බොලිවුඩය තුළ නිළියන් බොහෝ ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ නිළියන් චරිතයන්ට පණපොවන්නට දක්වන දක්ෂතාව නිසා වගේම ඔවුන්ගේ සුන්දරත්වය නිසාත් ලොව පුරා සිටින බොහෝ දෙනෙක් ඔවුන්ට ආදරය කරනවා. කොපමණ රසික රසිකාවියන් පිරිසක් තමන්ට ආදරය කළත් බොලිවුඩ් නිළියන් බොහෝ දෙනෙක් රෑපලාවණ්‍ය සැත්කම් හෝ සම පැහැපත් කරගන්න ප‍්‍රතිකාර ලබාගෙන තවදුරටත් තමන්ගේ ආකර්ෂණය සහ සුන්දර බව වැඩිකර ගන්න උත්සාහ කරනවා. අද අපි අන්න ඒ වගේ සම පැහැපත් කර ගැනීමේ ප‍්‍රතිකාරවලට යොමුවෙලා ඉන්න නිළියන් කිහිප දෙනෙක් ගැන ඔබට කියනවා.
01. සුදු වුණේ ගෙදරම ඉඳන්ලු - කාජොල්
කාජොල් බොලිවුඩ් සිනමාවට පිවිසෙන විට ඇයගේ සමෙහි පැහැය තරමක් අඳුරු ස්වභාවයක් ගත්තා. ටික කලක් යද්දී කාජොල් තමන්ගේ සම පැහැපත් කර ගැනීම සඳහා ප‍්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඇයගේ අලුත් පෙනුම දැකලා ඇයට ආදරය කරන ඇයගේ ප්‍රේක්ෂකයන් පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඒත් ඇය තමන් කිසිදු විටෙක සැත්කමක් නොකළ බව කියනවා. විවාහයෙන් අනතුරුව රෑගත කිරීම්වලට සහභාගි නොවී නිවස තුළම රුඳී සිටි නිසා තමන්ගේ සමෙහි පැහැපත් බව වැඩිවුණා කියලා කාජොල් කියනවා.
02. රෑට කෑවෙම සලාද - දීපිකා පදුකෝන්
බොලිවුඩයේ නම ඉහළින්ම තියාගෙන සිටින දීපිකාගේ සුන්දරත්වයට උමතු වූ ලක්ෂ ගණනාවක් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. එහෙත් දීපිකා බොලිවුඩයට පිවිසෙන මුල් කාලයේදී ඇයගේ සම අඳුරු පැහැයක් ගත් බව ඔබ වුණත් දැකලා නොතියෙන්න බැහැ. දීපිකා මේකප්වලින් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන් තමන්ගේ සමෙහි සුන්දරත්වය වැඩි කරගෙන තියෙනවා. දීපිකා රෑට හොඳ සලාද පිඟානක්ම කනවා. ඒ වගේම ඇයත් තමන්ගේ සම සුදුකර ගන්න සම සඳහා වන රෑපලාවණ්‍ය ප‍්‍රතිකාර ලබාගෙන තියෙනවා කියලත් බොලිවුඩයේ තතු දත් අය කියනවා.
03. මෙලනින් අඩු කරන්න සැත්කම් කළා - ප‍්‍රියංකා චොප්රා
ප‍්‍රියංකා චොප්රාද සිනමාවට පිවිසෙන විට ඇගේ සමත් අඳුරු පැහැයෙන් යුතු බව ඇයගේ මුල් කාලයේ ඡායාරෑපවලින් දැකගන්නට පුළුවන්. ඇයගේ සමේ අඳුරු පැහැය ගැන බොහෝ දෙනෙක් විවිධාකාර අදහස් දැක්වූ අතර ඇය ජාතිවාදයේ ගොදුරක් බවටත් පත්වෙනවා. ඇයගේ සමෙහි පැහැය හේතුවෙන් ඇයට නොයෙක් විට චරිත පවා නොලැබී තියෙනවා. ප‍්‍රියංකා නාසය සහ දෙතොල් ශල්‍යකර්මයකින් සකසාගෙන තියෙන අතර සම පැහැපත් කර ගැනීමේ ප‍්‍රතිකාරත් ලබාගෙන තියෙනවා. ප‍්‍රියංකා අවුරුදු හතකට පමණ පෙර මෙලනින් අඩුකිරීමේ සැත්කමකට භාජනය වුණු අතර ඇය මේ වනවිට බොලිවුඩ්වල විතරක් නොව හොලිවුඩ්වලත් ජනප‍්‍රිය කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා.
04.යෝගා - කෑම ඇගේ රහසයි - ශිල්පා ෂෙට්ටි
ශිල්පා ෂෙට්ටිගේ සුන්දරත්වය වයසට යන යන්න වැඩිවන බව ඔබත් දැක නොතියෙන්න බැහැ. මේ වනවිටත් ශිල්පා කියන්නේ සරාගී සහ ආකර්ෂණීය නිළියක්. ශිල්පාගේ සිරුරේ සුන්දරත්වයේ රහස් කිහිපයක්ම තියෙනවා. යෝගා අභ්‍යාසවල නිරතවීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වගේම රෑපලාවණ්‍ය සැත්කම් නිසා ඇය දවසින් දවසම තරුණ බවට පත්වෙනවා. නාසයේ සැත්කම්වලට අමතරව ඇය ස්කින් ටෝන් වෙනුවෙන් ස්කින් වයිට්නිංග් ට්‍රිට්මන්ට් පවා කරගෙන තියෙනවා.
05.ඇගේ පාටට ඇයම ආසයිලු - බිපාෂා බාසු
රාස් සිනමාපටයෙන් බොලිවුඩයට පා තැබූ බිපාෂා තළෙළු සමක් සහිත සුන්දරත්වයෙන් පිරිපුන් නිළියක්. ඇය බොහෝ මාධ්‍ය සාකච්ඡාවන්වලදී තමාගේ සමේ පැහැයට තමන් බෙහෙවින් ආදරය කරන බවත් තමන් සරාගී සහ ආකර්ෂණීය කෙනෙක් වෙලා තියෙන්නේ තම සමෙහි පැහැය හේතුවෙන් කියලත් කියලා තියෙනවා. ඒත් වසර කිහිපයකට කලින් බිපාෂාත් ඇයගේ සමෙහි වර්ණය සැත්කම් මගින් වෙනස් කරගෙන තියෙනවා. බිපාෂා බාසුගේ වසර කිහිපයකට කලින් ඡායාරෑප සහ දැන් ඡායාරෑප ගෙන බැලුවොත් ඒක දැකගන්න පුළුවන්.
06. කළු අරින්න තාක්ෂණෙන් වැඩ ගත්තලු - මෞනි රෝයි
රූපවාහිනියේ සිනමාවේ සහ සමාජ මාධ්‍යවලිනුත් මෞනිගේ සුන්දරත්වය දැකගන්න පුළුවන්. ඒත් මෞනිගේ දැවැන්ත පරිවර්තනය හැමෝම පුදුමයට පත් කළා. මෞනි සම සුදු කරගන්න ග්ලූ-තියෝන් කියන ස්කින් ලයිට්නිං තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා.
මේ කිව්ව අයට අමතරව රේඛා, ශ්‍රී දේවී, රාණි මුඛර්ජි වගේ නිළියන් බොහෝ දෙනෙක්ම තමන්ගේ සම සුදු කරගන්න රූපලාවණ්‍ය ක්‍රමවේදයන්හි සහාය ලබාගෙන තියෙනවා. ඒත් තමන් මේ වන තෙක් තමන්ගේ සම පැහැපත් සහ සුන්දර කරගන්න රූපලාවණ්‍ය සත්කාර භාවිත කළ බව පිළිගෙනනම් නැහැ.