ලිපියෙන් බොලිවුඩ් හැඩකාරියන් තම දෙකන හැඩ කරගන්නා විලාසිතා ගැන අද අපි ඔබට කියනවා.
සාවරියා හින්දි සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ගේ මනසේ නොමැකෙන සටහනක් තබා ගත් අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ගැන අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සෝනම් කපූර් බටහිර සහ සාම්ප‍්‍රදායික විලාසිතාවලින් සැරසුණත් බොහෝ විශේෂ උත්සවයන්වලදී දෙකනින් එල්ලෙන කරාබු විලාසිතාවලින් හැඩ කරගන්න අමතක කරන්නේ නැහැ.
02. විද්‍යා බාලන්
බොලිවුඩයේ එකකට එකක් වෙනස්ම චරිතයන්ට පණ පොවන විද්‍යා බාලන් බොහෝ විට විශේෂ උත්සවවලදි හැඩවෙන්නේ සාරි විලාසිතා වලින්. ඇය තමන්ගේ පෙනුමේ අලංකාරය වැඩි කරගන්න අනිවාර්යෙන්ම දෙකනේ කරාබු පළඳින අතර ඇය තමන්ගේ දෙකන හැඩ කරගන්නේ මෙන්න මේ විලාසිතා වලිනුයි.
බොබෝ කිව්ව ගමන් ඒ කරීනා කපූර් බව බොහෝ දෙනෙක් දන්න දෙයක්. ඇය විලසිතා කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන කෙනෙක්නේ. ඒ වගේම ඇය සාරි, සල්වාර් වගේ ඇඳුම් විලාසිතා වලින් හැඩවෙන හැමවිටම වගේ දෙකන හැඩ කරගන්නා විලාසිතා කරන්නත් මතක නොකරන බොලිවුඩයේ ඉන්න දඟකාර, හැඩකාරියක් බව මේ පළකරන ඡායාාරූපවලින් ඔබට අනිවාර්යයෙන්ම දැකගන්න පුළුවන්.
අනුෂ්කා ශර්මා සාරි ඇන්දත්, ලෙගින් ඇන්දත් තමන්ගේ කන්දෙක නම් නා නා ප‍්‍රකාර කරාබුවලින් හැඩ කරගන්න අමතක නොකරන බොලිවුඩයේ ඉන්න කෙළිලොල් සුරෑපිනියක්. දීපිකා පදුකෝන් තමන්ගේ විවාහය දවසේ පැළඳගෙන හිටි ආකාරයේම කරාබුවලින් අනුෂ්කා ශර්මා තම විවාහය දවසේ තම දෙකන සරසගන්න අමතක කළේ නැහැ. අනුෂ්කා ශර්මා තම විවාහය දින පැළඳූ කරාබු විලාසිතාව අද වනවිට ඉන්දියාවේ ඉන්න බොහෝ තරැණියන්ගේ විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා.
දීපිකා පදුකෝන් කියන්නේ රේඛා සහ විද්‍යා බාලන් වගේ විශේෂ උත්සව අවස්ථාවන්හිදී සාරිවලින් හැඩවෙන නිළියක්. ඒ වගේම තමයි ඇය සාරියට ගැළපෙන ආකාරයට දෙකනේ විලාසිතාවන් කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ. දීපිකා බොහෝ වෙලාවට දේශීය සම්ප‍්‍රදාය අනුව ඇඳුම් ආයිත්තම් පැළඳගෙන උත්සවවලට සහභාගී වන කෙනෙක් වන අතර ඉන්දියාවේ බොහෝ කාන්තාවන් දීපිකාව අනුගමනය කරනවා කිව්වොත් එය ඉතාම නිවැරදියි.