2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අපිට NO Fit උන්ට හරි Fit කොමික්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

චිත්‍රකතා කියන්නේ මචෝ ලෝකයේ ගොඩක් පරණ Trend එකක්. ලංකාවේත් අපේ වැඩිහිටි පරම්පරාවට අතර ලොකුවට තිබ්බ Trend එකක්. චිත්‍රකතා පත්තර ගැන ඒ චරිත ගැන පැය ගණනක් වුණත් කයිය ගහන්න අපේ Uncle ලා aunts ලා ඔට්ටුයි හරිය. හරි පරණ කතා පැත්තකින් තියමුකෝ මචෝ. අද Y Trend එක Line වෙන්නේ නූතන ලෝකයේ කොමික් (Comic) ගැන.

ඇත්තම කිව්වොත් ලංකාවේ වර්තමානයේ කොමික් කියවන්න ලොකු උනන්දුවක් නෑ පැංචෝ. ඒ නිසාම ලොකු Trend එකකුත් කොමික් ගැන නෑ. ඒත් ලෝක මට්ටමින් බැලුවාම කොමික්වලට තිබ්බ උනන්දුව එදා වගේම අදත් තියනවා. ඒ වගේම ඒක තවමත් පට්ට Y Trend එකක්. ලංකාවේ අය කොමික් ඇසුරු කරන් හදන Film, TV Series එහෙම බැලුවාට කියවන්නේ නෑම නෑ. ඒත් මෑතක අපි දැක්ක දෙයක් තමා ලාවට මේ Trend එක අපේ Youngers ලා අතර පටන් ගන්නවා. ඒ නිසාම තමා අපි අද නූතන Comic මේ වගේ Y Trend එකක් අපි සුදාලට දෙන්නේ.

අපේ කට්ටියය Marvel වගේම DC Films බලනවානේ. එක සුන්දරා කොමික් සාගරයෙන් දිය දෝතක් අරගෙන රස බලනවා වගේ වැඩක්. පොඩි උදාහරණයක් කියන්නම් Marvel Universe එකේ කියන්නේ මාවෙල් විශ්වයේ. තවත් සරලව කියනවා නම් ඔය අයන් මෑන්ලා කැප්ටන් ඇමෙරිකාලා ඉන්න චිත්‍රකතා ලෝකයේ පහුගිය අවුරුදු 70 විතරක් නිර්මාණය වුණ කොමික් 32,000 ක් විතර තියනවා කියලා කියනවා. කොහොම ඒක. මචෝ මේ අපි කතාකරන මොහොතෙත් කොමික් සිය ගණන් නිර්මාණය වෙනවා. ඇත්තට මේක දැවැන්ත ව්‍යාපාරයක් මචෝ.

සිරාවට අපි මේ කොමික් ගැන කතා කළොත් රියල් කොමිසමේ Fans ලා හිනාවෙනවා මචෝ එකෙන්ම. හැබැයි මේ Trend එකේ ඉන්න ඒ Fans ලා ගැන කතා කළාට එයාලා හිනාවෙන එකක් නෑ මචෝ. ඇත්තටම Comic Fans ලා කියන්නේ. ක්‍රීඩාවට සිනමාවට ඉන්න Fans ලාට වඩා ගොඩක් දියුණු කට්ටියක්. හේතුව ඒ ගොල්ලොත් මේ කොමික් ලෝකේ කොටස්කාරයෝ. ලෝක මට්ටමින් එයාලා ගැන කතාකරන්න ගියොත් තොරතුරු ගොඩාක් තියෙනවා. ලංකාවේ Comic Fans ලා ගැන ඒ නිසා අපි මුලින්ම කතා කරන්නම්.

ලංකාවේ කොමික් Fans අද වෙනකොට වෙනම රසික සමාජ හදාගෙන ඉන්නවා. එයාලා කොමික් හුවමාරු කරගන්නවා. ඒවා ගැන සාකච්ඡා විවාද වගේ ඒවා පවත්වනවා. ඇත්තටම මෙයාලා ලොකු පිරිසක් නැති වුණාට වැඩේ ලස්සනට කරගෙන යනවා. ලංකා කොමික් කොන් එක ගැන සුදාලා සමහරවිට අහලා ඇති. ඒක කරන්නේත් මේ සෙට් එක එකතුවෙලා. එක වෙනම ආතල් එකක් මචෝ.

කොමික් කොන් කියන්නේ මොකද්ද කියලා ලාවට කියන්නම්. ලංකා කොමික් කොන් එක කියන්නේ ලාංකික ගීක්” සංස්කෘතියේ උත්සවයක්. සාමාන්‍යයෙන් ගීක් සංස්කෘතිය කිව්වම අපිට මතක් වෙන්නෙ බටහිර ගීක් සංස්කෘතියයි. ඒ කියන්නේ ඔය විද්‍යා ප්‍රබන්ධ, මායා කථා, ඩීසී මාවල් කථා වගේ ඒවා. ලෝකය පුරා මේ සංස්කෘති  ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ගැන වෙනම Y Trend එකක් කරන්න වෙයි පැංචෝ. කොහොම හරි කොමික් කොන් එකත් ඒකේ කොටසක්.
මේක කොමික් අයගේ අවුරුද්ද වගේ. කට්ටිය යාළුවො සෙට් කරගෙන, කොමික් ඇඳුම් හදාගෙන, කොමික් පොත්, කාටුන් හෙම ආයෙත් බලල මේකට කට්ටිය එන්නේ පිස්සුවෙන්. කාලා බීලා හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙන විදිහට තමා වැඩේ සංවිධානය වෙන්නේ. ඒ වගේම කොමික් ලෝකයේ දේවල් මිලදී ගන්න එහෙමත් මෙතැනදී අවස්ථාව උදාවෙනවා. කොහොම වුණත් ඒ එන හැමෝම රියල් කොමික් පිස්සෝ කියලා කියන්න බෑ. හැබැයි ලංකාවේ Comic Y Trend එක ක්‍රමයෙන් වර්ධනය වෙන්නෙ මේ හරහා සහෝ.

ලෝකය පුරා අද වෙනකොට Comic කලාගාර, එතකොට Museum එහෙමත් තියෙනවා. හිතාගන්නකෝ Trend එකේ තරම. ලංකාවේත් මේවා පොඩ්ඩ පොඩ්ඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම Comic History කියන්නේ වෙනම Subject එකක්. ඒ ගැන Blog, Web එහෙම සෑහෙන්න ලියවෙනවා. එතකොට Comic චරිත විශ්ලේෂණය කියන්නෙත් සුපිරි සීන් එකක් තමා. අද American Comic වගේම Japan Comic කියන්නේත් වෙනම සීන් එකක්. ඒ ගැන අපි පස්සේ වෙලාවක කතා කරමු. දවසක් අපි Comic Fashion ගැන එහෙම කතා කළා. ඒක ඉතින් සිරාවටම පිස්සුවක් සුන්දරා.

Marvel සහ DC රසික සමාජ අතර ගැටුම කියන්නේ මේ සීන් එකේ සුපිරි සීන් එකක්. ඒ වෙනුවෙන් තියෙන විවාද සංවාද එහෙම ලෝකයේ සෑහෙන්න ප්‍රසිද්ධයි. ලංකාවේත් මේ සීන් එක ලාවට තියෙනවා. හැබැයි සීන් එකේ නැති අයට මේ අය කියන දේවල් අපබ්‍රංස වගේ. සමහර වෙලාවට ජෝක් වගේ මචෝ. ඒත් සීන් එක ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔළුව දැම්මම මේක පට්ට ආතල් සීන් එකක්. අද වෙනකොට ගොඩක් දෙනෙක් කොමික් කියවන්නේ Internet එකෙන්. ඒත් තාමත් කොමික් සඟරා එනකල් බලාගෙන ඉන්න රසිකයෝත් ඕනෑතරම් ඉන්නවා.

ලංකාවේ ඉතින් සිත්තර පත්තරෙන් චිත්‍ර කතා බලපු අයට මේ සීන් එක දුර වුණේ  භාෂා ප්‍රශ්නය නිසා නැත්නම් ලංකාවේත් මේක නැගලා ගිහිල්ලා. අනික අපි පොඩිකාලේ බලපු ගොඩක් කාටුන් කියන්නේ ලෝක ප්‍රසිද්ධ කොමික්. ඒ කියන්නේ අපිත් කොමික්කාරයෝ සුන්දරා. හරි ඒවයින් කාරි නෑ මා පුතා... මේ මරු Y Trend එකක්. ඒ වුණාට බාල, මහළු තරුණ කියලා මේ සීන් එකට අදාළ නෑ. ඒ නිසා හිමීට කැමති අය Try කරලා බලන්නකෝ. හැබැයි ඇබ්බැහි වෙන සුළුයි. ඔන්න නොකිව්වා කියන්න එපා පැංචෝ.